අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගරු නීතිපති විසින් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 9 දෙනකුට චෝදනා 17 යටතේ පවරා ඇති ්‍යක් HC (TAB) 725/2019 අංකය දරන අපරාධ නඩුව (එක්නැලිගොඩ නඩුව) කැඳවනු ලැබුවා. අදද විනිසුරු මඬුල්ල පූර්ණ වී නොතිබීම හේතුවෙන් මැයි 04 වැනිදා දක්වා කල් තබනු ලැබුවා.Sri Lanka Latest News
මේ මාසය අපූරු මාසයකි. මම ප්‍රගීත් වෙනුවෙන් හාපුරා කියා මුල් වතාවට අධිකරණයකට යන්නෙ මේ මාසයේදීය. ඒ 2010 පෙබරවාරි මාසයේදීය. ඒ ප්‍රගීත් වෙනුවෙන් මමයි දරු දෙදෙනයි පවරන ලද හබයාස්කෝපස් නඩුව සඳහාය. ඒ නඩුව සකස් කළේද, පෙනීහිටියේද ජ්‍යෙෂ්ඨ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතාය. මම ඒ මහතා ගාවට යන්නේද අහම්බයෙනි.
2010 පෙබරවාරි මාසේ මුල දවසක. පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයට යන්න සිද්ධ වෙනවා. ඒ, ප්‍රගීත්ගේ පැහැර ගැනීම සම්බන්ධව තිබිච්ච අදහසක් පිළිබඳ ඇත්ත තත්ත්වය ඔවුන්ට කියන්න. මම හිතන්නේ එදා තමයි මට මුල්වතාවට විජිත හේරත් මහත්තයා මුණගැසුණෙ. ඒ මහත්තයා තමා හබයාස්කෝපස් නඩුව පැවරීම සඳහා මාව නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතාගේ කාර්යාලය වෙත රැගෙන යෑම සඳහා නීතිඥ සුනිල් වටගල මහතාට පවරන්නෙ. ඒ මහතා තමයි හබයාස්කෝපස් නඩුවෙ Instructions Attorney ලෙස කටයුතු කළේ.
අවුරුදු 16 පසු ඒ අය රජ ගෙදර. මම තාම මේ පොළොව පීරමින් සැමියාට යුක්තිය සොයනවා.
මේ සමග ඇති හිනැහෙන රූපය මගේ. කාචය ත්‍යාගි රුවන්පතිරණගෙ. වෙනදා උසාවිය ළඟ සිටින, උසාවි ශාලාවට එන මාධ්‍ය සගයන්ටත් අද ප්‍රගීත්ව අමතක වූ ගානයි.
මම කාචයට හිනැහෙමි. මේ අපූරු රාජ්‍යයේ තිබෙන අපූරු පොතේ වගන්ති මතක් වීම නිසා විය හැකිය. නැතහොත් වෙනස්වූ සිස්ටමයේද රාජපක්ෂ බහිරවයන් දැකීම හෝ හුදකලා හිඟන (උන් කියන පරිදි) ගැහැනියකට ‘යුක්තිය ඉල්ලුවොත් තෝ මරනවා’ යැයි කියන, ‘අපි උතුමෝ’ යැයි කියාගනිමින් තම ඇඳිවත ඔසවා මුහුණ වසාගන්නා චූල මිනිස්සුන්ගේ නිරුවතටද විය හැකිය.
සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැළිගොඩ








