පොහොට්ටුව යටතේ තරග වැදීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප නියෝජිත පිරිසක් සහ පොහොට්ටුවේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා අතර අද (16) පැවැති සාකච්ජාව සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බව වාර්තා වේ.
බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්විණ.
මේ සදහා ශ්‍රීලනිපය නියෝජනය කරමින් එහි මහලේකම් නීතීඥ දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ වීරකුමාර දිසානායක යන මහත්වරු සහභාගී වූහ.
මෙහිදී පොරොන්දු වූ පරිදි සහ ගිවිසුම්ගත වූ පරිදි 25%ක නාමයෝජනා කෝටාවක් ශ්‍රීලනිපය වෙත ලබා දිය යුතු බව එම නියෝජිත පිරිස පෙන්වා දී තිබේ.
නමුත් පොහොට්ටුවේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කොට ඇති බව පැවසේ.
එහිදී කාරියවසම් මහතා හා දුමින්ද දිසානායක යන මහත්වරුන් අතර උණුසුම් සංවාදයක් මතුවී ඇති බවද දැනගන්නට තිබේ.