• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…

November 8, 2022
in Astrology, Exclusive, Kendaraya
Reading Time: 8 mins read
A A
රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂය යනු අනාදිමත් කාලයක පටන්ම අපේ රටේ ජනතාව බොහෝ ගෞරවයෙන් පිළිගත් විෂයක්. අපේ පැරැන්නන් ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කරන්නට මත්තෙන් ඒ පිළිබඳ ජ්‍යොතිෂ විද්‍යානුකූල පසුබිම විමසා බලන්නට අමතක කළේ නැහැ. පරම්පාරාවෙන් පැවැත එන දැනුමෙන් මෙන්ම පොත පතෙන් සහ විවිධ ගුරුවරුන්ගෙන් ජ්‍යොතිෂය පිළිබඳ ගැඹුරින් හදාරා එම විෂයෙහි පරතෙරට ගිය, ගෞරවාන්විතව තම වෘත්තියෙහි නියැළෙන සැබෑම ජ්‍යොතිෂවේදීන් අදටත් අප රටේ සිටිනවා. එහෙත් මෑතකාලීනව රටේ සිදුවූ විවිධ හැලහැප්පීම් සේම බොහෝ දේශපාලන අලකලංචි සම්බන්ධයෙන් ලංකාවේ ඉහළින්ම වැජඹෙමින් සිටින ජ්‍යොතිෂවේදීන් යැයි කියාගන්නා පිරිස් පළ කළ අනාවැකි පට්ටපල් බොරු බවට පත්වීමත් සමග අති බහුතරයක් ජනතාව තුළ එම විෂය සහ එම ප්‍රකට ජ්‍යොතිෂවේදීන් පිළිබඳ ගොඩනැගී ඇත්තේ දැඩි අවිශ්වාසයක්. රටේ ඉහළින්ම නම කියැවෙන දේශපාලනඥයන් සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කළ අනාවැකි ඇස්පනාපිටම ප්‍රලාප බවට පත්වූ අවස්ථා ද ඊට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. කෙසේ නමුත් සුමනදාස අබේගුණවර්ධන යන නම කියැවෙනවාත් සමගම අපේ මතකයට එන්නේ ‘රාජකීය දෛවඥයා’ කියන භාරදූර තනතුරයි. ඒ, ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යොතිෂ කටයුතු සම්බන්ධයෙන් වගකීම දැරූ ප්‍රධාන පුද්ගලයා බවට පත්ව සිටි නිසයි. එසේ වුවද 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට නියත ජයග්‍රහණයක් හිමිවන බවට සුමනදාස අබේගුණවර්ධන මහතා අනාවැකි පළ කළ ද එම අනාවැකිය හිස් ප්‍රලාපයක් බවට පත්කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් ජයග්‍රහණය ලැබුවා. එම සිදුවීමත් සමග ඔහු කෙරෙහි බොහෝ දෙනාගේ අප්‍රසාදය ගොඩනැගෙන්නට වූ අතර, රාජකීය දෛවඥයා යන තනතුරද ඔහුට අහිමි වී ගියා. එකල මාධ්‍ය නාලිකාවල ප්‍රධාන චරිතයක්ව සිටි ඔහු එතැන් පටන් ප්‍රසිද්ධ මාධ්‍යවල දකින්නට ලැබුණේ නැති තරම්. නමුත් වසර ගණනාවකට පසු Life Traveler යූටියුබ් නාලිකාව සමග සුමනදාස අබේගුණවර්ධන මහතා සුවිශේෂ සාකච්ඡාවකට පසුගියදා එක්වී තිබුණා. සිය වෘත්තීය ජීවිතයේ ලත් ජය පරාජයන්, හිටපු ජනාධිපතිවරයාගේ පරාජයට බලපෑ හේතු සාධක මෙන්ම එතෙක් ප්‍රකාශ නොකළ තවත් වැදගත් කරුණු රාශියක් ඔහු එහිදී මාධ්‍යයට හෙළිකර සිටියා. අප, ‘මව්රට’ පාඨක ඔබට මෙලෙස ඉදිරිපත් කරන්නේ එම සුවිශේෂ සාකච්ඡාවයි.

මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වුණාට පස්සෙත් ඔහු දේශපාලන වේදිකාවේ හිටියා. නමුත් ඔබතුමා ආගිය අතක් නැතුව හිටියේ. ඇත්තටම ඔබතුමා කොහෙද හිටියේ මෙච්චර කාලයක්?
ඇත්තටම මම බොහොම කාර්යබහුල කෙනෙක්. මට පත්තරවල ඇඩ් දාන්න ඕනෙ නෑ වැඩ කරන්න. මේ රටේ නිදහසෙන් පස්සේ වගේම ක්‍රි.පූ. 543න් පටන්ගන්න අපේ ඉතිහාස කතාව තුළ මම තරම් ජනතාවට ජ්‍යොතිෂ වැඩ කරපු කෙනෙක් තවත් නෑ කියලා මම හිතනවා. 2015 ජනවාරි 09 වැනිදත් මම වැඩ. මගේ සේවාදායකයන් එක්ක මම වැඩ. දවසකට 50ක් 60ක් මුණගැහෙනවා. ඉතින් ඒ විදියට අතිශය කාර්යබහුල ජීවිතයක් තමයි මම ගතකරන්නේ. ඇත්තම කියනවා නම් පොඩි පොඩි දේවල් හින්දා දේශපාලකතුමන්ලා ගැන මට කලකිරීමක් ඇතිවුණා. ඔවුන්ගෙන් මම ගොඩක් ඈත් වෙලා තමයි ඉන්නේ.

ඒ කියන්නේ දැන් ඔබතුමා දේශපාලකයන්ගෙ කේන්දර බලන්නෙවත්, ඔවුන්ට අනාවැකි කියන්නෙවත් නැද්ද?

නවවැනි ජනාධිපති ගැනත් මම හොඳටම දන්නවා. මම 1982 අවුරුද්දේ තමයි කිව්වේ 21 වැනි සියවසේ පළමු දශකයේ මැද භාගයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා අනිවාර්යයෙන්ම අපේ රටේ රජ වෙනවා කියලා. ඒක මේ රටේ මිනිස්සුන්ට මතකයි. මහින්ද ඒ වෙලාවෙ මගෙන් ඇහුවේ අනුර බණ්ඩාරනායක ඉන්නැද්දී මම රජවෙන්නේ කොහොමද කියලා. මම කිව්වා දෛවය කියන්නේ පුදුමාකාර දෙයක්. ඔබතුමා අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවා වගේම මේ තියෙන යුද්ධෙත් ඔබතුමා අවසන් කරනවා කියලා පැහැදිලිවම මම කිව්වා. විද්‍යුත් මාධ්‍යවල, මුද්‍රිත මාධ්‍යවල මම හරියට ඒ ගැන කතා කළා. ඒ මතකය රටේ ජනතාවට ඉතා හොඳින්ම තියෙනවා.

ඔබතුමා කියපු විදියට මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම සහ වසර 30ක යුද්ධය අවසන් කිරීම කියන අනාවැකි දෙකම සඵල වුණා. එහෙම අනාවැකි කියපු ඔබ ඇයි 2015 මහින්ද මහත්තයට ගෙදර යන්න වෙලාවක් හදලා දුන්නේ?

අපි යම් කිසි තරගයකට යනකොට අපිට විරුද්ධ පක්ෂයේ පුද්ගලයගේ වෙලාව බලගතු නම් අපට එයාව පරද්දන්න බෑ. යම් දේශපාලකයෙක්ගේ වැඩපිළිවෙළ අනුව තමයි ඒ අයගෙ ජයග්‍රහණය හෝ පරාජය උරුම වෙන්නේ. එතුමා මන්ත්‍රීකමක්වත් නැතුව 1982 අපේ ගෙදර ආවා. 1989 මාර්තු 15 වැනිදා මැතිවරණයෙන් ජයග්‍රහණය කරලත් අපේ ගෙදර ආවා. එතුමා ඇමැතිවරයෙක් වුණාමත් අපේ ගෙදර ආවා. විරුද්ධ පක්ෂ නායකයා වුණාමත් අපේ ගෙදර ආවා. අගමැති වුණාමත් ආවා. ජනාධිපති වෙච්ච වාර දෙකේම මාස 6කට සැරයක් එනවා. අපි දෙන්නා බොහොම සුහදව ආදරෙන් කතා කරනවා. හොඳ ආදරණීය යාළුවෙක් ඇත්තම කිව්වොත්. ඕනෙ දෙයක් කියන්න පුළුවන්. මං මේ කියන්නේ 2014 මැයි මාසෙ ජුනි මාසෙ විතර. මං කිව්වා ‘සර් මේ මොහොත වන විට ශ්‍රී ලංකාවෙ ජනතාව අතර මතයක් තියෙනවා ඔබතුමාගෙ ආණ්ඩුව අතින් මුදල් අවභාවිතයක් වෙනවා කියලා. ඒ එක්කම මම කිව්වා සර් මහනුවරට යනකොට දළදා මාලිගාව අබියසට යනකොට, අපි කඩුගන්නාව නගිනකොට අපේ ඇඟපත පවා වෙනස් වෙනවා බුද්ධාලම්බන ප්‍රීතියත් එක්ක, දළදා මාලිගාව අබියසට නේද යන්නේ කියලා. දළදා මාලිගාව වටේ ගෑනු ළමයි දාගෙන කාර් රේස් ගිය එක ඔබතුමාලගෙ පරිහානියට හේතු වෙනවා වගේම එතැනින් පොඩි සාපයක් එනවා කියලා මම කිව්වා.

ඒ කියන්නේ මේ කරුණු සියල්ලම ඔබතුමා සඳහන් කරන්නේ 2015 ජනාධිපතිවරණයට කලින්?

අනිවාර්යයෙන්ම. සතියෙ දවස් දෙක තුනක්ම එතුමා මට පාන්දර 5ට විතර කතා කරනවනේ. නැගිට්ට පැදුරෙන් එතුමා මට කතාකරන වෙලාවල් තියෙනවා. මම කතාව ඉතින් පටන්ගන්නේම ‘අපේ ආදරණීය ජනාධිපතිතුමාට සුබ උදෑසනක්’ කියලා. දේශපාලකයන්ට පරාජය හොඳටම උරුමයි. එයාගෙ චරිතය අනුව තමයි ඔක්කොම සිදුවෙන්නේ. අපට හිටියා නිදහස් අධ්‍යාපනයේ පියා. සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර. එතුමා තමයි 1945 ජූලි මාසේ නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙනාවේ. 1945 ඔක්තෝබර් පළමුවැනිදා ඉඳන් මේ ඉතා වටිනා නිදහස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක වුණා. නමුත් ඊට පස්සේ තියපු මතුගම මැතිවරණයෙන් විශාල සේවයක් කරපු මේ ශ්‍රේෂ්ඨ නායකයා පරාජය වුණා. කාටද පරාද වුණේ? විල්මන් පෙරේරාට. ඒ විතරක් නෙවෙයි බත් දුන් පියා කියලා අපේ රටේ දේශපාලනයේ හිටියා ආදරණීය නායකයෙක්. ඇත්තෙන්ම එතුමා මියයනකොට එතුමාගෙ බැංකු පොතේ තිබුණේ රුපියල් 428.50යි. හොඳ අවංක නායකයෙක්. එතුමා කීපාරක් පරාද වුණාද? එතුමා 1970 පරාද වෙලා කෑගල්ලේ කච්චේරියේ ඉඳලා ඇවිල්ලා එළිවෙන ජාමෙ වුඩ්ලන්ඩ් මන්දිරයට යනකොට බොරැල්ල හන්දියෙදී කට්ටිය එතුමාට හූ කිව්වා. ඒ වගේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බොහොම අවංකයි. කවදාවත් වංචාවක් කළැයි කියලා අදටත් කෙනෙක් කියන්නේ නෑ. පනතක් හදලා අක්කර 4000ක් විතර එතුමිය ජනතාවට ලබාදුන්නා. එතුමියත් 1977 හොඳටම පරාද වෙලා ප්‍රජා අයිතියත් අහිමි වුණා. ඒ වගේම රණසිංහ ප්‍රේමදාස මහත්තයා 1956 ඡන්දෙ ඉල්ලුවා රුවන්වැල්ලට. ඉල්ලලා ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ගත්ත ඡන්ද ගානෙන් බාගයක්වත් ගන්න බැරි වුණා.

මට මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රේමදාස මහත්තයා 1993 මැයි පළමුවැනිදා පාර මැද මියගියා. නමුත් එතුමාටත් ජ්‍යොතිෂවේදීන් හිටියා. එක ජ්‍යොතිෂවේදියකුට කළුතර දිස්ත්‍රික්කයේ ආසනයක සංවිධායකකමකුත් ලබාදීලා තිබුණා. එතුමා පාර මැද මියගියා කියලා කිසිම කෙනෙක් එතුමාගෙ ජ්‍යොතිෂවේදියා අල්ලගත්තේ නෑ. බණ්ඩාරනායක මැතිනිය පරාජය වුණා කියලා කිසිම කෙනෙක් එතුමියගෙ ජ්‍යොතිෂවේදියා අල්ලගත්තේ නෑ. ඩඩ්ලි පරාජය වුණා කියලා සර් ජෝන් පරාජය වුණා කියලා ඔවුන්ගෙ ජ්‍යොතිෂවේදීන්ව අල්ලගත්තේ නෑ. බුද්ධිමත් ජනතාව තේරුම් ගත්තා මේක මෙහෙමයි කියලා.

ඔබතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවේවත් නැති කාලෙ කිව්වා 21 වැනි සියවසේ මැද භාගයේ එතුමා රටේ ජනාධිපති වෙනවා කියලා. ඒ වගේම තවත් සාර්ථක අනාවැකි රාශියක් එතුමා සම්බන්ධයෙන් ඔබ කියලා තිබුණා. ඉන් පස්සේ රාජපක්ෂ පවුලේ සියලු දෙනාගේ කේන්දර ඔබතුමා පරීක්ෂා කරලා ඇති. ඒ අනුවවත් ඔබතුමා දැක්කෙ නැද්ද 2015 ජනාධිපතිවරණය ඔහු පරාජය වන බව? ඒ වගේම රාජපක්ෂවරුන්ව රටේ ජනතාව ගහලා එළවන තැනට පත්වෙනවා කියලා ඔබතුමා දැක්කේ නෑද්ද?

මම ඒක දන්න හින්දා තමයි 2015 අප්‍රේල් මාසෙ 09 වැනිදා ඉඳලා මගේ ආදරණීය රාජපක්ෂවරුත් එක්ක සදහටම හිතවත්කම් ඔක්කොම නවත්තලා දැම්මේ.

ඒ කියන්නේ ඒ වෙද්දී ඔබ දැනගෙන හිටියා රාජපක්ෂවරු ඉදිරියේදී මේ වගේ තත්ත්වයකට පත්වෙනවා කියලා?

අනිවාර්යයෙන්ම.

එහෙම හිටපු ඔබතුමා තමයි රාජපක්ෂ පවුල සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න සඳහිරු සෑයෙ වෙලාවත් හදලා දුන්නේ?

සඳහිරු සෑයෙ අපි වැඩ පටන්ගත්තේ 2010 නොවැම්බර් මාසෙ 22 වැනිදා. ඒ නැකැතින් නෙවෙයි ඒක වුණේ.

පළවෙනි පේසා වළල්ලේ නැකැත් මම හැදුවේ. දෙවැනි පේසා වළල්ලේ නැකැතත් මම හැදුවේ. තුන්වැනි පේසා වළල්ලේ නැකත මම හැදුවේ 2014 ජුනි 12 වැනිදා. මේකට මගෙන් පස්සේ අනුරාධපුරේ වෙන කවුද කාන්තාවක් අල්ලගත්තනේ. ජ්‍යොතිෂයට පිටින් වෙනත් පැත්තකින් ගිහිල්ලනේ ඒ නෝනා වැඩ කළේ. එතැනයි වැරැදුණේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යක්ෂයො අල්ලගෙන කටයුතු කරන අනුරාධපුරේ පැත්තේ කෙනෙක් සම්බන්ධ කරගත්ත නිසා මේ විනාශය වුණා කියලද ඔබ චෝදනා කරන්නේ?

බත් කන කෙනකුට, මොළේ තියෙන කෙනකුටත් ඒක තේරෙනවනේ දෙයියනේ. නොවැම්බර් 18 වැනිදා තමයි සඳහිරු සෑය විවෘත කළේ. ඒ උත්සවේ වෙලාවෙත් සළඹවල් වගයක් අරගෙන අර කාන්තාව ආවේ.

රාජපක්ෂවරුන්ගේ කේන්දර ටික හොඳටම පරිශීලනය කරපු කෙනෙක්නේ ඔබ. ඉතින් ඔවුන්ගෙ අනාගතය ගැන ඔබතුමා හොඳටම දන්නවා ඇති?

නාමල් රාජපක්ෂලා වගේ අයට අනාගතේ යම් තත්ත්වයකට එන්න වාසනාව තියෙනවා. රාජපක්ෂවරු මේ රටෙන් එහෙම ලේසියෙන් නැතිකරන්න බෑ. කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය පොඩ්ඩ පොඩ්ඩ දුර්වල වුණාට රාජපක්ෂවරුන්ගේ දේශපාලන දර්ශනය හරි පුදුමයි. මොකද මහින්ද රාජපක්ෂ තරම් මඟුල් ගෙවල්වල අස්සන් කරපු වෙනත් නායකයෙක් තවත් නෑ. මඟුල් ගෙවල්වල, දානෙ ගෙවල්වල ගියපු වෙනත් නායකයෙක් නෑ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයගෙ යුගයේ තමයි සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව අරලියගහ මන්දිරයෙන් බත් වේලක් කාලා තියෙන්නේ. ඒ ළෙන්ගතුකම හින්දා ඒගොල්ලො වටා ඉන්න පිරිස ලේසියෙන් අඩු කරන්න බෑ.

විශේෂම කාරණයක් තමයි මේ රටේ ජ්‍යොතිර්වේදියෝ ප්‍රතික්ෂේප කරපු කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. නමුත් අද වන විට ඔහු ජනාධිපතිවරයා බවට පත්වෙලා. මේක ඔබතුමා දැක්කේ නැද්ද?

අපි ඉතින් දේශපාලනයෙන් ඈත් වෙලා හිටියේ. ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරයෙක් ලෝකයේ ප්‍රථම වතාවට තමයි මෙහෙම ජනාධිපති වෙලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් රාජපක්ෂවරුන්ට හිතවත් කෙනෙක් මේ රටේ පාර්ලිමේන්තුවේ හිටියේ එච්චරයි. ඉතින් එතුමාට මේක දීලා ගියා. ඒකනේ ඇත්ත කතාව. යම් ගෙදරකට හොරු පැන්නොත් ඉස්සෙල්ලාම ටෙලිෆෝන් එකෙන් කතා කරන්නේ ඒ ගෙදරට ආරක්ෂාව දෙන්න පුළුවන් කෙනාට. එහෙම දෙයක් එතැන සිද්ධ වුණේ.

හැබැයි අපට ඇහෙන කතාව තමයි සජිත් ප්‍රේමදාස මහත්තයට කතා කළා, ෆොන්සේකා මහත්තයට කතා කළා. නමුත් ඒ අය භාරගත්තේ නැති නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මේකට කරගැහුවේ කියන කාරණාව?

නෑ නෑ. බුද්ධිමත් අය ඒ කතාව විශ්වාස කරන්නේ නෑ. මොකද සජිත් ප්‍රේමදාස මහත්තයා කැමැති වෙන්නේ නෑනෙ බැසිල් මහත්තයා මෙහෙයවන ආණ්ඩුවක් භාරගන්න. ෆොන්සේකා මහත්තයා කැමැති වෙන්නෙත් නෑ. සජිත් මහත්තයා බොහොම හොඳ බුද්ධිමත් නායකයෙක්. 1967 ජනවාරි 12 වැනිදා එතුමා උපත ලැබුවේ. බොහොම බලගතු ගජකේශරී කියලා යෝගයක් එතුමාට තියෙනවා. එතුමත් මේ රටේ අනාගතේදී රාජ්‍ය නායකයෙක් වෙනවා. මේ රටේ දුප්පත් අසරණ අහිංසක ජනතාවට අසීමිත සේවයක් කරපු රාජ්‍ය නායකයා එතුමාගේ පියාණන්. එතුමාගේ පියාණන් මම දන්නවා. මගේ පියාණන්ගේ හොඳ මිත්‍රයෙක්. නොබෝ කාලයකින් මේ රටේ රාජ්‍ය නායකත්වයට පත්වීමට සජිත් ප්‍රේමදාස මහත්මයාට වාසනාව තියෙනවා.

මීළඟ ජනාධිපතිවරණයේදී කවුරු ජනාධිපති වෙයි කියලද ඔබ හිතන්නේ?

දැන් මට වුවමනාව තියෙන්නේ දේශපාලනඥයො එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න නෙවෙයි. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මගේ සේවාදායකයො ඉන්නවා. දැන් අපි ජීවත් වෙච්ච කාලෙ වැඩියි. මට අවුරුදු 70යි මාස 04ක් විතර වෙනවා. අපට ජීවත් වෙන්න තියෙන්නේ තව බොහොම කෙටි කාලයක්. සමහර විට පැය ගානක් වෙන්න පුළුවන්, දවස් ගානක්, මාස ගානක් වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රභාකරන් 2009 මැයි මාසේ 18 සහ 23 වැනිදා අතර මියයන බව කියපු මම දන්නවා මම මියයන දවසත්. නමුත් මට වුවමනාව තියෙන්නේ දෙස් විදෙස්වල ඉන්න මගේ විශාල සේවාදායකයන් පිරිසට බොහොම ගෞරවනීය සේවයක් ලබාදීමටයි.

මම කවදාවත් සත පහක්වත් වංචා කරපු කෙනෙක් නෙවෙයි. ඒ හින්දයි නිලතල බර ගානක් මහින්ද මට දුන්නේ. මම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දෙවැනියා. අපි ඉන්නකොට අයි.ටී.එන්. එක අංක එකේ තමයි තිබුණේ. අයි.ටී.එන්. එකේ මම සංස්කෘතික සහ ආගමික කටයුතු උපදේශක. ඊ.ටී.එෆ්. බෝඩ් එකේ මම අධ්‍යක්ෂ. මහින්දගේ 1982 ඉඳන් ආදරණීය මිත්‍රයෙක්. උපදේශකවරයෙක්. අදත් මහින්ද මහත්තයට අතීත සිදුවීම් එකින් එක අරන් බලනකොට හද පත්ලේ පොඩි ආදරයක් තියෙනවා. ඒක හරි හැඟුම්බර ආදරයක්. ඒත් මෙතැන තියෙනවා ප්‍රශ්නයක්. අපි ඒක නොබියව කියන්න ඕනෙ. මේගොල්ලො දෙවැනි සිල්පදය කඩකරනවා. ඒගොල්ලොත් කඩකරනවා, වටේ ඉන්න කට්ටියත් කඩකරනවා. ඒක වැරැදියි. මම ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙ ඉන්නකොට මේ රටේ ප්‍රධානම කාන්තාවකගෙ ස්වාමිපුරුෂයෙක් තමයි බැංකුවේ සභාපති. ඒ වෙලාවෙ ද ෆිනෑන්ස් ආයතනය ගොඩක් වැටිලා තිබුණේ. කොතලාවල මහත්තයත් බන්ධනාගාරයේ හිටියේ. අයිතිකාරයා බන්ධනාගාරයේ ඉන්නකොට ඒ කම්පැනියේ කොටස්වල මිල ඉහළ යන්නේ නෑ. රුපියල් 29, 30ක් වටින ඒ කොටස් රුපියල් 74 ගානෙ ගන්න ගියා. මේක ආරංචි වෙලා ඒ සියලු කටයුතු මම වහාම නැවැත්තුවා. ඒ වෙලාව මම හැප්පුණේ පොඩි කෙනෙක් එක්ක නෙවෙයි. නීතිය සම්බන්ධ ලොකුම කෙනෙක් එක්ක. ඉතින් මම වංචාවට හරි විරුද්ධයි. වංචාවට විරුද්ධ නිසා මට රාජපක්ෂවරුත් එක්ක ළඟින් ගැටෙන්න බැරිකමක් ආවා. නමුත් අපේ අතීත හිතවත්කම් නැතිවෙලා නැහැ.

පහුගිය කාලෙ ඔබට මාධ්‍යවලින් බොහෝ චෝදනා එල්ල වුණා ඔබ රාජපක්ෂවරුත් එක්ක හිටපු කෙනෙක් නිසා. හැබැයි ඒ කිසිම අවස්ථාවක ඔබ වෙනුවෙන් රාජපක්ෂවරු පෙනී සිටිනවා අපි දැක්කේ නෑ. නමුත් ඔබ තාමත් රාජපක්ෂවරුන් වෙනුවෙන් හැඟුම්බරයි. ඔබ හිතනවද රාජපක්ෂවරු ඔබව හැර නොගිහින් තවමත් හිටියා නම්, ඔවුන්ට අද මේ අත්වෙලා තියෙන ඉරණම උරුම නොවේවි කියලා?

ඔබතුමා බොහොම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අද මට සුපර් මාර්කට් එකකට යන්න බෑ, උත්සවයකට යන්න නෑ. මිනිස්සු කියනවා ‘අනේ සර් හිටියා නම් අද අපට මේ විපතක් වෙන්නෙ නෑනේ’ කියලා. අපි හරි දුක් වෙනවා. දුප්පත් මිනිස්සු කන්නේ බොන්නේ බොහොම අමාරුවෙන්. එදා ඒගොල්ලොත් එක්ක හිටියා නම් මැයි මාසෙ 09 වැනිදා මට මොකක්ද වෙන්නේ? මට වෙන්නෙත් පොළොන්නරුවෙ අමරකීර්තිට වෙච්ච දේ. මම මේ ව්‍යසනය කලින් දැක්කා.

ඔබතුමා හිතන විදියට මේ වෙනකොට දේශපාලන කරළියේ ඉන්න රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ කියන කේන්දර හතරෙන් බලගතුම කේන්දරය තියෙන්නේ කාටද?

මට ඇත්ත කියන්න සිද්ධවෙනවා. 1967 ජනවාරි 12 වැනිදා පස්වරුවේ උපත ලබපු කෙනා. ඊළඟ ජනාධිපති ගැන මම දැන් නොකියා කිව්වා. මේක ඉතින් හිතාගන්න පුළුවන්.

ඒ සජිත් ප්‍රේමදාස මහත්මයාද?

ඔව්. මොකද මේ රටේ දුප්පත් ජනතාව සතුටින් ඉන්නවා දකින්න අපි හරි ආසයි. ඒක වෙන්නම ඕනෙ දෙයක්. එතුමාගේ තාත්තා ඉන්න කාලේත් මේ රටේ ජනතාව හරිම සතුටින් හිටියා.



චානක ලියනගේ

SendShareShare
Previous Post

ගිය හැම තරගාවලියකම ප්‍රශ්න! ඔස්ට්‍රේලියාවෙදිත් එහෙමයි! ක්‍රිකට් කළමනාකරු මහින්ද හලංගොඩට එරෙහිව බරපතළ පැමිණිලි!

Next Post

ළමයින්ට පුදුම අපලයක්! සිසුවෙක් ප්ලාස්ටික් වතුර බෝතලයකින් ගහපු පාරට අනෙක් සිසුවා මියයයි!

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.