මතභේදාත්මක කෙරවලපිටිය යුගදනවි ගිවිසුම ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතාට ලැබුණේ කෙසේදැයි ආණ්ඩුව දන්නා බව අද (10) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අනුර කුමාර මහතා ගිවිසුම සභාගත කරත් ඊට පෙර රජය එම ගිවිසුම අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවය.
“නිව් ෆෝට්‍රස් සමාගම සම්බන්ධයෙන් ගිවිසුම සභාගත කරා. නමුත් අපි රජය විදිහට ඒක අධිකරණයට ඉදිරිපත් කරලා අවසන්. ඔබතුමාට ගිවිසුම ලැබුණේ කොහොමද කියලත් අපි දන්නවා. ඒ නිසා මෙතන හංගන්න දේවල් නෑ. අපිට හංග හංග ගහන්න ඕනේ නෑ. අපි විවෘතයි. මතු කරපු හැම කාරණාවකටම රජය උත්තර දීලා තියෙනවා.”
මතභේදාත්මක කෙරවලපිටිය යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා විශේෂ හෙළිදරව්වක් අද දින පාර්ලිමේන්තුවේ දී සිදුකළේය.
අදාළ ගිවිසුම සභාගත කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ, එම ගිවිසුම අත්සන් කර ඇත්තේ, අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමග නොව වෙනත් සමාගමක් සමග බවය.










