මැතිවරණ නීතියට අනුව අද (02) මධ්‍යම රාත්‍රී 12න් පසු සියලුම මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවීමට දේශපාලන පක්ෂවලට සිදු වනු ඇත.
ඒ අනුව පොදුජන පෙරමුණේ අවසන් රැලිය තංගල්ලේදීත්, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සිය අවසන් රැලි කොළඹදීත් පැවැත්වීමට නියමිතය.










