ශ‍්‍රී ලංකාව තුළ මෑත කාලීනව සිදුව තිබෙන වර්ධනයන් පිළිබදව යුරෝපා සංගමය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසුව, රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව ඇති බවත්, මෙම සංක‍්‍රාන්තිය තුළ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලියක් හරහා, ශ‍්‍රී ලාංකීය පුරවැසියන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන බවත් යුරෝපා සංගමය පවසයි.
එමෙන්ම විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදීම යුරෝපා සංගමය තරයේ හෙළා දකින බවද එම නිවේදනයේ සදහන්ව තිබේ.
යුරෝපා සංගමය, 2017 වසරේ සිට ජී.එස්.පී බදු සහනය ලංකාවට ලබා දීමට කටයුතු කර තිබෙන බව සිහිපත් කරන යුරෝපා සංගමය, එම බදු සහන ලබා ගැනීමට අදාල කැපවීම්වලට සම්පූර්ණ අනුකූලතාවයෙන් යුතුව ලංකාව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද පවසයි.
ඊට අමතරව, යුරෝපා සංගමය, ආහාර අර්බුදයෙන් පීඩාවට පත්වන ජන ප‍්‍රජාවන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් කැපවෙන බවටද පොරොන්දු වෙයි.










