අනුරාධපුර පූජා නගරයේ පිහිටි කුට්ටම් පොකුණ සහ එම අවට ප්‍රදේශයේ සැරිසරන කිඹුලෙකු හේතුවෙන් වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දැඩි අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.
අඩි 5 ක් පමණ දිගැති මෙම කිඹුලා වැඩිවශයෙන් කුට්ටම් පොකුණට වී සිටින බවත් වන්දනාවේ පැමිණෙන පිරිස් අතර සිටින කුඩා දරුවන් එම පොකුණේ මත්ස්‍යයින්ට ආහාර දැමීමට කටයුතු කිරීම හේතුවෙන් එම දරුවන් දැඩි අවදානමකට ලක්වන බව ද ප්‍රදේශවාසීන් පවසයි.
කුට්ටම් පොකුණ ප්‍රදේශයේ සිටින කඩ හිමියන් විසින් මෙම කිඹුලා පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දන්නවා ඇති බවත් ඒ අනුව අවස්ථා කිහිපයකදී එම නිලධාරීන් මෙම ස්ථානයට පැමිණිය ද කිඹුලා අල්ලා ගැනීමට නොහැකි වූ බව ද එම ප්‍රදේශවාසීන් පවසයි.
ඔවුන් පවසන්නේ මෙම කිඹුලගෙන් ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන්ට ජීවිත හානියක් සිදුවීමට පෙර වෙනත් ස්ථානයකට ගෙනයාමට කටයුතු කරන ලෙස ද ප්‍රදේශවාසීන් හා කඩ හිමියන් පවසයි.
මෙම කුට්ටම් පොකුණේ කිඹුලෙකු සිටින බවට දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කර තිබුණද ඒ පිළිබඳ කිසිදු තැකීමකින් තොරව ඇතැම් බැතිමතුන් එම පොකුනේ මත්ස්‍යයින්ට ආහාර දැමීමට යොමු වන ආකාරය දක්නට ලැබේ.
නාන පොකුණු සඳහා පුරාණ ශ්‍රී ලංකාවේ පෙන්විය හැකි එක් උදාහරණයක් නම් කුට්ටම් පොකුණයි. මෙය අනුරාධපුර යුගයේ ක්‍රි.ව. 569-571 පළමු වැනි අග්ගබෝධි රජු විසින් කරන ලද්දකි. මෙය සිංහලයන්ගේ වාරි ඉංජිනේරු ශිල්පයේ ද, වාස්තු විද්‍යාත්මක ක්‍රමවල ද සුවිශේෂී අග්‍ර ඵලයක් ලෙස සළකනු ලැබේ.