• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

අරගලකාරයා කුවේණිගේ! කව්ද මේ මුදලිගේ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

August 13, 2022
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
අරගලකාරයා කුවේණිගේ! කව්ද මේ මුදලිගේ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ලංකාවේ හත්වැනි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නට බල කරන අරගලය දිහා ලොවම බලා සිටියදී ඉන්දියාවේ ජනාධිපති ධුරයට ගෝත්‍රික කාන්තාවක් වූ ද්‍රෞපදි පත්වූයේත් ලොවම කුතුහලයට පත්කරවමිනි. ද්‍රෞපදි ජනාධිපති ධුරයට පත් වූයේ 2022 ජූලි 25 වැනිදාය. ගෝඨා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූයේ 2022 ජූලි 14ය. ගෝඨාට ජූලි 14 අස්වෙන්නට සිදුවූ අරගලයට නායකත්වය දුන් තරුණ තරුණියන් බොහෝය. ඒ අතර සටන්කාමී තරුවක් වූයේ වසන්ත මුදලිගේය. වසන්ත මුදලිගේ කියන්නේත් ඉන්දියාවේ ගෝත්‍රික පරපුරකින් පැවැත එන නව ජනාධිපතිනිය මෙන්ම ලංකාවේ ආදිවාසී පරපුරකින් පැවැත එන තරුණයෙකි. ඔහුගේ ගම දඹානේය. පසුගියදා වැදි නායක වන්නිලැත්තෝ කීවේ වසන්ත මුදලිගේ තම ඥාතියකු බවය.

ලංකාවේ පුරාවෘත්තයන්ට අනුව වැදි පරම්පරාව පැවැත එන්නේ කුවේණියගේ දරු පරම්පරාවෙන්ය. විජය-කුවේෂි කතාව ලංකාවේ ප්‍රකට පුරාවෘත්තයකි. ඉන්දියාවේ සිට ලංකාවට එන විජය කුමාරයා ගොඩබසින ප්‍රදේශයේ පාලිකාවක් වූ කුවේණි සිය බිරිය බවට පත්කරගෙන ලංකාවේ පාලන බලය අල්ලාගෙන පසුව කුවේණි පලවාහැර ඉන්දියාවේ කුමරියක හා විවාහ වෙයි. කුවේණි පලායන්නේ තනිවම නොව තම දරු දෙදෙනාත් සමගය. කුවේණි තම පරම්පරාව වූ යක්ෂ ගෝත්‍රිකයන් සොයා පැමිණි විට ඇය විජය කුමරාට වශී වී තම පරපුර පාවාදී විජය කුමරාට ලංකාවේ පාලනය ඩැහැගන්න උදව් කළ නිසා යක්ෂ ගෝත්‍රිකයන් කුවේණිව මරා දමන බව පුරාවෘත්තයේ සඳහන්ය. ලංකාවේ වැදි පරම්පරාව ආරම්භ වන්නේ කුවේණියගේ දරු දෙදෙනාගෙන් බවත් එහි සඳහන්ය.

වසන්ත මුදලිගේ පැවැත එන්නේ මේ පරම්පරාවෙන්ය. ඔහු විශ්වවිiාලයට එන්නේ දඹානෙන්ය. ඔහු අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ධුරයට පත්වන්නේ විශ්වවිiාලය තුළ ඔහු පෙන්වන සටන්කාමීත්වය නිසා විය යුතුය.

අන්තරේ කියන්නේ ලංකාවේ රාජ්‍ය නායකයන් තුන්දෙනෙක් ගෙදර යවන්න පාර කපපු සංවිධානයකි. 1971 ජ.වි.පෙ. කරැල්ල විජේවීර පටන් ගත්තේ අන්තරේ හරහාය. එම කැරැල්ල මර්දනය කරන්න එවක අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය සමත් වුවත්, 1977 ඇය අන්ත පරාජයකට පත්වන්නට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ඇය තරුණ තරුණියන් ඝාතනය කළ භීෂණයේ මතකයය. 1971 කැරැල්ලින් රාජ්‍ය බලය අල්ලා ගන්න උත්සාහ කොට එය අසාර්ථක වූ තැන අන්තරේ සහ වෘත්තීය සමිති 1977 තමන්ව අසාර්ථක බවට පත්කළ මැතිනියට පාඩමක් උගන්වන්න රට පුරා උද්ඝෝෂණ සහ වැඩවර්ජන රැල්ලක් දියත් කරනු ලැබීය. ප්‍රේමවතී මනම්පේරි ඝාතනය ඇතුළු තරුණ තරුණියන් ඝාතනය 1977 මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨයක් වී මැතිනිය අන්ත පරාජයකට ලක්වේ.

1977 බලයට එන ජේ.ආර්.ගේ ආණ්ඩුවට එරෙහිවද ජ.වි.පෙ. අන්තරේ හරහා කැරැල්ලක් දියත් කරනු ලබයි. ඒ කැරැල්ල පටන්ගන්නේ එවක අධ්‍යාපන ඇමැති රනිල්ගේ ධවල පත්‍රිකාවට එරෙහිවය. ඒ, අන්තර් විශ්වවිiාල කැරැල්ල ජේ.ආර්.ට එරෙහිව මහජන කැරැල්ලක් බවට පත්වන්නේ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිවය. තෙවැනි වතාවටත් විධායක ජනාධිපති වන්නට ජනාධිපතිවරණයට තරග කරන්න ඔහුම ව්‍යවස්ථාවෙන් පනවා තිබූ බාධාව ඉවත් කරන්න කමිටුවක් පත්කරන ජේ.ආර්.ට එම අදහස ඉවත් කරගන්න සිද්ධ වන්නේ අන්තරේ හරහා ජ.වි.පෙ. රටේම දියත් කළ ‘ජේ.ආර්. මරමු’ සටන් පාඨය ජනප්‍රිය වී රට තුළ ඇතිවූ ජේ.ආර්. විරෝධය නිසාය. 1988 ජේ.ආර්.ට යළි ජනාධිපතිවරණයට තරග නොකොට විශ්‍රාම යෑමට සිදුවෙයි. 1988 ජනාධිපති වන ප්‍රේමදාස ජ.වි.පෙ. කැරැල්ල මර්දනය කළත්, 1993 වන විට එම මර්දනයට එරෙහිව අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලය නැඟිටියි. 1993-94 චන්ද්‍රිකාට බලයට එන්නට පාර කපන්නේ අන්තරේ දියත් කළ ප්‍රේමදාසගේ භීෂණයට එරෙහි ප්‍රචාරක ව්‍යාපාරයයි. ප්‍රේමදාසගේ ආණ්ඩුව තරුණ තරුණියන් ඝාතනය කළ හැටි දේශපාලන වේදිකාවල පණ පිහිටුවා කියද්දී ඒ ආණ්ඩුවේ නායකයා වූ ප්‍රේමදාස ඝාතනයෙන් පසු ජනාධිපති වූ විජේතුංගටත්, ආණ්ඩුවටත් ගෙදර යන්න සිදුවෙයි.

අන්තරේ ජනාධිපතිවරු තුන්දෙනෙක් ගෙදර යැව්වේ එහෙමය. අන්තරේ ගෙදර යවපු හතරවැනි ජනාධිපති ගෝඨාභයය. ගෝඨාව ගෙදර යැව්වේ 1977 මැතිනිය, 1988 ජේ.ආර්., 1994 විජේතුංග ගෙදර යවපු ලෙස නොවේ. 1977දීත් 1988දීත් 1994දීත් ඒ ජනාධිපතිවරු ගෙදර යවන්න අන්තරේ ක්‍රියාත්මක වූයේ රටේ ප්‍රධාන විපක්ෂය පිටුපසින් සිටිමින්ය. ඒත් ගෝඨා ගෙදර යැව්වේ අන්තරේ අරගලය මෙහෙයවමින්ය. මේ අරගලය ගැන හොඳම නිර්වචනය කළේ ලංකාවේ 87-88 කැරැල්ල දෑසින් දුටු එවක උතුරේ ඉන්දීය සාමසාධක හමුදාවේ ප්‍රධානියකුව සිටි කර්නල් හරිහරන්ය. ඔහු අරගලය ගැන මෙසේ කියා ඇත.

‘දකුණු ආසියාවේ පළමු වරට සාමකාමී අරගලයකින් රාජ්‍ය නායකයෙක් වෙනස් කරනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. පාකිස්තානයේ, නේපාලයේ, බංග්ලාදේශයේ මෙවැනි අරගල සිදුවී ඇත්තේ හමුදා කුමන්ත්‍ර හෝ ව්‍යවස්ථා මැදිහත් වීම් තුළින්ය. ලංකාව, මෙම අරගලය තුළින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය ගොඩදමා ගැනීමට හැකි වීම ගැන ආඩම්බර විය යුතුය….’
මේ, කර්නල් හරිහරන් ලංකාවේ අරගලය ගැන කරන නිර්වචනයය.

‘එතකොට ලංකාවේ ලිබරල්කාරයේ, එන්.ජී.ඕ.කාරයෝ ඇයි අරගලය සමච්චල් කරන්නේ…?’

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ජාතික ඒකාග්‍රතාව, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින ඇතැම් ලිබරල්කාරයන්, ඇතැම් එන්.ජී.ඕ.කාරයන්, ඇතැම් සිවිල් සංවිධාන අරගලය පාවිච්චි කළේ තම තමන්ට රජයක ප්‍රධාන තනතුරු ගන්න, රජයට උපදෙස් දෙන්න, බිස්නස් කරගන්න පුළුවන් රාජ්‍ය නායකයෙක් හදාගන්නටය. 2015-2019 මෛත්‍රී-රනිල් ආණ්ඩු කාලයේ ඔවුහු ඒ ආණ්ඩුවේ බලය පාවිච්චි කොට හොඳට තර වූහ. 2019 ජනාධිපතිවරණ පරාජයට පසු ඔවුන් නන්නත්තාර වූයේ ඔවුන් ලාභ ප්‍රයෝජන ලබපු රනිල්ගේ යූ.ඇන්.පී.ය නන්නත්තාර වීමත්, සජිත්ගේ සජබය ඔවුන්ව මායිම් නොකිරීමත් නිසාය. ඔවුන් අරගලයට රිංගා ගත්තේ මහජන ඡන්දයෙන් එන්න බැරි තමන්ගේ ආරක්ෂකයා රනිල්ව හොර පාරෙන් රජ කරවාගන්නටය. තමන් මරාගෙන මැරෙනවා කී රාජපක්ෂලා, රනිල්ව අගමැති කළ විට ඔවුන්ට රාජපක්ෂලා හොඳ විය. කළු තොප්පිකාරයන් සර්වපාක්ෂික අරගලකාරයන් කියා අරගලයට රිංගා ගත් ඔවුන් අරගලයට පින් සිදුවන්න රනිල් ජනාධිපති වූ විට අරගලයට අකුළාගෙන යන්න කීවේ රනිල්ගේ පිහිටෙන් තනතුරු වරදාන වරප්‍රසාද ලබා ගන්නටය. මෛත්‍රී 2018 රනිල් පන්නා මහින්ද අගමැති කළ විට ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසුවා යැයි කෑමොර දුන් ඔවුන්ට ගෝඨා ජන වරමක් නැති රනිල් ජනාධිපති කළ විට ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකි. ගෝඨා, ජෝෂප් ස්ටාලින් අත්අඩංගුවට ගන්නා විට ගෝඨා ඒකාධිපතියෙකි. රනිල්, ජෝෂප් ස්ටාලින් අත්අඩංගුවට ගන්නා විට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. ඇත්ත කතාව නම් රාජපක්ෂලා රනිල්ව රූකඩ නටවයි. රනිල් මේ ලිබරල් එන්.ජී.ඕ.කාරයන් සිවිල් සංවිධාන නටවයි.

ඒත් රාජපක්ෂලාගේ මේ රූකඩවලට අරගලය නටවන්න බැරිය. වසන්ත මුදලිගේලා අන්තරේ අරගල කරන්නේ රාජ්‍ය මාධ්‍යවල හෝ ජනාධිපති අගමැති කාර්යාලවල තනතුරු ගන්න නොවේ. කළු තොප්පිකාරයන් සහ සර්වපාක්ෂික අරගලකාරයන්ගේ අරගලය තනතුරුවලින් අවසන් වූවාට වසන්ත මුදලිගේලාගේ අරගලය එහෙම අවසන් කරන්න පුළුවන් අරගලයක් නොවේ.

මේ අරගලය ඓතිහාසික අරගලයකි. දඹානේ වැදි පරම්පරාවෙන් පැවැත එන වසන්ත මුදලිගේ වැන්නවුන් මේ අරගලයට නායකත්වය දීමෙන්ම මේ අරගලය ඓතිහාසික පුරාවෘත්තයක් අලුතෙන් කියවීමකට ලක්කර ඇත. විජය-කුවේණි පුරාවෘත්තයට අනුව කුවේණි මියගියේ ලංකාවට ශාප කරලාය. විජය රජුගෙන් පසු ලංකාවේ රජු වූ පණ්ඩුවාස රජ්ජුරුවන්ට රෑ හීනෙන් කොටියකු පෙනී, පසුව පේන කියන්නකු ලවා එය විග්‍රහ කළ විට පේන කියන්නා කීවේ ඒ කොටියා කුවේණියගේ ශාපයේ ප්‍රතිඵලයක් බවය. එයට කිව්වේ කුවේණිගේ දිවි දෝෂය කියාය. කුවේණිගේ දිවි දෝෂය නසන්න පණ්ඩුවාස රජු මලය රටෙන් කුමාරවරු ගෙනැවිත් ගම්මඩු ශාන්තිකර්මයක් කළේය. ලංකාව විටින් විට කැරැලි කෝලාහල යුද්ධ රාජ්‍ය නායක ඝාතනවලින් විනාශ වෙන්නේ කුවේණියගේ මේ දිවි දෝෂය නිසා බවට පුරාවෘත්ත විශ්වාස කරන්නන්ගේ මතයක් තිබේ.

මෙහි ඇත්ත නැත්ත දන්නේ නැත. හැබැයි කුවේණියගේ පරම්පරාවේ කොල්ලෙක් අරගලයට දායක වී ලංකාවම හොල්ලලා තිබේ. ඉන්දියාව තම ගෝත්‍රික පරම්පරාවේ නායකයෙක් ජනාධිපති කරගත්තේය. ලංකාව මහජන අරගලයට දායක වූ ආදිවාසී තරුණයෙක් ත්‍රස්තවාදියෙක් කරන්න සාක්ෂි සොයයි. වෙනස ඒකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විපක්ෂයට බලය වැඩි වෙයි! (VIDEO)

Next Post

පැය 12ක් කලුවරේ ඉන්න ලෑස්ති වෙන්න! කියන්නෙ මහජන උපයෝගිතා කොමිසම!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.