2021 දෙවන කාර්තුව තුළ ජංගම දුරකතන ක්ෂේත්‍රයේ විප්ලවයක් සිදු කරමින් ෂියෝමි ආයතනය පළමු වතාවට ලොව පුරා දුරකතන බෙදාහැරීම (නැව්ගත කිරීම) අතින් දෙවන ස්ථානයට පත්ව ඇති බව ලෝ ප්‍රකට කැනලීස් වෙබ් අඩවිය අනාවරණය කොට ඇත.
මෙම කාර්තුවේ ජංගම දුරකතන නැව්ගත කිරීම් අංශය 12%කින් වර්ධනය වී ඇති අතර එහි ඉහළින්ම සිටින්නේ සැම්සුන්ග් සමාගමය.
ප්‍රතිශතයක් වශයෙන් එය 19%කි.
ෂියෝමි ආයතනය දෙවන තැනට පත්ව ඇත්තේ 17%ක අගයක් ලබා ගනිමිනි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙතෙක් දෙවන ස්ථානයේ සිටි ඇපල් සමාගම 14%ක ප්‍රතිශතයක් වාර්තා කරමින් තුන්වන ස්ථානයට පත්ව තිබීමය.
මෙහිදී ෂියෝමි ආයතනය ලතින් අමෙරිකානු කලාපයට නැව්ගත කිරීමේ අංශයෙන් 300%ක වර්ධනයක් ලබා ගෙන ඇති අතර අප්‍රිකානු කලාපයේ 150%ක වර්ධනයක් අත්පත් කරගෙන ඇත.
බටහිර යුරෝපා කලාපයේ වර්ධනය 50% ඉක්මවා තිබේ.
ෂියෝමි ආයතනයේ දේශීය නියෝජිතයා වශයෙන් ‘ජෙනෙක්ස්ට්’ ආයතනය කටයුතු කරනු ලබයි.











