පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි.
මහ මැතිවරණය පැවැත්වෙන දිනය කොරෝනා වෛරසය මැඩලීම සඳහා පත් කර ඇති කාර්ය සාධක බළකායේ උපදෙස් මත ඉදිරියේදි දැනුම්දෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අප්‍රේල් මස 25 වෙනිදා සිට දින 14ක කාලයක් ඔබ්බට යන තෙක් මැතිවරණය පැවැත්වීමට නියමිත දිනය ප්‍රකාශයට පත් කර නොහැකි බවද මෙහිදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියේය.
කෙසේවෙතත් අප වෙබ් අඩවිය මගින් මෙම තත්ත්වය අනාවරණය කළේ පසුගිය 17දාය.
එහිදී අප කියා සිටියේ නාමයෝජනා ලබා ගත් වහා මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇති බවකි. එම පුවත අප පළ කළේ මෙසේය.
කොරෝනා වයිරසය හේතුවෙන් රට පුරා දැනට මතුව ඇති තත්ත්වය මුල්කරගෙන මහමැතිවරණය කල් දැමීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව නාමයෝජනා බාර ගැනීමෙන් අනතුරුව මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ජා පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ.
යම් හෙයකින් මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව රට තුළ හදිසි තත්ත්වයක් උද්ගත වුවහොත් මැතිවරණ නීතිය යටතේ උපරිම මාස 3ක කාලයකට මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට හැකියාව තිබේ.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සෞඛ්‍ය අංශ සහ දේශපාලන පක්ෂ සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ගැනීමට නියමිත බව දැනගන්නට තිබේ.
විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන්ම ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන්ද මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැනටමත් විරෝධය පළ කොට ඇත.










