ජනාධිපතිවරයාගේ අතිරේක වියදම් සඳහා මිලියන 200ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (12) පාර්ලිමේන්තුවේදී විශේෂ හෙලිදරව්වක් කළේය. (Sri Lanka Latest News)
මෙසේ රට බංකොලොත්වී, බදු ගසා, ජනතාව අසරණ වී සිටින මොහොතක, පසුගිය අයවැයෙන් ජනාධිපතිවරයාට විශාල මුදලක් වෙන්කර ඇති පසුබිමක රුපියල් මිලියන 200ක අතිරේක මුදලක් වෙන්කර තිබෙන්නේ ඔහුගේ වාහන නඩත්තු කටයුතු, විදේශ සංචාරවල ගෙවීම් කිරීමටද යන්න අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියේය.
මෙය ඉතා බරපතළ කාරණාවක් බව පැවැසූ දිසානායක මහතා ජනාධිපතිවරයාගේ විදේශ සංචාර පිළිබඳ තවත් කරුණු රැසක්ද මෙහිදී හෙළිදරව් කර සිටියේය.










