‘පුතේ… ෆෝන් එකේ සල්ලි ඉවරයි. රුපියල් පනහක කාඩ් එකක් දාන්නකෝ…’ අම්මා කතා කළේ දහවැනි පාරට. කසුන් හිටියේ ඔෆිස් එකේ ලොකු මීටින් එකක. දිගින් දිගටම එන අම්මාගේ කෝල් එක එයාට මහා වදයක් වුණා.Sri Lanka Latest News
‘අනේ අම්මේ වද දෙන්න එපා… රුපියල් පනහක් දාගන්න කඩේකට යන්න බැරිද? මට වැඩ මනුස්සයෝ… ෆෝන් එක තියන්න…’ කසුන් අම්මට කෑගහලා ෆෝන් එක කට් කළා. ඊට පස්සේ ආයේ අම්මාගෙන් කෝල් ආවේ නෑ.
පහුවදා උදේම ගමෙන් කෝල් එකක් ආවා. ‘කසුන් මහත්තයෝ… අම්මා ඊයේ රෑ හාට් ඇටෑක් එකක් ඇවිත් නැති වුණා…’
කසුන්ට දැනුණේ මුළු ලෝකෙම කඩාවැටුණා වගේ. එයා දුවගෙන ගමේ ගියා. අම්මා බොහොම සුවබර විදියට ඇස් පියාගෙන හිටියා. මළගෙදර ආපු කසුන් අම්මා පණ වගේ පරිස්සම් කරපු පොඩි බට්න් ෆෝන් එක අතට ගත්තා. එයා නිකමට ඩයල් ලිස්ට් එක බැලුවා.
කසුන්ගේ පපුව හිරවුණා. අන්තිමට ගත්ත කෝල් 10ම තිබුණේ ‘මගේ පුතා’ කියන නමට විතරයි. වෙන කාටවත් අම්මා කතා කරලා තිබුණේ නෑ.
එහා ගෙදර නැන්දා කසුන් ළඟට ආවා.
‘අනේ පුතේ… අම්මා ඊයේ දවසම හිටියේ නොකා නොබී. පුතාට කතා කරන්න ඕනෙ කියලා ට්‍රයි කළා. ෆෝන් එකේ සල්ලි ඉවර වුණාම තමයි පුතාට කියලා රීලෝඩ් එකක් දාගන්න හැදුවේ. අම්මාට පුතාගේ කටහඬ අහන්නේ නැතුව නින්ද යන්නේ නෑ කිව්වා…’
කසුන් අම්මාගේ සීතල වෙච්ච අතක් අල්ලගෙන කෑගහලා ඇඬුවා.
‘අම්මේ… මම රුපියල් පනහට ලෝබ වුණා නෙවෙයි… මට වෙලාවක් තිබුණේ නෑ… මට සමා වෙන්න අම්මේ…’
අම්මලා අපෙන් සල්ලි ඉල්ලන්නේ හිඟනකමට නෙවෙයි, අපේ කටහඬ අහන්න විතරයි ඒ අයට අයිතියක් තියෙන්නේ. මවුපියන්ගේ කෝල් එක ‘මිස් කෝල්’ එකක් වෙන්න දෙන්න එපා. මොකද ඒක එයාලගේ අන්තිම කෝල් එක වෙන්න පුළුවන්.








