තමන් ඇතුලු 12 දෙනකු විපක්ෂයේ අසුන් ගන්නා බව පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
අප මෙම පුවත ඊයේ රාත්‍රියේ විශේෂ පුවතක් ලෙස අප වෙබ් අඩවිය මගින් අනාවරණය කිරීමට පියවර ගත්තෙමු.
මෙම දොළොස් දෙනා වන්නේ ජී.එල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම, චරිත හේරත්, චන්න ජයසුමන, නාලක ගොඩහේවා, උදයන කිරිදිගොඩ, ගුණපාල රත්නසේකර, උපුල් ගලප්පත්ති, ඩිලාන් පෙරේරා, තිලක් රාජපක්ෂ, වසන්ත යාපා බණ්ඩාර සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන්ය.
අප ඊයේ අනාවරණය කළ පුවත!
හෙට පාර්ලිමේන්තුවේ ලොකු පුටු පෙරළියක්! EXCLUSIVE
හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ විශාල පුටු පෙරළියක් සිදුවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි.
එම ආරංචි මාර්ග තහවුරු කර සිටින්නේ මෙම පෙරළියත් සමග ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නියෝජිතයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ආකාරයකින් වෙනස් වනු ඇති බවකි.
මේ හරහා විපක්ෂයේ නියෝජිතයන් සංඛ්‍යාව සැලකිය යුතු ආකාරයකින් ඉහළ යනු ඇති බවද දැනගන්නට තිබේ.
ජනාධිපතිවරයා විසින් අද දිනයේ අයවැය ඉදිරිපත් කළ අතර හෙට දිනයේ සිට එහි විවාදය ආරම්භ වීමට නියමිතය.










