• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවම පරීක්ෂණ ඉවරත් නෑ! වාර්තා ලැබිලත් නෑ! ෂාෆ්ටර් මැරෙන හැටි ප්‍රැක්ටිස් කරන්න කනත්තට ගිහිල්ලත් නෑ! සියදිවි නසා ගැනීමක් කියලා අපි උසාවියට කිව්වෙත් නෑ! පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්! එතකොට ෂාෆ්ටර් මරණය සිය සිවි නසාගැනීමක් කියලා වහන්න හදන ප්‍රබලයෝ කව්ද? පත්තරවල නිව්ස් ගහන්නේ කොහොමද?

January 9, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
තවම පරීක්ෂණ ඉවරත් නෑ! වාර්තා ලැබිලත් නෑ! ෂාෆ්ටර් මැරෙන හැටි ප්‍රැක්ටිස් කරන්න කනත්තට ගිහිල්ලත් නෑ! සියදිවි නසා ගැනීමක් කියලා අපි උසාවියට කිව්වෙත් නෑ! පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්! එතකොට ෂාෆ්ටර් මරණය සිය සිවි නසාගැනීමක් කියලා වහන්න හදන ප්‍රබලයෝ කව්ද? පත්තරවල නිව්ස් ගහන්නේ කොහොමද?
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් එම ඝාතනය සම්බන්ධයෙන් නිශ්චිත තහවුරු කර ගැනීමක් සිදු කර නැත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති නඩු භාණ්ඩ 14ක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා පවා ලැබී නැති බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තාමත් නිශ්චිත තහවුරු කර ගැනීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කර නොමැති බවත් අධිකරණයට පවා ඒ ගැන කිසිවක් වාර්තා කර නොමැති බව තමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙන බවත් නිහාල් තල්දූව මහතා කීය.

“අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් සාක්ෂි විභාගයේ පරීක්ෂණය පසුගිය සතියේ සිදු වුණා. ඒ වෙලාවේ ෂාෆ්ටර් මහතාගේ පවුලේ අය තමයි ඉල්ලීමක් කළේ මාධ්‍යයට මෙය නිරාවරණය කරන්න එපා කියල. ඒ නිසයි මාධ්‍ය නොමැතිව මෙම විභාගය සිදු කළේ. එහිදී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිඳගෙන් සහ ඔහුව සුසාන භූමියේ සිට රෝහල වෙත රැගෙන ගිය ක්‍රිෂ් පෙරේරා යන අයගෙන් පමණයි සාක්ෂි සටහන් කර ගත්තේ. සුසාන භුමියේ සේවකයින් දෙදෙනෙකුගෙන් ඇතුළු තවත් විශාල පිරිසකගෙන් සාක්ෂි විභාග කරන්න තියෙනවා. රස පරීක්ෂණ වාර්තා ලැබෙන්න තියෙනවා. සුසාන භූමියේ සේවකයෙක් කියනවා මෝටර් රථය අසල ඉඳන් කෙනෙක් ගියා කියල. එයාව ඔහුට හඳුනා ගන්න පුළුවන් කියලත් කියනවා. එහෙම තියෙන කොට කොහොමද අපි නිශ්චිත වශයෙන්ම මේක සියදිවි නසා ගැනීමක් කියල කියන්නෙ. අපි අධිකරණයට එහෙම දෙයක් කියන්න ගියේ නැහැ. අනික අපිට එහෙම කියන්නත් බැහැ.” යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මේ ගැන කළ විමසුමකදී සඳහන් කරනු ලැබුවේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතා පෙර අවස්ථාවකදී සුසාන භූමියට ගොස් සියදිවි හානි කර ගැනීමට පුහුණු වෙලා ඇතැයි සිය විමර්ශනවලින් මෙතෙක් අනාවරණය වීමක් සිදුව නොමැති බවද එම නිලධාරියා කීය. අඩුම තරමින් ඔහුගේ ඝාතනය සිදු වූ ආකාරය ගැන සාක්ෂියක් නොමැතිව සිටියදී ඔහු පෙර අවස්ථාවක එහි පැමිණ සියදිවි හානි කර ගැනීමට පුහුණුව ලැබුවේ යැයි කියන්නට කිසිදු සාක්ෂියක් මෙතෙක් සිය විමර්ශනවලින් ලැබී නැති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

සතිඅන්ත අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය

‘ෂාෆ්ටර් මරණය දිවි නසා ගැනීමක්! සීඅයිඩිය තහවුරු කරයි!

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත.

දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගැනීමට දින පහකට පෙර එනම් දෙසැම්බර් 10 වැනිදාත් බොරැල්ල පොදු සුසාන භූමියේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පෙර අත්හදා බැලීමක් කර ඇති බවද මෙතෙක් කරන ලද විමර්ශනවලින් සනාථ වී තිබේ.

මේ බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ මාධ්‍යයට විවෘත නොවූ මහෙස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාගයේ දී පවුලේ අයටද දැනුම් දී තිබේ. දිනේෂ් ෂාෆ්ටර් ඉකුත් දෙසැම්බර් 15 වැනිදා මෝටර් රථය තුළ ගෙල සහ දෙඅත් සිරවන ලෙස ගැටගසා තිබියදී බොරැල්ල කනත්තේ සේවකයකු හට හමු වී ජාතික රෝහලට ඇතුළත් කර පැය පහකට පසුව මරණයට පත්විය. ඔහුගේ වාහනය නවතා තිබුණේ බොරැල්ල පොදු සුසාන භූමියේ ‘අනාථ පැත්ත’ ලෙස හඳුන්වන ප්‍රදේශයේය.

ඔහුගේ ගෙල සිරවී තිබූ ඇන්ටනා කේබලයේ හා අත් සිරකර තිබූ ටයි කේබල් ඔහුට අයත් නිවසේත් තිබී රස පරීක්ෂක නිලධාරීන්ට හමු වූ අතර එය ඔහු මිලදී ගෙන තිබුණේ නිවසේ සේවකයකු මාර්ගයෙනි. ෂාෆ්ටර් දෑත්වලට කේබල් ටයි දමාගෙන රියැදුරු අසුන උපයෝගී කරගෙන ඇන්ටනා වයරයෙන් ගෙල සිරකරගෙන ඇති බවත්, එකවර අවසන් හුස්ම නොගියේ ඔහු විසින්ම ගෙල සිරකරගත් නිසා බවත් හෙළි වී ඇත.

සියදිවි නසා ගැනීමට පෙර ඔහුගේ හැසිරීම් රැසක් සාක්ෂි සහිතව විමර්ශකයන් දැනටමත් සොයාගෙන ඇතැයි විමර්ශන ප්‍රධානියකු අනාවරණය කළේය. ව්‍යාපාර කටයුතු නිසා ණය බර වැඩිවීමෙන් මානසික ආතතියෙන් (Depression) මොහු වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගත් බව ප්‍රතිකාර කළ වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි ලබා දී තිබේ.

මෙම සාක්ෂිවලට අමතරව භෞතික හා විද්‍යාත්මක සාක්ෂිද විමර්ශන සඳහා පදනම් කරගත් අතර මෙම අබිරහස් මරණය සම්බන්ධව ෂාෆ්ටර්ගේ බිරිය, නැන්දණිය ඇතුළු 84 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් අතර සී.සී.ටී.වී. කැමරා දර්ශන හතළිහකින් ෂාෆ්ටර්ගේ සියලු ගමන් මාර්ග පරීක්ෂා කර තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්තමක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත යටතේ විමර්ශන ක්‍රියාත්මකය.

SendShareShare
Previous Post

බය නැති.. ණය නැති.. කළු ගලක් එක්ක හැප්පෙන… කවුද මේ රෝහිණී කවුද මේ ජනක…?

Next Post

නරේන්ද්‍රසිංහ රජුගේ සඳගල සොරකම් කරන් ගිය ලොරියේ ඩ්‍රයිවර්වයි ‌ගෝලයාවයි අල්ලලා! ඒත් තවම සඳගල නෑ! පැය 24ක් තිබිලා තියෙන්නේ මහනුවර කෝටිපතියකුගේ ගෙදරක! හොරකම් කරද්දි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුත් ඉඳලා! ආරක්ෂාව දුන් ඩිෆෙන්ඩරය කාන්තාවකට අයිති එකක්! ඔක්කොම හොයාගෙන! හැබැයි තවම කවුරුවත් අල්ලලා නෑ!

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.