• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

බයික් තුනෙන් රට වටේ – අපි දැන් කන්කසන්තුරේ

January 20, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
බයික් තුනෙන් රට වටේ – අපි දැන් කන්කසන්තුරේ
Share on WhatsAppShare on Facebook

දඹකොළපටුන පින්බිමත් වැඳ පුදාගත් ඇවිදිමු ලංකා සංචාරක කණ්ඩායමේ අපි බඩගින්නට බඩපිරෙන්න බිස්කට් කා නැවතත් ගමන පටන් ගත්තා. දඹකොළපටුන ආසන්නයේ කිසිම කඩයක් නොමැත. යුදහමුදා ආපනශාලාවල ආහාරද අවසන් වී තිබිණි. අපේ ඉලක්කය පේදුරුතුඩුව ආසන්නයටම වත් ගොස් දෙවැනි දින රාත්‍රිය ගත කිරීමටය. මේ ඒ ගමනයි.
රට වටා යන මේ ගමනේ ගොඩක්ම අපිට අව්වෙන් දුෂ්කරතා ඇති වුණේ යාපනය සිට පොන්නලායි, පේදුරුතුඩුව මාර්ගයේ යනකොට තමයි. මේ මාර්ගය අබලන් හා කුණු දුහුවිලි පිරුණු මාර්ගයකි. යාපනයේ සංචාරය කරන්නට එන සංචාරකයන් වැඩි දෙනකු නොයන ඒත් ප්‍රසිද්ධ තැනකට අපි ගියා. යාපනය පොන්නලායි පේදුරුතුඩුව මාර්ගයේ දඹකොළපටුන විහාරයේ ඉඳන් කිලෝමීටර නවයක් දුර එන කොට ඉතාමත් ප්‍රසිද්ධ කීරමලේ පොකුණ හා නගුලේශ්වරම් කියන කෝවිලත් හමු වෙනවා. ඉතාමත් පැරණි කෝවිල හා පොකුණ රමණීය සහ පුදුම සහගතයි. කීරමලේ යනු යාපනය දිස්ත්‍රික්කයේ පුරාණ කන්කසන්තුරෙයි වරායට යාබදව පිහිටි නගරයකි. නගුලේශ්වරම් කෝවිල පිහිටා ඇත්තේ මෙම ස්ථානයේය. කීරමලෙයි පොකුණෙහි විශේෂත්වය නම් මුහුදට යාබදව තිබුණත් එහි ඇත්තේ කරදිය නොව මිරිදිය වීමයි. නගුලේශ්වරම් කෝවිල ඓතිහාසික වශයෙන් හැඳින්වෙන්නේ තිරුඩම්බලේශ්වරම් කෝවිල ලෙසයි. පළාතේ ඇති පුරාණතම හින්දු සිද්ධස්ථානවලින් එකක් ලෙස සැලකෙන මෙය ශිව දෙවිඳුන්ගේ පුරාණ ඊශ්වරම් පහෙන් එකක් ලෙස සැලකෙනවා. කීරමලෙයි පොකුණ පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි විසිපහක් ඉහළින්ය. පොළොව අභ්‍යන්තරයේ ඇති උල්පතකින් මිරිදිය උනන බව සැලකෙනවා. ආඬි නොහොත් ජූලි මාසයේ යෙදෙන අම්මාවාසි දිනය නිමිති කරගෙන කරනු ලබන පූජාවන් සඳහා බොහෝ හින්දු බැතිමතුන් මෙම පොකුණෙන් නා පිරිසුදු වීම සඳහා පැමිණෙනවා.

සිංහල, දෙමළ, මුස්ලිම් මේ කොයි කවුරුත් එක්ක අපිත් මේ පොකුණෙන් හොඳටම නා ගත්තා. ගමන් මහන්සිය එක්ක මේ වතුරට බැහැල ඉන්න ටික වෙලාවත් හරිම සනීපයක්. මේ පොකුණ ඉදිකළ වර්ෂය සහ ඉදිකළ පුද්ගලයන්ගේ නම් හරි හැටි හොයාගත්තේ නැති වුණත් දෙමළ අයගේ මතය නම් මෙයත් රාවණා රජුගේ නිර්මාණයක් බවයි. මෙම පොකුණට ජලය පැමිණෙන උමං මාර්ගයක් ඇති බව විශ්වාස කරයි. නිලාවරෙයි පතුලක් නැති ළිඳෙන් මේ පොකුණ පිරවෙන බව තවත් විශ්වාසයකි. එහි සත්‍ය අසත්‍ය සොයා යෑමට යාපනය තරුණ පිරිසක් නිලාවරෙයි පතුලක් නොමැති ළිඳ තුළට දෙහි ගෝනියක් දමා ඇත. එවිට දිනකින් එම දැමූ දෙහි කීරමලේ පොකුණෙහි පාවි පාවී තිබී ඇත. එම සිදුවීමත් සමඟ උමං මාර්ගය පිළිබඳව තිබූ මතය තහවුරු කරගෙන තිබේ.

‘ගොඩට වරෙන් යකෝ තව කොච්චර දුර යන්නද’ කියලා අපේ අය කෑගැහුවත් පොකුණෙන් ගොඩට එන්න නම් හිතක් ඇත්තෙම නෑ. ඒ අත්දැකීම ඒ තරම්ම සුන්දරයි. සනීපයි. මේ පොකුණෙහි ජලය හැම විටම පිරිසුදුය. එක් පැත්තකින් ජලය පොකුණට පිරවෙන විට අනිත් පැත්තෙන් ජලය පිට වී යයි. එම නිසා සෑම විටම මෙහි ජලය පිරිසුදුය. මෙහි නෑමේදී සබන් හෝ ෂැම්පු භාවිත කිරීමට ඉඩ නොදෙයි. ඒ සඳහා පොකුණ අසලම නාන කාමර විස්සක් පමණ ඉදිකර ඇත. ඔබ යාපනයේ සංචාරයේ යෙදෙන්නේ නම් කීරමලේ පොකුණට මොහොතකට හෝ ගොස් පැමිණෙන්න අමතක කරන්න එපා.

යාපනයට ආවේණික පලතුරක් තමයි යාපනය මිදි. ඒ වගේම යාපනයට ආවේණික තල් හකුරු, පෙට්ටි හකුරු, මිදි වයින් වගේ හැම දෙයකම රස විඳින්නත් මේ පොකුණ ළඟදි පුළුවන්.
නාල කරලා ගොඩට එනකොට හොඳටම හවස් වෙලා. කොහොම වුණත් අද අපේ ඉලක්කයට යා යුතුමය. මඟ රැඳී සිටිය හොත් සංචාරක දින ගණන දීර්ඝ වෙයි. රෑ වුණත් කමක් නෑ කියලා හිතාගෙන අප පොන්නලායි මාර්ගයේ පේදුරුතුඩුව දක්වා යන්න ගියත් යනකොට ගොඩක්ම කළුවර වුණා. නා ගත්ත හින්දා බඩගින්නත් වැඩියි. ඒ හින්දම කන්කසන්තුරෙයි මුලින්ම හම්බ වුණ කඩෙන් කොත්තු ගත්තත් මෙලෝ මිනිහෙක්ට කන්න බැරි තරම් සැරයි. කන්කසන්තුරෙයි වෙසෙන දෙමළ වැසියන් නම් එකදු සිංහල වචනයක් හෝ නොදනියි. තිස්වසරක සාපලත් යුද්ධය ඔවුන්ගේ සිත්වල තවමත් අළුයට ගිනි පුපුරු සේ ඇති බවක් රැවුම් ගෙරවුම් තුළින් සිතේ. දවල්ටත් හරියට කෑමක් නැතිව රෑටත් නැතිව තවත් පැද යන්න බැරි තැන කන්කසන්තුරෙයි පාර අයිනකවත් කුඩාරම් ගහලා ඉන්නවා කියලා හිතලා ඒකට සුදුසු අම්බලමක් වැනි ගොඩනැඟිල්ලක් හොයාගත්තත් ඒ ළඟම තිබ්බ යුද හමුදා මුරපොළේ උපදෙස වුණේ මෙය අධි ආරක්ෂිත කලාපයක් බවත් මෙහි ගැවසීම තහනම් බවත්ය. දැන් ඉතින් කරන්න දෙයක් නැති තැන කන්කසන්තුරෙයි නවතින්න හෝටල් කාමර හෙව්වත් හම්බ වුණේ නෑ. තිබ්බත් ඒ කාමර දෙන්න ඔවුන් බියක් දැක්වීය. යාපනය, පොන්නලායි, පේදුරුතුඩුව මාර්ගය කීරමලේ ආසන්නයෙන් රාත්‍රී නවය වන විට වසා දමයි. විශේෂ අවසර මත පමණක් එම මාර්ගය භාවිතා කළ යුතුය. ඒ ජරමර අස්සේ අපේ බයික්වල පෙට්‍රලුත් අඩුවේගෙන එනවා. කොහොම හරි නවතින්න තැනක් හොයාගෙන යනකොට පෙට්‍රල් ෂෙඞ් එකක් නම් හම්බ වුණා. අපි ටැංකි ටිකත් පුරවන් ඉන්න තැනකුත් නැති නිසා මහ රෑම පේදුරුතුඩුව දක්වා ආවේ වෙන කරන්න දෙයක් නැති නිසා. පේදුරුතුඩුව ඇත්තටම රෑටත් ලස්සනයි කියල හිතුණෙ ලංකා සිතියම සහිත කණුව දැක්කම. මුහුද රැල්ලත් වේගයෙන් ඇවිත් ඒ අසලම ඉහළට එසවුණු ගල් කුළු මත වැදී ඒ ජල පහරින් මීදුමක් විදියට විසිරෙන මුහුදු වතුර අඳුරේම විවිධ රටා මවයි. රාත්‍රිය ගත කරන්න නියම තැනක් වුවත් මුහුදු රළ එන්න එන්නම රළු වෙයි. මුළු පාරම මුහුදු වතුරින් තෙත් වෙයි. පේදුරුතුඩුවට රෑ දහයට විතර වෙනකොට අපිට එන්න පුළුවන් වුණා. ඉන්න තැනක් නැති නිසා අපි කතා වුණේ අපිට යන්න පුළුවන් උපරිම දුර යන්නයි. අපි කොඩිකාමම් අබලන් වෙච්ච පාරේ එනකොට මේ යන ගමන ගැන පැහැදීමක් තිබ්බේ නෑ. අපි රෑත් පැදලා අනිත් දවසෙත් පදින්න ඕනෑ. පාළුවට ගිය ගෙවල් දොරවල්, සුසානභූමි, එක දිගටම තියෙන තල් අරණක අපි නැවතුණේ අපේ කූඩාරම් ටික අටවන් ඉන්න හිතාගෙන. ළඟම වතුර වළකුත් තියන නිසාත් අහල පහළ කිසිම මිනිස් වාසයක් නොමැති නිසාත් ඒ පාළු මූසල රාත්‍රිය ගෙවන්න හිතේ පොඩි බයකුත් නොතිබ්බාම නෙවෙයි.

ගෙදර ඉන්නවාට වඩා නින්ද ගියාද මන්දා. ගමනේ මහන්සියත් එක්ක හොඳටම නින්දත් ගියා. උදේ ඇහැරිලා බලනකොට ඉරත් පායලා පාරේ වාහනත් යනවා. ඉක්මනින් ටෙන්ට් ටික ගලවන් මුහුණ වත් හෝද ගන්නෙ නැතිව එතැනින් පිටත් වුණේ අනුන්ගෙ ඉඩමක අනවසරයෙන් ඉන්න වුණ නිසා. කොඩිකාමම් ටවුන් එකට ගිහින් උදේ කෑමත් කාලා ආයේමත් තුන්වැනි දවසේ ගමන ආරම්භ කළේ ජීවිතයට අමතක නොවන අත්දැකීම් රැසක් එක්ක. කොඩිකාමම් නගරයේ තිබුණු දෙමළ කඬේ කෑම නම් අදත් මතක් වෙනකොට දිව අගට රසය දැනෙනවා. ඉට්ලි, වඬේ, තෝසේ, උළුඳු මේ කෑමවල තියෙන රසය, හැඩය, ගුණය නම් අපේ ගෙවල්වල හැදුවත් ගන්න බැරි තරම්.
එක පිම්මට ගියපු අපිට වේග සීමා නිසාවෙන් පොලිස් දඩ කෑම්වලටද අහුවෙන්න සිද්ධ වුණා. තුන්වැනි දවසේ එලිපන්ට් ෆාස්ට් දක්වා පැමිණ අපගේ විරෝදාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ බිම සියැසින් දැක බලා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර ලබාදුණි. ජීවිත දහස් ගණනක් බිලි වීමට ඉඩ නොතබා තම ජීවිතය පරිත්‍යාග කර පිපිරවූ ඩෝසරය එනම් හසලක රණවිරු ස්මාරකයද දැකීමෙන් ඔහු කළ ඒ ක්‍රියාන්විතය දැක ඉබේ ඇතිවූ ගෞරවය, ආදරය, නිසා නෙතින් කඳුළක් උනන තරමටම වැඩි විය. කිසිදු දෙයක් නොවුණ ගානට නන්දිකඩාල් කලපුවත් එදා සිදුවූ අමිහිරි මතක සමඟ ඔහේ ගලා යයි. මොහොතකට නතර වුණ අපි නන්දිකඩාල් එදා සහ අද සංසන්දනය කරනවිට යම්තාක් දුරකට එදා කොටි විසින් සුනු විසුනු කළ පාලම අලුතින් නිම කර ඇති බවක් පෙනෙයි. ලහි ලහියේ ඉදිවූ මේ පාලම නම් ඉතාමත් අනාරක්ෂිත එකකි. වාහන දෙකක් එකවර එහාමෙහා මාරු වන්නට තරම්වත් ඉඩක් නැත. අපි නන්දිකඩාල් පසුකර මුලතිව් හරහා ත්‍රිකුණාමලය වෙත ගමන් කරන්නෙමු. එනම් ලංකාවේ උතුර කොනේ සිට වෙරළ අයින දිගේ නැඟෙනහිර වෙත ගමන් කරන්නෙමු. මුන්නේශ්වරම හා ලංකාවේ මෑතකදී කතාබහට වැඩියෙන්ම ලක්වූ බෞද්ධ උරුමය, ත්‍රිකුණාමලයේ සුන්දර නිලාවේලි මතක එක්ක ලබන සතියෙන් ආයෙත් හමු වෙමු.
ඉදුන් සම්පත් දැරණියගල

SendShareShare
Previous Post

එතෙර සිට මුදල් එවන ඔබට ලංකා බැංකුවෙන් ‘පිටපිට රට තෑගි’

Next Post

රන්ජන්‌ගේ හඬ පටවලට සිංගප්පූරුවත් පැටලෙයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කර ගෙන තිබේ.Sri Lanka Latest News ඒ අනුව ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් මෙම...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.