අලිබාබා සමූහයේ නිර්මාතෘ ජැක් මා පදනම හා අලි බාබා පදනම එක්ව කොරෝනා රෝගය හඳුනා ගැනීමේ උපකරණ කට්ටල 20,000 ක් මෙරටට පරිත්‍යාග කර තිබේ.
ඇමරිකානු ඩොලර් 129,011 වටිනා මෙම වෛද්‍ය උපකරණ කට්ටල ඔවුන්ගේ මෙරට නියෝජිතයන් විසින් අද (16) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදුන්නේය.
මෙම පරිත්‍යාගය කර ඇත්තේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහය දැක්වීමක් වශයෙනි.










