රන්ජන් රාමනායක මහතාගේ හඬ පට විශ්ලේෂණය කිරීම සදහා මෙරට පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම මත අධි ධාරිතාවෙන් යුත් නවීන සන්නිවේදන උපකරණ සිංගප්පූරුවෙන් ගෙන්වීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව මෙම අති නවීන උපකරණ තොගය අද (20) හෝ හෙට (21) පොලිස් මූලස්ථානය වෙත ලැබීමට නියමිත බව දැනගන්නට තිබේ.
මෙම හඬ පට විශ්ලේෂණය සදහා පොලිස් කණ්ඩායම් 10ක් පත්කිරීමට පියවර ගෙන ඇති අතර ලක්ෂයකට අධික හඬ පට ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමට නියමිත බවද වාර්තා වේ.










