• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නරේන්ද්‍රසිංහ රජුගේ සඳගල සොරකම් කරන් ගිය ලොරියේ ඩ්‍රයිවර්වයි ‌ගෝලයාවයි අල්ලලා! ඒත් තවම සඳගල නෑ! පැය 24ක් තිබිලා තියෙන්නේ මහනුවර කෝටිපතියකුගේ ගෙදරක! හොරකම් කරද්දි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුත් ඉඳලා! ආරක්ෂාව දුන් ඩිෆෙන්ඩරය කාන්තාවකට අයිති එකක්! ඔක්කොම හොයාගෙන! හැබැයි තවම කවුරුවත් අල්ලලා නෑ!

January 9, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගාවේ තිබූ කිලෝ 1000ක් බර ‘සඳගල’ ‌ඉස්සූ හොරු අහුවෙයි! ලොරියක පටවගෙන යද්දී ඩිෆෙන්ඩරයකින් ආරක්ෂාව දීලා! මහනුවර දේශපාලකයෙකුගේ ඡන්ද වැඩවලටත් මේ ඩිෆෙන්ඩරය පාවිච්චි කරලා!
Share on WhatsAppShare on Facebook

කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ සඳගල නමින් ප්‍රකට කිලෝ දහසකට අධික බරකින් යුත් ස්මාරකය සොරා ගැනීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු කෑගල්ල මොරගොඩදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

සඳගල සොරාගෙන යෑමට යොදා ගත් කැන්ටර් වර්ගයේ රථයේ රියැදුරු සහ රිය සහායක ලෙස කටයුතු කළ දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

එක් සැකකරුවෙක් දිවුලපිටියේ පදිංචිකරුවෙක් වන අතර, අනෙක් සැකකරු මහනුවර හිරැස්සල පදිංචිකරුවෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙතෙක් කර ඇති විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මේ සොරකම සිදු වූ පසුගිය දෙසැම්බර් මස 14 වැනිදා යතුරුපැදි දෙකකින් ද, කැන්ටර් වර්ගයේ රථයකින් ද, බූම් ට්‍රක් රථයකින් ද, ඩිෆෙන්ඩරයකින් ද පිරිසක් කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයට ගොස් ඇති බවයි. මේ පිරිස අතර දේශපාලන සම්බන්ධකම් ඇති කිහිප දෙනෙක් ද සිට ඇති අතර, ඒ එක් අයෙක් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙක් බවට තොරතුරු ලැබී තිබේ. ඒ හැරුණු කොට මහනුවරම දන්නා කියන පුද්ගලයන් ද මේ සොරකම පිටුපස සිටින බවට තොරතුරු හෙළි වී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. එහෙත් එම කණ්ඩායමට මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිසිදු බලපෑමක් කිරීමට හැකියාව ලැබී නැත. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් මේ සොරකම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට මුල් වී ඇත්තේ ද මේ සොරකම ගැන මහනුවරින් කළ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවීම හේතුවෙනි.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ බූම් ට්‍රක් රථයේ පටවා ගත් සඳගල පල්ලෙකැලේ පොලිස් වසමේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ගරාජයක පැය 24කට වැඩි කාලයක් තිබී ඇති බවයි. ඒ කාලයේ එම ව්‍යාපාරිකයාට විවිධ පුද්ගලයන්ගෙන් ලැබී ඇති දුරකතන ඇමතුම් ගැන මෙන්ම එම නිවෙසට ආගිය අය ගැන පවා විශේෂ අවධානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කර තිබේ. සොරා ගත් සඳගල මේ වන විට සඟවා ඇත්තේ කොහේදැයි නිශ්චිත තොරතුරක් මෙතෙක් ලැබී නැති අතර, බොහෝ විට එය කොළඹට රැගෙන ගොස් ඇති බවට සැක කරන තොරතුරු රැසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවලින් හෙළි වී ඇත. මේ සොරකමට යොදා ගත් බූම් ට්‍රක් රථය මහනුවර අරුප්පල ප්‍රදේශයේ සඟවා ඇති බවට ලැබී ඇති තොරතුරකට අනුව එම රථය සොයා ඊයේ මෙහෙයුමක් ද ආරම්භ කර තිබුණි. දුරකතන ජාල විශ්ලේෂණයේදී මේ සොරකමට සම්බන්ධ වී ඇති පුද්ගලයන් රැසකගේ තොරතුරු ලැබී ඇති අතර, ඒ අය සම්බන්ධයෙන් පෙර හා පසු හැසිරීම් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. සඳගල පැය 24ක් සඟවා තිබී ඇත්තේ ද මේ සොරකමට ඩිෆෙන්ඩරයක නැඟී පැමිණි ව්‍යාපරිකයාගේ නිවෙසේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය. එම ඩිෆෙන්ඩරය ලියාපදිංචි කර ඇත්තේ කාන්තාවකගේ නමට බව ද සඳහන්ය. එම ඩිෆෙන්ඩරය මහනුවර තවමත් තිබෙන බව ද පොලිස් අභ්‍යන්තර තොරතුරු සඳහන් කළේය.

මේ ඩිෆෙන්ඩර්කරු සඳගල රැගෙන යන බූම් ට්‍රක් රථයට ආරක්ෂාව සපයමින් ගමන් කරන ආකාරය ආරක්ෂක කැමරා කිහිපයකම සටහන්ව තිබෙන බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. සඳගල නමැති පුරාවිද්‍යා ස්මාරකය සොරා ගැනීම සිදුව ඇත්තේ සංවිධානාත්මකව බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. සඳගල ඇතුළේ ඇතැයි සැලකෙන මුතු මැණික් ගැනීමේ අරමුණින් මේ සොරකම සිදු කර ඇති බවට විශ්වාස කෙරේ.

මහා රෑ පැමිණ සොරා ගත් මේ පුරාවිද්‍යා ස්මාකරය තිබුණු භූමිය ක්‍රිස්තු වර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන වසර 32ක් පමණ රජ කළ අවසන් සිංහල රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටියේ යැයි පැවසෙන ප්‍රදේශයකි. කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ මේ සඳගල අඩි හතරක් පමණ දිගින් සහ අඩි තුනක පමණ උසකින් යුක්තය.

SendShareShare
Previous Post

තවම පරීක්ෂණ ඉවරත් නෑ! වාර්තා ලැබිලත් නෑ! ෂාෆ්ටර් මැරෙන හැටි ප්‍රැක්ටිස් කරන්න කනත්තට ගිහිල්ලත් නෑ! සියදිවි නසා ගැනීමක් කියලා අපි උසාවියට කිව්වෙත් නෑ! පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්! එතකොට ෂාෆ්ටර් මරණය සිය සිවි නසාගැනීමක් කියලා වහන්න හදන ප්‍රබලයෝ කව්ද? පත්තරවල නිව්ස් ගහන්නේ කොහොමද?

Next Post

යාපනයේ ඇවිදිනකොට විජේවීර – වික්ටර් – කුණ්ඩුමනී – ප්‍රේමකීර්ති – පොන්නාලෙයි වරදරාජ – ෆෙඩී සිල්වා මතක් වෙන තැන්…

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.