අස්වැසුම හෝ කුමන ආකාරයේ වැඩසටහනක් ආරම්භ කිරීමට පෙර සංගනනයක් සහ ගෘහයක ආදායම් වියදමි සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව හදුනා ගත හැකි බවත් ඒ තුලින් සැබෑ දුප්පතුන් කවුද කියා හදුනා ගත හැකි නමුත් වත්මන් රජය මුලින්ම වැඩසටහන පටන් ගෙන පසුව සංගනනයක් සිදු කිරිම ආරම්භ කළ බවත් එය වැරදි බවත් බංකොලොත් රටේත් හරි විදිහට හරි දේ කරන්න තවමත් ඉගෙන ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (1) අනුරාධපුර ලංකාරාම විහාරය සහ ජයන්ති විහාරයේ සංචාරය යෙදුනු අවස්ථාවේ උතුරු සහ උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත ආචාර්ය නුගේතැන්නේ මංගල ධර්ම කීර්ති ශ්‍රී සෝභිත රතනජෝති පඤ්ඤානන්ධාභිධාන නායක ස්වාමීන් වහන්සේ හමු වූ අවස්ථාවේදීය.
එහිදී මහනායක හිමියන් විසින් කියා සිටියෙ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ කාලයේ ජනසවිය දෙන විට සිටි දුප්පතුන් තවමත් සිටින බවත් සමහර පුද්ගලයන් සමෘද්ධිය කැපෙනවාට කැමති නැති බව යි. එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියෙ ජනසවිය දුන්නේ මාස 24ක් බවත් එහි දී ඉතිරිකිරිමට සහ ආයෝජනයටත් පුද්ගල සෞඛ්‍ය සම්පන්න භාවය සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ බවයි. එවක රජය කියා සිටියෙ වසර දෙකක් රජය ජනතාව පෝෂණය කරන බවත් ඉන් පසු ජනතාව තමන් විසින් ම නැගිටිය යුතු බවත් ය.
රටේ ජනතාව නගා සිටුවීමට හොද වැඩසටහනක් සිදු කළ හැකි මුත් ඒ සදහා පැහැදිලි දේශපාලන අධිෂ්ඨානයක් තිබිය යුතු බවත් එසෙම දසරාජ ධර්ම අනුගමනය කරමින් සෘජු විය යුතු අවස්ථාවේ සෘජු වී මෘදු විය යුතු අවස්ථාවේ මෘදු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලංකාරාම විහාරයේ සිදුකළ සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එහි පැවැති අඩුපාඩු රැසක් අනුරාධපුර ලංකාරාමාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රළපනාවේ ධම්මජෝති නාහිමියන් පෙන්වා දුන්නේය.එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස සිටි සමයෙ ලංකාරාම විහාරයේ බැම්මක් සකස් කිරීමට රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබා දුන් බවත් එම මුදලින් බැම්ම සකස් කළ බවත් පවසමින් නායක ස්වාමීන් වහන්සේ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද කළේය.






















