එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතා පත්කොට පැය 24ක් ඉක්ම යාමට මත්තෙන් පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සිරිකොත සිය කාර්යාලයේ තිබූ සියලුම ලිපිලේඛන ඇතුලු බඩුබාහිරාදිය ඉවත් කරගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ සිය හිතවතුන් පිරිසක් සමග සිරිකොතට පැමිණ ඇති නවීන් දිසානායක මහතා මෙසේ සිය ලිපි ගොනු ඉවත් කරගෙන ගොස් ඇති බව දැනගන්නට ඇත.
මීට අමතරව රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස තේරී පත්වීමත් සමග මාධ්‍යයට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ අර්ජුන රණතුංග මහතාද කියා සිටියේ මේ අයුරින් පක්ෂය පරම්පරාවෙන් පරම්පරාවට යාම පිළිගත නොහැකි බවත්, තමන් ඒ සම්බන්ධයෙන් දැඩි කලකිරීමට පත්ව සිටින බවත්ය.










