• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

අලියගේ වලිගෙන් දිව්‍යලෝකෙ යන රාජපක්ෂලා සහ ඩලස්-ජී.එල්. ඔක්තෝබර් විප්ලවය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

September 3, 2022
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
අලියගේ වලිගෙන් දිව්‍යලෝකෙ යන රාජපක්ෂලා සහ ඩලස්-ජී.එල්. ඔක්තෝබර් විප්ලවය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

රනිල් පොහොට්ටුව පත්කරපු ජනාධිපතිවරයාය. එහෙව් පොහොට්ටුවේ ජනාධිපති රනිල්ගේ මංගල අයවැය අහලා පොහොට්ටු නායක මහින්ද පාර්ලිමේන්තුවෙන් එළියට එන විට මාධ්‍යවේදීන් මහින්දගෙන් ඇහුවේ අයවැය කොහොමද කියාය. මහින්ද තමාට පිටුපසින් එන විපක්ෂ නායක සජිත්ව පෙන්වා ඔහුගෙන් අහන ලෙස කියා මාරුවිය.

මහින්දගේ දේශපාලනයට වයස අවුරුදු 50කට වැඩිය. මේ අවුරුදු 50 තුළ මහින්ද ආණ්ඩුවේත් විපක්ෂයේත් සිටිමින් අයවැයක හොඳ නරක කියා තිබේ. මහින්දගේ වසර 50ක දේශපාලන ඉතිහාසයේ පළමු වරට මහින්දට අයවැය ගැන වචනයක් කියා ගන්න බැරි තරමට මහින්ද අසරණ වී තිබේ. මහින්දගේ මේ අසරණකම ගැන හොඳම කතාව කීවේ පසුගිය සතියේ මන්ත්‍රීවරු 13ක් සමග ආණ්ඩුවෙන් එළියට ආ මහාචාර්ය ජී.එල්. පීරිස්ය. ඔහු කිව්වේ පසුගිය ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේදී තමා පොහොට්ටු සභාපති ලෙස පොහොට්ටු නායක මහින්ද සමග රට පුරා වේදිකාවක් වේදිකාවක් ගානේ ගිය බවත්, තමාත් මහින්දත් ජනතාවට දුන් ප්‍රතිඥාව ආපසු හැරවීමට තමාටවත් මහින්දටවත් පොදුජන පෙරමුණටවත් බැරි බවත්ය.

ජී.එල්.ගේ ඒ කතාවට අනුව අද අසරණ වී ඇත්තේ මහින්ද පමණක් නොව පොදුජන පෙරමුණට ඡන්දය දුන් හැම ඡන්දදායකයාම අසරණ කොට ඇත.

‘පොදුජන පෙරමුණ අසරණ කළේ කවුද…?’

පොදුජන පෙරමුණ අසරණ කළේ වෙන කවුරුවත් නොව අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකෙ යන්න ගිය රාජපක්ෂ පවුලය.

‘රනිල් කියන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා ඇති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කතා කරන භාෂාව දන්නා, මේ අර්බුදය ගොඩ දාන්න පුළුවන් දැනට ඉන්න හොඳම කෙනා. ඒ හින්දයි අපි රනිල්ට ජනාධිපතිකම පරිත්‍යාග කළේ…’

මේ, නාමල් රාජපක්ෂ රනිල්ට ජනාධිපතිකම දීමේ හේතුව සාධාරණීකරණය කළ හැටිය.

‘ඔය මොන බොරු කතාවක්ද? අයි.එම්.එෆ්. එක්ක කතා කරන භාෂාව හොඳටම දන්න මිනිහෙක් ජී.එල්. පීරිස්. රනිල් කියන්නේ නීතිඥයෙක්. ජී.එල්. කියන්නේ මහාචාර්යවරයෙක්. රනිල්ගෙත් විශ්වවිiාලයේ ගුරා. මේ වැඩේ ගොඩදමන්න හොඳම මිනිහා අපිට පොහොට්ටුව ඇතුළේම හිටියා. ඒ මිනිහට නොදී මේක රනිල්ට දුන්නේ රටවත්, පොහොට්ටුවවත් ගොඩදමන්න නෙවෙයි. පවුල ගොඩදමාගන්න…’

මේ පරණ වාමාංශික නායකයෙක් කී කතාවය.

කතාව ඇත්තය. ජී.එල්. නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහු ලොව සුපතළ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රෝඩ්ස් ශිෂ්‍යත්වලාභියෙකි. ඔහු රෝඩ්ස් ශිෂ්‍යත්වය හිමිකර ගත්තේ ඔක්ස්ෆර්ඩ්හි ආචාර්ය උපාධිය හදාරන්නටය. ඔහු ඔක්ස්ෆර්ඩ්හි පමණක් නොව කීර්තිමත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙත් අධ්‍යාපනය ලැබූ අයෙකි. ඔහුගේ උගත්කමට සරිලන දේශපාලනඥයෙක් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ බිහිවී නැත. ඒ වගේම ඔහු ලංකාවේ වසර 6ක් මුදල් රාජ්‍ය ඇමැති ධුරය දරපු අයෙකි. 1994 චන්ද්‍රිකා, ජී.එල්.ව මුදල් රාජ්‍ය ඇමැති ධුරයට පත් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සමග ගනුදෙනු කරන්න ඔහුට තිබුණු හැකියාව නිසාය. ඔහු 1995 සිට ලංකාවේ අයවැය 6ක් ඉදිරිපත් කළ මුදල් ඇමැතිවරයෙකි. ඔහු ඒ අයවැය ඉදිරිපත් කළේ මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ගනුදෙනු කරලාය. රනිල් පළමු වතාවට මුදල් ඇමැති වූයේ රාජපක්ෂලාට පින් සිදුවන්නටය. 1993, 2002, 2015 රනිල් අගමැති වූ කිසිම අවස්ථාවක මුදල් ඇමැතිකම භාරගත්තේ නැත. ඔහුව මුදල් ඇමැති කළේ ගෝඨාභය, රාජපක්ෂ පවුල සහ පොහොට්ටුවය. එහෙම බලනකොට ජී.එල්.ට මුදල් ඇමැති ධුරයේ තියෙන අත්දැකීම් සහ පළපුරුද්ද රනිල්ට නැත.

අනෙක 1994 මහ මැතිවරණය වන විට ඇමෙරිකාව ඇතුළු බටහිර තානාපති කාර්යාල හිටියේ යූ.ඇන්.පී. ආණ්ඩුව සමගය. කොළඹ විශ්වවිද්‍යාලය හරහා ගැටුම් නිරාකරණ අධ්‍යයන පාඨමාලාවක් හදාරා ජී.එල්. කොළඹ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු සමග ඇමෙරිකාව සහ බටහිර තානාපති කාර්යාල සමග සමීප සබඳතාවක් හදාගත්තේය. එකල ලංකාවේ ඇමෙරිකානු තානාපති හිටියේ තෙරිෂිටාය. ජී.එල්. ඇය සමග මිතුරු විය. 1994 මහ ඡන්දය නිදහස් සහ සාධාරණව පවත්වන්න යූ.ඇන්.පී. ආණ්ඩුවට බලපෑම් කරන්න ජී.එල්. ඇයගේ බලය යොදා ගත්තේය. චන්ද්‍රිකාට තිබූ තර්ජන හේතුකොට ගෙන ඡන්දය දිනයේ ඇයට ආරක්ෂාව සපයන්න ඇමෙරිකානු තානාපති කාර්යාලය සමග ගනුදෙනු කළේද ජී.එල්.ය. ලංකාවේ සාම ක්‍රියාවලියට මැදිහත් වෙන්න නෝර්වේට ආරාධනා කළේද ජී.එල්.ය. රනිල් ජී.එල්.ව චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් කැඩුවේ ජී.එල්.ගේ මේ ජාත්‍යන්තර සබඳතා නිසා චන්ද්‍රිකාගේ ආණ්ඩුව ශක්තිමත් වෙන බව දැනගෙනය. 2002 රනිල්ගේ ආණ්ඩුවට සම්බන්ධ වූ ජී.එල්. 2002 ලංකාවට ආධාර කරන ඔස්ලෝ සමුළුව 2003 ලංකාවට ආධාර කරන ටෝකියෝ සමුළුව සංවිධාන කළේ ජී.එල්.ය. 2015 රනිල් අගමැති වී මෙවැනි ලංකාවට ආධාර කරන එකදු සමුළුවක්වත් සංවිධාන කරගත නොහැකි වූයේ ජී.එල්.ලා වගේ මිනිස්සු රනිල්ගේ ආණ්ඩුවේ නොසිටි නිසාය.

ජී.එල්. 1994 ශ්‍රී ලනිපයට අහිමිව තිබූ යූ.ඇන්.පී.ය බද්දට ලියාගෙන තිබූ ඇමෙරිකානු බටහිර සහාය ශ්‍රී ලනිපයට හිමිකර දුන්නේය. ඒත් චන්ද්‍රිකා ඒවා නැතිකර ගත්තාය. 2005 මහින්ද ජනාධිපති වූ විට ජී.එල්. යළි මහින්ද ළඟට ගියත් මහින්ද ඇමෙරිකානු සහ බටහිර විරෝධයක් විය. මේ නිසා ජී.එල්.ට තමා සතු ජාත්‍යන්තර සබඳතාවලින් මහින්දට උදව් කිරීමට නොහැකි විය.

පසුගියදා එස්.බී. කිව්වේ පොහොට්ටුව එක්ක ඇමෙරිකාව, මූල්‍ය අරමුදල කිට්ටු නැති නිසා මේ අර්බුදයෙන් ගොඩ එන්න ඔවුන්ගේ සහාය අවශ්‍ය නිසා ඒ සහාය දිනාගැනීමට හැකි එකම මිනිහා රනිල්ව ජනාධිපති කළ බවය. මේ සහාය දිනාගන්න පුළුවන් හොඳම මිනිහා පොහොට්ටුවේ ඉන්නා බව එස්.බී. දනී. ඔහු පොහොට්ටුවේ සභාපති බවත්, එස්.බී. දනී. ඒත් රාජපක්ෂලා තරහ කරගන්න බැරි නිසා එස්.බී., ජී.එල්.ව හංගලා රනිල්ගේ ගුණ වයයි.

‘ගෝඨා ජී.එල්.ව ජනාධිපති කළා නම් මොකද වෙන්නේ…?’

ගෝඨා ජී.එල්.ව ජනාධිපති කළා නම් අද තියෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවකි. පොහොට්ටුවේ ඇමැති මණ්ඩලයකි. පොහොට්ටුවේ රාජ්‍ය ඇමැති මණ්ඩලයකි. මේ ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් හොඳම මිනිහාට ජනාධිපතිකම නොදී අලියාගේ වලිගෙ එල්ලිලා රාජපක්ෂ පවුල දිව්‍ය ලෝකෙ යන්න ගිහින් පොහොට්ටුව දමා ඇත්තේ අලි අමාරුවකය.

මේක ජී.එල්. මෙන්ම ඩලස්ද හොඳින් දනී. ඩලස් කියන්නේ මහින්දගේ ප්‍රතිරූපය හදපු මිනිහාය. මහින්ද 2004 අගමැති වෙන විට ශ්‍රී ලංකාකාරයන් මිස ජනතාව මහින්ද කවුද කියලා දන්නේ නැත. මහින්දගේ උඩු රැවුල මහින්දගේ කුරහන් සාටකය හරහා ගැමි සිංහල බෞද්ධ නායකයෙක්ගේ ප්‍රතිරූපය මහින්දට ඇන්දෙව්වේ ඩලස්ය.

ඩලස් සහ ජී.එල්. කියන්නේ ලංකාවේ දේශපාලනයේ නායකයන් නිර්මාණය කරපු අපූරු චරිත දෙකකි. 1994 මහ මැතිවරණයේ ජී.එල්., චන්ද්‍රිකාගේ ජාත්‍යන්තර ප්‍රතිරූපය හදන විට ඩලස් මහජනතාව අතර චන්ද්‍රිකාගේ භීෂණයට එරෙහි සැමියා අහිමි කාන්තාවකගේ ප්‍රතිරූපය හැදුවේය. ජවිපෙ ආකර්ෂණයට ලක්වූ තරුණ තරුණියන්ට බණ්ඩාරනායක පවුල පෙන්වන්න බැරි වුණත් දකුණේ පළාත් සභා ඡන්දයේදී චන්ද්‍රිකා ජවිපෙ තුළ ජනප්‍රිය කෙරෙව්වේ ඩලස්ය. 2001 මේ දෙන්නාටම චන්ද්‍රිකා පල නොකියා පලා බෙදුවාය. මේ දෙන්නාම චන්ද්‍රිකා හැර ගියහ. ජී.එල්. යූ.ඇන්.පීයට ගියත් ඩලස් යූ.ඇන්.පී.යට ගියේ නැත. 2001 චන්ද්‍රිකාගේ අවසානය ආරම්භ විය. පසුව ඩලස් ශ්‍රීලනිපයට අලුත් නායකයෙක් හැදුවේය. ඒ මහින්දය. පසුව ජී.එල්.ද මහින්දට එක්විය. බැසිල් පොදුජන පෙරමුණ හැදුවේත් ජී.එල්.ලා සහ ඩලස්ලා එක්කය. බැසිල් ජී.එල්.ව සභාපති කළේ ජී.එල්.ලා කරපු කැපකිරීම් නිසාය. 2019 ජනාධිපතිවරණයේදී ගෝඨා දින්නේ අලුත් තරුණ ඡන්ද නිසාය. ගෝඨා ඒ ඡන්ද ගත්තේ වියත් මග හරහා උගත් බුද්ධිමතුන් පොහොට්ටුවට එක්කර ගෙනය. චරිත හේරත්, චන්න ජයසුමනලා දේශපාලනයට ආවේ ඒ හරහාය. අද ඔවුන් එක්වී ඇත්තේ ඩලස් සහ ජී.එල්.ලා සමගය. පොහොට්ටුවේ මඩ නොගාගත්, අතේ ලේ නැති චරිත ඉන්නවා නම් ඔවුන් අද ඉන්නේ ජී.එල්.ලා සහ ඩලස්ලා එක්කය.

2001 චන්ද්‍රිකා ජවිපෙ සමග එක්වී ශ්‍රීලනිපය විනාශ කරන විට ඔවුන් චන්ද්‍රිකාගෙන් වෙන් විය. අද රාජපක්ෂ පවුල රනිල් සමග එක්වී පොහොට්ටුව විනාශ කරන විට ඔවුන් රාජපක්ෂ පවුලෙන් වෙන්වී පොහොට්ටුවේ පාක්ෂිකයන් සමග අලුත් ගමනක් යන්න සූදානමින් සිටී. රාජපක්ෂ පවුල රනිල් සමග එක්වී කඩපු පොහොට්ටුවේ කොන්ද යළි කෙළින් කිරීමට ඔවුන් අලුත් ගමනක් පටන්ගෙන තිබේ.

2001 ඩලස් සහ ජී.එල්. අලුත් ගමනක් පටන්ගත්තේ ඔක්තෝබරය ආසන්නයේය. අද ඩලස් සහ ජී.එල්. අලුත් ගමනක් පටන්ගෙන ඇත්තේත් 2022 ඔක්තෝබරය ආසන්නයේය. ඔක්තෝබරය විප්ලවවලට කියාපු මාසයකි. ඒක මතක් කරන්නේ රුසියානු විප්ලවයය.

‘2001 විප්ලවයෙන් චන්ද්‍රිකා ඉවර වුණා සේ 2022 විප්ලවයෙන් රාජපක්ෂ – රනිල් හවුල ඉවර වෙයිද…?’

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි 2015 රනිල්ට ආණ්ඩුව අරන් දුන් මෛත්‍රීපාලට එරෙහිව ආ ‘මහින්ද සුළඟ’ වගේ අද රනිල්ට ජනාධිපතිකම අරන් දුන්න රාජපක්ෂලාට එරෙහිව ‘ඩලස් – ජී.එල්. සුළඟ’ අලියාගේ වලිගේ එල්ලිලා දිව්‍ය ලෝකෙ යන්න ගිය ගමයාටත් ගම පවුලටත් වුණු දේ රාජපක්ෂ පවුලට මතක් කර දෙනු ඇත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අලුත් ගමනකට ඩලස්ලා ‘නිදහස’ හදයි! (VIDEO)

Next Post

මාස 3ට පාතාලය මිනිස් බිලි 30ක් ගනී! බස්නාහිරින් 18ක්! දකුණෙන් 12ක්!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.