• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ගෝඨා වගේ යන්න ඡන්ද නොතියන්න! මෛත්‍රී වගේ යන්න ඡන්ද තියන්න! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 7, 2023
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
ගෝඨා වගේ යන්න ඡන්ද නොතියන්න! මෛත්‍රී වගේ යන්න ඡන්ද තියන්න! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘අර්බුදයකට මැදිවූ ශ්‍රී ලංකාව ජනාධිපතිවරයා පැනගිය පසු සිය පළමු මැතිවරණය පසුගිය බදාදා ප්‍රකාශයට පත් කළේය. මෙය ගෝඨාභයගෙන් පසු ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහගේ ජනප්‍රියත්වය පිළිබඳ පළමු පරීක්ෂණයය…’
අල් ජසීරා
ඉකොනොමික් ටයිම්ස්
04.01.2023

මේ, මැතිවරණ කොමිසම පුංචි ඡන්දයට දින නියම කළ විගස ජාත්‍යන්තර මාධ්‍ය මේ ඡන්දය ගැන කී කතාවය. හැබැයි රනිල් කීවේ වෙන කතාවකි.

‘මට වරමක් දීලා තියෙන්නේ ඡන්ද කරන්න නෙවෙයි. මට වරම දීලා තියෙන්නේ රට ගොඩගන්න…’ මේ රනිල් කියන කතාවය.

මේ කතාවට සමාජ මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය.

‘මෙයාට කවුද වරමක් දුන්නේ…?’

මේ එම ප්‍රහාරයේ පොදු භාෂාවය. කතාව ඇත්තය. 2020 මහ ඡන්දයේදී රනිල් මන්ත්‍රිවරයෙක් වෙන්න වරමක් ඉල්ලුවේය. ජනතාව රනිල්ට මන්ත්‍රිවරයෙක් වෙන්නවත් වරමක් දුන්නේ නැත. රනිල් ඉන් පසු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියේය. ඉන් පසු රනිල්ට රාජපක්ෂලා අගමැති වෙන්න වරමක් දුන්නේය. ජනාධිපති වෙන්න වරමක් දුන්නේය. ඒ වරම් දුන්නේ මහජනතාව නොව රාජපක්ෂලාය.

‘මට රාජපක්ෂලා වරමක් දුන්නේ ඡන්ද කරන්න නෙවෙයි…’ රනිල් එහෙම කීවා නම් ටක්කෙට හරිය. මහජනතාව ජනාධිපතිවරයකුට වරමක් දෙන්නේ නියමිත කලට තමන් ළඟට ජනාධිපතිවරයාව ගෙන්වා ගන්නටය. ජනාධිපතිවරයෙක් ජනතාව ළඟට ගෙන්වාගත හැකි එකම ක්‍රමය ඡන්දයය. ඡන්දය යනු ජනාධිපති සහ ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට ජනතාව කැමැතිද නැද්ද යන්න විමසා බලන ක්‍රමයකි.

ජේ.ආර්. 1988 උතුරේත්, දකුණේත් මහා භීෂණයක් තියෙද්දී යූ.ඇන්.පී.කාරයෙකුට පාරේ බැහැලා යන්න බැරිව තිබියදී පළාත් සභා ඡන්දය තිබ්බේය. දිස්ත්‍රික්ක කිහිපයක ආසනවල අතුරු මැතිවරණ තිබ්බේය.

1991 මාර්තු 02 රාජ්‍ය ආරක්ෂක ඇමැති සහ විදේශ ඇමැති රන්ජන් විජේරත්න ඝාතනය වූයේ කොළඹ මහ මඟදීය. ඔහුව ඝාතනය කළේ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසිනි. එම ඝාතනයෙන් ආණ්ඩුව පමණක් නොව රටම තක්බීර් විය. මේ වෙනකොට බලයේ සිටි ප්‍රේමදාස ආණ්ඩුව පුංචි ඡන්දයට සූදානම් වෙමින් සිටියේය. රන්ජන් විජේරත්න රාජ්‍ය ආරක්ෂක සහ විදේශ ඇමැති පමණක් නොව, බලයේ සිටි ජනාධිපති සහ ආණ්ඩුව නියෝජනය කළ පක්ෂයේ මහලේකම් විය. රන්ජන් ඝාතනය වීමෙන් ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේ නායකයෝද තැතිගත්හ. ඒත් ප්‍රභාකරන්ගේ මිනිස් බෝම්බයට ඔවුන් බය වුණේ නැත. 1991 පුංචි ඡන්දය නියමිත දිනට පැවැත්වීය.

1993 රටේ රාජ්‍ය නායකයා එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බයකින් ඝාතනය විය. ඊට පෙර විපක්ෂයේ ප්‍රධාන නායකයකු වූ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය විය. ඝාතන දෙකක් එක පිට එක සිදුවී රටම නොසන්සුන් වෙද්දී පළාත් සභා ඡන්දයට නාමයෝජනා භාරගෙන තිබිණි. ප්‍රේමදාස ඝාතනයට පසු ජනාධිපති ධුරයට පත් ඩී.බී. විජේතුංග ප්‍රභාකරන්ගේ මිනිස් බෝම්බවලට බියවී පළාත් සභා ඡන්දය කල්දැමුවේ නැත. ඔහු නියමිත දිනට පළාත් සභා ඡන්දය පැවැත්වීය.

කොළඹ මහ බැංකුවට එල්.ටී.ටී.ඊ.ය බෝම්බ ප්‍රහාර එල්ල කළේ 1996දීය. එම ප්‍රහාරයෙන් මුළු රටම කම්පාවට පත්වූ අතර එතැන් සිට කොළඹ තැන් තැන්වල බෝම්බ පුපුරා දහස් ගණන් මිනිස්සු මියගියහ. ඒත් 1997 පුංචි ඡන්දය තියන්න එය බාධාවක් නොවීය. 1997 පුංචි ඡන්දය නියමිත දිනට පැවැත්වීය.

2001දී එල්.ටී.ටී.ඊ.ය කොළඹ කටුනායක ගුවන් තොටුපළට පහරදී ලංකාව හතර ගාතෙන් වැට්ටුවේය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ දුර්වල මූල්‍ය කළමනාකරණයත්, එල්.ටී.ටී.ඊ. ප්‍රහාරත් නිසා ආර්ථිකය ලංකා ඉතිහාසයේ පළමුවරට ඍණ අගයක් ගත්තේය. ඒ කියන්නේ බින්දුවටත් පහළට ගියේය. විපක්ෂය චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවේය. චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ ඡන්දයකට ගියේ ආර්ථිකය ඍණ වී තිබියදීය. ඒ ඡන්දයෙන් රනිල් අගමැති වී යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටෙව්වේය. ආණ්ඩුව අරගත් දින සිට කටු අකුලේ මල් පුපුදුවන්න තියෙනවා කියමින් රනිල් නැතිබැරිකමම කීවේය. ‘භාණ්ඩාගාරය හිස්, සල්ලි නැහැ’ කියමින් රනිල් 2002 මාර්තු පුංචි ඡන්දය පැවැත්වීය. ආර්ථිකය ඍණ අගයට පල්ලම් බැස තිබියදීත් ආණ්ඩුව පිහිටුවා මාස තුනකින් පුංචි ඡන්දය පැවැත්වීය.

‘ඉතින් එහෙම නම් දැන් ඡන්ද තියන්න වරමක් නැහැ කියන්නේ කොහොමද…?’

රාජපක්ෂලා කරගත්ත ලොකුම ගොන්කම 2022 පවත්වන්න නියමිතව තිබූ පුංචි ඡන්දය නොපවත්වා කල්දැමීමය. ඒ වෙලාවේ පුංචි ඡන්දයට ගියා නම් යන්නේ අරගලයට කලින්ය. අරගලය එන්න කලින් ඡන්දයට ගියා නම් ලොකුවට නොවුණත් පොදුජන පෙරමුණට පුංචි ඡන්දය ජයගන්න හැකියාව තිබිණි. එහෙනම් අරගලයට නැඟිටින්න ඉඩ නැත. ඒ වෙලාවේ රාජපක්ෂවරු අල්ලාගෙන පුංචි ඡන්දය කල්දමාගන්න රනිල්ද ලොකු ගේමක් ගැහුවේය. හේතුව 2020 මහ මැතිවරණ පරාජයෙන් පසු මොනයම් හෝ ඡන්දයකට ගියොත් යූ.ඇන්.පී.ය 2020 ගත්ත ලක්ෂ 02ත් නැතිවෙන බව රනිල් දැන සිටියේය. රාජපක්ෂලාත් තමන් ආරක්ෂා වී රනිල්ද ආරක්ෂා කරගන්න පුංචි ඡන්දය වසරකින් කල් දැමීය. පුංචි ඡන්දය තිබ්බා නම් 2018 දිනපු පළාත් පාලන ආයතන කිහිපයක් රාජපක්ෂලාට අහිමි වීමට ඉඩ තිබිණි. ඡන්දෙ නොතියන්න ගොස් රාජපක්ෂලාට ජනාධිපතිකමත්, ආණ්ඩුවත් නැති විය.

‘වරමක් නැහැ කියා මේ ඡන්දයෙන් කට්ටි පනින්න ගියොත් රනිල්ට මොනවා වෙයිද…?’

රනිල් ජනාධිපති වූ විගස මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ජනමත විචාරණයක් ඕනෑ කීවේ පුංචි ඡන්දයක් තිබ්බද පළාත් සභා ඡන්දයක් තිබ්බද මහ ඡන්දයක් තිබ්බද ජනාධිපතිවරණයක් තිබ්බද යූ.ඇන්.පී.යට වැලේ වැල් නැතිවන බව දැනගෙනය. රනිල් කැමැතිම ඡන්දය ජනමත විචාරණයය. මන්ද ජනමත විචාරණවලට පක්ෂවලින් අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේ නැත. ඔහුත්, ඔහුගේ යූ.ඇන්.පී.යත් ඡන්ද තිබ්බම වෙව්ලන්නේ පණ බයෙන්ය. ඇත්තටම ඔහු අද මේ රට පාලනය කරන්නේ 2020 මහ ඡන්දයේදී ඇපත් නැතිව පරාජයට පත්වූ උපදේශකයන් පිරිසක් සහ රටේ පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය නොකරන ජාතික ලැයිස්තුවෙන් ආ මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පොදුජන පෙරමුණවත්, විපක්ෂයවත් නියෝජනය නොකරන ඇහිඳගත් මන්ත්‍රීවරු පිරිසක් ඇමැතිවරු කරගෙනය. මොවුන්ද ඡන්ද තිබ්බම වෙව්ලන්නේ නියුමෝනියාව හැදුණා වාගේය. හේතුව ඡන්දයකදී කිසිම පක්ෂයකින් මේ ඇමැතිවරුන්ට නාමයෝජනා ලැබෙන්නේ නැත. මේ ඇමැතිවරුන් දේශපාලන අනාථයන්ය.

‘ජන වරමක් නැති මේ වගේ අනාථයන්ට රටක් ගොඩගන්න පුළුවන්ද…?’

අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ඇමෙරිකාව, ඉන්දියාව, චීනය අහන්නේ මේ ප්‍රශ්නයය. පළමුව රනිල් උත්සාහ ගත්තේ ඡන්දය කල් දමාගන්න පුළුවන්ද කියාය. ඡන්දය කල් දමාගතහොත් මූල්‍ය අරමුදලේ සහන ලැබෙන්නේ නැති බව සහතිකය. ඡන්ද කල් දමා අරගලකාරයන් අත්අඩංගුවට ගනිමින් යකා නටන්න ගියොත් අරගලය දරුණු මුහුණුවරකින් යළි කරළියට එනු ඇත.

රනිල් වරම යැයි කියන්නේ රනිල්ට ඡන්දය දුන් පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් 134 ගැන විය යුතුය. මේ 134 පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2015-2019 කාලය තුළ අගමැති ධුරය දරපු රනිල්ගේ ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකිණීම නතර කරනවා කියා ජනතාවට පොරොන්දු වෙලාය. මහ බැංකු මංකොල්ලයට රනිල් වගකිව යුතු බවත්, ඒ සඳහා රනිල්ට දඬුවම් දෙන බවටත් පොරොන්දු වෙලාය. තමන් රනිල්ගේ ආණ්ඩුව වගේ අයි.එම්.එෆ්. එකට යට නොවන බවට පොරොන්දු වෙලාය. ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අහෝසි කරන බවට පොරොන්දු වෙලාය.

ජනතාව වරම දුන්නේ ඔය පොරොන්දු ඉටු කරන්නටය. දැන් ඔවුන් රනිල්ව ජනාධිපති කෙට ඒ පොරොන්දු සියල්ල කඩකරමින් සිටී. එහෙනම් රනිල් වහාම කළ යුතු වන්නේ තමන්ට අයි.එම්.එෆ්.කොන්දේසි ඉටුකරන්න, රාජ්‍ය සම්පත් විකුණන්න වෙළෙඳ ගිවිසුම් ගහන්න වරමක් ලබාගැනීමය. මේ පුංචි ඡන්දය ඒකට හොඳම අවස්ථාවය.

රනිල් ඒ අවස්ථාව පාවිච්චි නොකර පුංචි ඡන්දය කල්දැම්මොත් රනිල්ට වෙන්නේ ගෝඨා වගේ ගෙදර යන්නටය. රනිල් ඡන්දය තිබ්බොත් රනිල්ට වෙන්නේ මෛත්‍රීපාල වගේ ගෙදර යන්නටය.
ගෝඨා වගේ යනවාද? මෛත්‍රීපාල වගේ යනවාද?

තේරීම රනිල්ගේය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කොමිසම ඇතුළේ කිසිම බෙදීමක් නෑ! ඒ ඔක්කොම කතා බොරු! මේ බොරු නිව්ස් ‘ප්ලාන්ට්’ වෙන්නේ එකම තැනකින්! මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා ‘මව්රට’ට අතිවිශේෂ ප්‍රකාශයක් කරයි! EXCLUSIVE

Next Post

මේ යන්නේ පරණ පාරෙමයි! ඇතුළේ සාකච්ඡාවකදී පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරු දැඩි කලකිරීමෙන් කතා කරයි! තීන්දුවක් ගන්න සූදානමින්!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.