ජාත්‍යන්තර මානව දිනය නිමිත්තෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් හා සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිදුවීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති මේජර් බුලත්වත්ත යන අයට එරෙහිව ද එක්සත් ජනපදය විසින් සම්බාධක පනවා තිබේ.
කීත් නොයාර් 2008 වසරේ මැයි මාසයේ දිනක සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් වදබන්දනයට ලක්කර තිබුණි.
ඒ වන විට ඔහු ද නේෂන් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේ ය. කීත් නොයාර් පැහැරගෙන යාමට හමුදා නිළධාරීන් සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබුණි.










