අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ සිවිල් ක්‍රියාකාරීන් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් කැළණිය විශ්ව විද්‍යාලයේ සිට පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් තිබේ.
දැඩි වර්ෂාව මධ්‍යයේ පවා විරෝධතාකරුවෝ විශාල සංඛ්‍යාවක් පා ගමනට එක්ව සිටිති.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව දෙසට කොටා පාර අවහිර වී දැඩි රථවාහන තදබදයක් ඇත.
මේ අතර ස්වාධීන භික්ෂු එකමුතුව සංවිධානය කරන ලද මහා සංඝරත්නයේ සාමකාමි සත්‍යයක් ග්‍රහය විහාර මහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසල මේ වන විට පැවැත්වෙයි.
මහාචාර්ය අගලකඩ සිරිසුමන ,මහාචාර්ය ඔලගනවත්තේ චන්ද්‍රසිරි හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සහභාගීව සිටිති.
‘රට අස්ථාවර නොකරනු, මහා නාහිමිවරුන්ගේ යෝජනාව ක්‍රියාත්මක කරනු‘ ලෙස රජයට බල කරමින් මෙම සත්‍යග්‍රහය අරඹා ඇත










