ඉහළ දැමෙන විදුලි බිලෙහි මිල ගණන් ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ජනක රත්නායක පැවසුවේ ඉහල දැමෙන විදුලි බිලෙන් අඩු ආදායම් ලාභීන්ට සහනයක් ලබාදෙන්නේ දැයි මහා භාණ්ඩාගාරයෙන් විමසීමක් කළ ද ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.
ADVERTISEMENT
ජල විදුලි නිෂ්පාදනය සියයට 60 දක්වා ඉහල දැමීමට හැකි වුවහොත් දෛනික විදුලි කප්පාදුව නතර කළ හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර අද දිනයේ ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කළේ.