• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ අපල අවසන්ද?

September 26, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ඔබේ අපල අවසන්ද?
Share on WhatsAppShare on Facebook

ඕනෑම ජන්මියකුට අයහපතක් ඇති වන කාල, එහෙමත් නැත්නම් අපල කාල ගණනාවක් ගැන ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. මේ අතරින් සෙනසුරුගේ විවිධ අපල සම්බන්ධයෙන් විශාල පිරිසක් උනන්දු වෙනවා. ඒ වගේම සෙනසුරු අපලයට විශාල පිරිසක් බය වෙනවා. තැති ගන්නවා. ඒ වගේම සෙනසුරුගේ ගමන ගැනත් හැම කෙනෙක්ම වගේ උනන්දු වෙන්නේ සෙනසුරු ඒරාෂ්ටක අපල නිසාමයි. ජ්‍යොතිෂය ගැන දන්න ඕනෑම කෙනෙක් සෙනසුරුගේ ඒරාෂ්ටක අපලයට බියක් දක්වනවා. ඒකටත් හේතු රාශියක් තිබෙනවා. සෙනසුරු ඒරාෂ්ටකයක් ලැබුවාම රජකු වුණත් රජකම අහිමි වී පාරට වැටෙන බවටත් මතයක් තිබෙනවා. ඊළඟට සෙනසුරු ඒරාෂ්ටක අපල කාලවලදී ිසිද්ධ වෙන විවිධ අසුබපල විපාක ගැන ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා.

ඒ අනුව සෙනසුරු අපල කාලවලදී දිළිඳු බවට පත්වීම, ශරීරය අවලස්සන වීම, ශරීර ශක්තිය, චිත්ත ශක්තිය හීනවීම, ධන හානි වීම, හිතවතුන්ගේ, ඥාතීන්ගේ පවා වැඩකටයුතු ප්‍රමාද වීම, තැනට සමීප පිරිස් හිටි හැටියේ දුරස් වීම, දඬුවම්වලට ලක්වීම, රෝග පීඩා ඇති වීම ආදිය සෙනසුරු අපල කාලවලදී මුහුණ දීමට සිදුවන ගැටලුවලින් කිහිපයක්.

සෙනසුරු ග්‍රහයා ලග්න රාශිය ඊට කලින් රාශිය (12 වැන්න සහ) ඊට පසු රාශිය (එනම් 2 වැන්න) අතර ගමන් කරන වසර 7 1/2ක කාලය ලග්න ඒරාෂ්ටකයක් ලෙසයි හඳුන්වන්නේ. යම් ලෙසකට චන්ද්‍රයා කේන්දරයේ 2, 3, 4 භාවයක සිටියොත් අපල කාලය තවත් දීර්ඝ වෙනවා. එයට හේතුව තමයි ඕනෑම කේන්දරයක සිටින රාශිය. ඊට කලින් රාශිය වගේම ඊට පසු රාශිය හරහා සෙනසුරු ගමන් කරන වසර 7 1/2ක කාලයත් ඒරාෂ්ටක හැටියටයි සලකන්නේ.

මීට අමතරව ලග්න භාවයෙන් 8 වැන්න හරහා සෙනසුරු ගමන් කරන කාලයක් අෂ්ටම ඒරාෂ්ටක කාලයක් ලෙසිනුයි හඳුන්වන්නේ. තවද සඳුගෙන් 8 වැන්න හරහා සෙනසුරු ගමන් කරන කාලය චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකයක් ලෙසද හඳුන්වනවා.

කෙනෙක් උපදින අවස්ථාවේ ලග්න රාශියක් තමන් උපදින ස්ථානයේ සිට නියම නැඟෙනහිර ක්‍ෂිතජයේ මතු වී තිබුණු අංශ කලා ගණන ලග්න ස්ථුමය ලෙස හඳුන්වනවා. සෙනසුරුගේ ඒරාෂ්ටකයට ගොදුරු වූ කෙනෙක් තමන්ගේ ලග්න ස්ථුමය මගින් සෙනසුරුද ගමන් ගන්නා මොහොත දැනගෙන ගොඩක් පරෙස්සම් වෙන්න ඕනෑ. ඒ තමයි අපලයේ උපරිම අවස්ථාව. තමන් උපදින රාශියේ සඳු ඉදිරියට ගොස් තිබුණු අංශක කලා ගණන චන්ද්‍ර ස්ථුමය ලෙසින් දක්වනවා. ජන්ම ඒරාෂ්ටකයට ගොදුරුව සිටි කෙනකුගේ අපලයේ උපරිම අවස්ථාව චන්ද්‍ර ස්ඵුටය හරහා සෙනසුරු ගමන් කරන වෙලාවයි. ඒ අයත් ගොඩාක් පරෙස්සම් වෙන්න ඕනෑ.
සමහර කේන්දරවල නම් ලග්න ස්ඵුටය චන්ද්‍ර ස්ඵුටය අංශක කලාවලින් සටහන් කරලා තියෙනවා. ඒත් සමහර කේන්දරවල එහෙම නැහැ. එවැනි අවස්ථාවල නවාංශක කේන්දරය ඇසුරෙන් අංශක 3යි කලා 20ක සීමාවක් තුළ ලග්න ස්ඵුටය සහ චන්ද්‍ර ස්ඵුටය සොයාගන්න පුළුවන්. මේ සඳහා උදාහරණයක් විදියට ඔබගේ ලග්නය ධනු නම් එහෙම නැත්නම් චන්ද්‍රයා ඉන්නේ ධනු රාශියේ නම් ඔබගේ ලග්න ස්ඵුටය සහ චන්ද්‍ර ස්ඵුටය පහත වගුවෙන් බලාගන්න පුළුවන්.
ධනු ලග්නය
නවාංශකය ලග්න ස්ඵුටය
අංශක කලා සිට අංශක කලා
මේෂ 00 00 සිට 03 20 දක්වා
වෘෂභ 03 20 සිට 06 40 දක්වා
මිථුන 06 40 සිට 10 00 දක්වා
කටක 10 00 සිට 13 20 දක්වා
සිංහ 13 20 සිf 16 40 දක්වා
කන්‍ය 16 40 සිට 20 00 දක්වා
තුලා 20 00 සිට 26 20 දක්වා
වෘශ්චික 23 20 සිට 26 40 දක්වා
ධනු 26 40 සිට 30 00 දක්වා
ඔබ ඉපදී ඇත්තේ ධනු රාශියේ මේෂ නවාංශකයෙන් නම් ඔබගේ ලග්න ස්ඵුටය ධනු රාශියේ අංශක 0යි කලා 20ත් අතර වෙනවා. එතකොට සෙනසුරු ග්‍රහයා රාශියේ මුල් අංශක 3 යි කලා 20 සීමාව පසුකරමින් ගමන් කරන දින ලිතෙන් බලාගන්න පුළුවන්. මේ කාලයේ ඔබ ඉතා හොඳින් පරෙස්සම් වෙන්න ඕනෑ. මොකද අනතුරුවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩියි. මේ විදියටම ඔබට චන්ද්‍ර ස්ඵුටය ගැනත් අදහසක් ගන්න පුළුවන්. ඔබගේ කේන්දරයේ චන්ද්‍රයා ධනු රාශියෙත් නවාංශක කේන්දරයේ වෘෂභ නවාංශකයේත් ඉන්නවා නම් චන්ද්‍ර ස්ඵුටය වන්නේ අංශක 03 කලා 20ත් අංශක 06යි කලා 40ත් අතර,

මේ විදියට බලද්දී ඒරාෂ්ටක අපල අපි කාටත් යෙදෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි වැදගත් වෙන්නේ අපි ප්‍රවේශම් වීමයි. ඊළඟට සෙනසුරු අපලවලට විෂ්ණු දෙවියන්ට පුදපූජා පැවැත්වීම කාක නිල් මැණික් ගලක් පැලඳීම, සෙනසුරාදා උදේම ගිතෙල් මිශ්‍ර කිරිබතක් කපුටන්ට දීම ආදී කටයුතු කරන්නට හැකි නම් වඩාත් හොඳයි. ඊළඟ කාරණය තමයි හැකි තරම් දැහැමින් ජීවිතය ගෙවීම එතකොටත් සෙනසුරු අපලය අවම වෙනවා.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

අඟල් 12 පොල් 60යි: අඟල් 13ට වැඩි 70යි

Next Post

ඉහළට යන පඩිපෙළ ඔබව පහළට වට්ටයි

MORE NEWS

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Astrology

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

ඔබත් විෂ කන්‍යාවක්ද?
Astrology

සල්ලි එන පාරවල් එක පිට එක වැහෙන ඊසාන දිග…! මෙන්න කඩන්නේ නැතුව ගොඩයන සරල පිළියම්…! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.