අද දිනයේ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඇප මුදල් භාර නොගන්නා ලෙසට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
ඒහිදී ඔහු පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇති බවත්, ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධී ආකාරයට මැතිවරණ කොමිසම වෙත බලපෑම් සිදු කරමින් සිටින බවත්ය.
එමෙන්ම මේ ආකාරයේ ලිපි යොමු කිරීමට අමාත්‍යංශ ලේකම් හපුහින්න මහතාට බලයක් නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










