• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි නටමු… අපි නටමු… තුටින තුටින ගීත ගයාලා… ලල ලාල ලාල ලාල ලා…!

January 2, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
අපි නටමු… අපි නටමු… තුටින තුටින ගීත ගයාලා… ලල ලාල ලාල ලාල ලා…!
Share on WhatsAppShare on Facebook

‘මේ සිංහල අපගෙ රටයි – අප ඉපදෙන මැරෙන රටයි’ අලුත් අවුරුද්දේ රටක් විදියට අපි හරි ආඩම්බරෙන් කතා කරන්න ඕනෙ දෙයක් ගැන කියන්න ඕනෙ වුණාට, කියන්න සිද්ධ වෙලා තියෙන්නෙ එහෙම දෙයක් ගැන නෙවෙයි. පහුගිය දවසක අපි බෙන්ස් වර්ගයේ වාහනයක් ගැන ලිපියක් ලියුවා. ඇත්තටම අපි දන්නෙ නෑ හාමුදුරුවරු බොරු කියනවා කියලා. ඒ වගේම අපි දන්නෙ නෑ හාමුදුරුවරු රඟපානවා කියලා. හාමුදුරුවරු රඟපානකොට නළුවො මහණ වෙන්න ඕනෙ. ඒක තමයි අපට ඊළඟට අහන්න තියෙන ප්‍රශ්නේ. මොකද පහුගිය දවසක භික්ෂුන්වහන්සේ නමකගේ චරිතයක් රඟපාන එක්තරා නළුවෙක් තමන්ගේ භික්ෂු චරිතය ඇතුළේ කතා කරපු දේවල්, කියපු දේවල් ගැන අපේ රටේ භික්ෂුන්වහන්සේලාට පොඩ්ඩක් තදවෙලා තිබුණා. ඒගොල්ලෝ අමනාපෙන් කතා කළා එහෙම කරන එක වැරැදී කියලා. ඇත්ත තමයි. භික්ෂුන්වහන්සේලා රඟපාන්නත්, රඟපාන අය භික්ෂුන්වහන්සේලා වෙන්නත් ගියොත් මේ රටට මොකද වෙන්නේ. ඒකනේ මේ රටේ තියෙන ප්‍රශ්නේ. මොකද අපේ රටේ ගොඩ දෙනෙක් තමන්ගේ රාජකාරිය වෙනුවට වෙන වෙන රාජකාරි කරනවා.

අපේ ගම්වල ඈයෝ ඕවට ඉස්සර කිව්වේ බල්ලගෙ වැඩේ බූරුවා කරනවා කියලා. කවුරුත් තරහා වෙන්න එපා මට බල්ලා, බූරුවා කිව්වා කියලා. මොකද බල්ලගෙ වැඩේ බල්ලා කරනකොට ඒවට අපි කියන්නේ බලු වැඩ කියලා. බූරුවගෙ වැඩේ බූරුවා කරනකොට අපි කියන්නේ බූරු වැඩ කරනවා කියලා. එතකොට බල්ලගේ වැඩේ බූරුවා කරනකොටයි, බූරුවගේ වැඩේ බල්ලා කරනකොටයි ඒ වැඩවල තියෙන ගතිය නැතිවෙලා යනවා. ඇත්තටම බල්ලො කරන වැඩ බලු වැඩ වුණාට, බලු වැඩ මේ රටට ඕනේ. බූරුවෝ කරන වැඩ බූරු වැඩ වුණාට බූරු වැඩත් ඕනෙ. මොකද බූරුවගේ පිටේ බර පටවාගෙන යන එක ලෝකෙ එදා සිට මේ දක්වාම තිබිච්ච දෙයක්. ඒ නිසා බූරුවා බූරුව වගේ බර උස්සාගෙන යනවා කියලා අපි හිතාගෙන හිටියට, ඇත්තටම බූරුවගෙන් අපට ගන්න තියෙන ප්‍රයෝජනය බූරුවෝ වගේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙන් අපට ලැබෙන්නේ නැති තරම් වටිනා දෙයක්. ඒ වගේම බල්ලා කියලා කියන්නේ ඉතා වටිනා සතෙක්. මේ වෙලාවේ බල්ලො ගැන වැඩිය කතා කරන්න හොඳ නැති නිසා ඒ ගැන වැඩිය කතා කරන්නේ නෑ. මොකද බල්ලො ගැන වැඩිය කතා කරන්න ගියොත් අපටත් පදයක් හැදෙන්න ඉඩ තියෙනවා. මොකද බල්ලව කරේ තියාගෙන ගිහිල්ලා බල්ලගේ කතන්දර ලෝකෙට කියලා බල්ලන්ගෙන් ගොඩ යන්න හදන දේශපාලන ව්‍යාපාරයි, බල්ලන්ව අපහරණයට ලක් කරපු, බල්ලන්ට හිරිහැර කරපු, බල්ලන්ගෙන් ආතල් එකක් ගත්ත දේශපාලන ව්‍යාපාරයි මේ දෙකම නැතුව ඕනෙ තරම් බලු වැඩ කරපු, බල්ලොත් එක්ක කිසිම සම්බන්ධයක් නැති වුණාට බල්ලන්ගේ නම ගම මතක් වෙන ආකාරයේ වැඩ කරලා, රටම ඒ තත්ත්වයට ඇදලා දාපු දේශපාලකයෝ තමයි අපේ රටේ දේශපාලකයෝ බවට පත්වෙලා ඉන්නේ. ඒ නිසා අරයා හොඳයි, මෙයා හොඳයි කියන්න කලින් අපට තීරණය කරන්න සිද්ධ වෙනවා නම් ගම් ඉස්සරහට ආචාර්ය මහාචාර්ය, අර උපාධිය මේ උපාධිය තිබ්බට ඒවා හම්බවෙලා තියෙන්නේ ඇත්තටම විශ්වවිද්‍යාලවලින්ද, විශ්වවිද්‍යාලවලින් හම්බවෙලා තිබුණත් ඒවායින් ඒ අයගෙ කැරැට්ටුව මනින්න බැරි නිසා ඇත්තටම ඒගොල්ලෝ හොඳද නරකද කියන එක සම්බන්ධව කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි ඒවා කතා කරන්න යන්නේ නෑ. අපි දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න සාමාන්‍ය මාධ්‍යවේදියෝ හින්දා.

කතා කරන්න ගිය මාතෘකාව පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා. ඒ වුණාට අපි ඒ ගැන කියනවා. ඒක තමයි අපි ජීවිතේට හිතුවේ නෑ අපේ රටේ භික්ෂුන්වහන්සේලා මේ වෙලාවේ සරඹ සංදර්ශන පවත්වයි කියලා. ඇත්තටම රට තියෙන්නේ ඉතාම භයානක තත්ත්වයක. ඉතාම බරපතළ තත්ත්වයක. මිනිස්සු ඉන්නේ කන්න නැතුව. අලුත් අවුරුද්දක් උදාවෙනකොට මිනිස්සු බඩගින්නේ ඉන්නවා කියන එක ඇහෙද්දී අපේ නම් බොකු බඩවැල් දාලා යනවා. අපට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපි ඒක කරනවා. අපි දුප්පත් පත්තරකාරයෝ හින්දා, අපට මහලොකු දේවල් කරන්න බෑ. ඒත්, විශාල වාහනවලින් සැපපහසුවට, අජානේය වාහනවලින් එහෙට මෙහෙට වඩින සුරංගනා ලෝකවලින් තරු ගලවගෙන ඇවිල්ලා තමන්ගේ ලෝකෙ විසිතුරු කරගන්න ඒවා අමුණගන්න පුළුවන් ලොකු ලොකු උදවියට අපට කියන්න තියෙන්නේ පුළුවන් නම් අතේ තියෙන පිච්චියක් වියදම් කරලා කන්න නැති මිනිහෙක්ට කන්න දෙන්න. පුළුවන් නම් මේ රටේ ප්‍රශ්නෙන් ගොඩ එන්න උදව් කරන්න. දේශපාලනික වශයෙන් අපි පරාදයි තමයි. හැබැයි මේක දේශපාලනයට විතරක් ඇඟිල්ල දික් කරලා ගොඩ යන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෙවෙයි. දේශපාලකයෝ මේ රට බරපතළ අගාධයකට ඇදලා දැම්ම එක කිසිසේත්ම අමතක කරන්න බැරි බව ඇත්ත. ඒත් ඒ දේශපාලකයන් පාලකයන් බවට පත්කළේ අපි. ඒගොල්ලන්ව පාර්ලිමේන්තු යවලා, ඒගොල්ලන්ව රජ කළේ අපි. ඒගොල්ලෝ රජ වුණාට පස්සේ ඒගොල්ලන්ට ඔටුනු හැදුවේ අපි.

ඒගොල්ලන්ට කඩු කස්තාන හදන්න සල්ලි එකතු කළේ අපි. රජුන් තැනුවේ අපි. හැබැයි රජුන් අපට කරන්න පුළුවන් හොඳම හරිය කළාට පස්සෙත් දැන් අපි රජ්ජුරුවන්ට විතරක් බැණලා වැඩක් නෑ. මොකද රජ වෙන්න වරම් දීලා ඒගොල්ලෝ රජවුණාට පස්සේ සියලු සුඛ විහරණය කරන බව තමයි අපි දන්නේ. ඒක තමයි ලෝක ස්වභාවය.

කොහොම නමුත් අපි දන්නේ විහිළුකාරයන්ගේ චරිත නිරූපණය කරන්න අපේ රටේ හොඳ නළුවෝ හිටියා. එඩී ජයමාන්න වගේ අය. ඇත්තටම ජෝත් මේ විහිළුකාරයාගේ චරිතය ඉතා හොඳට නිරූපණය කළ කෙනෙක්. මේ සියල්ල පරාදයි ෆ්‍රෙඩී සිල්වාගේ රංගනයට. ඉන් පස්සේ විජය නන්දසිරිලා, රොඩ්නි වර්ණකුල වගේ කට්ටිය මේකට ආවා. ටෙනිසන්ලා බන්දුලා විහිළු කළා. ඉතින් ඒ නිසා විහිළුකාරයාගේ චරිතයක් නම් නිරූපණය කරන්නේ, ඒගොල්ලන්ට ඒ චරිතය නිරූපණය කරගන්න දීලා නිකන් ඉන්න ඕනෙ. ඒ වගේම ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග වගේ අය වීරයාගේ චරිතය නිරූපණය කළා. පස්සේ රංජන් රාමනායක, හේමාල් පෙරේරා ඒ චරිතය නිරූපණය කළා. ජැක්සන් ඇන්තනීත් ලංකාවෙ හොඳ නළුවෙක්. මෙන්න මේ නළුවෝ තමයි රඟපාන්නේ. නළුවෝ රඟපාන්නේ ඇත්ත නෙවෙයි. නළුවෙක් රඟපාද්දී ඇත්ත නෙවෙයි. නළුවෙක් රඟපාද්දී අපට පේන්නේ සැබෑ ස්වරූපය නෙවෙයි. නළුවෙක් ඇඳුම් වෙනස් කරලා, පෙනුම වෙනස් කරලා, මුහුණ වෙනස් කරලා බොහෝ වෙලාවට මනිස්සුන්ව රැවැටෙන ආකාරයෙන් රඟපානවා. හොඳටම රවට්ටන්න පුළුවන් කෙනාටයි අපි නළුවා කියලා කියන්නේ.

ඇත්තටම මේ වෙලාවේ භික්ෂුන්වහන්සේලා මිනිස්සුන්ව හොඳටම රවට්ටනවා නම් ඇත්තටම අපේ හාමුදුරුවනේ මේක ආතල් ගන්න වෙලාවක් නෙවෙයි. ඒ නිසා ඔබවහන්සේලාට ඉතාම ගෞරවයෙන් කියන්න තියෙන්නේ මේක මිනිස්සු අසරණ වෙච්ච වෙලාවක්. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ කියලා ඔබ අහලා තියෙනවා නම් ගීතයක් තියෙනවා. ඒ ගීතයෙන් කියන කතන්දරයෙන් අපට දැන් දැනෙනවා ඔබවහන්සේලාට දානමාන ටික අරගෙන එන්නෙත් අපි අමාරුවෙන්. ඔබවහන්සේලාගෙන් පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්නේ අපි බොහොම කරුණාවෙන්. බොහොම ශ්‍රද්ධාවෙන්. අන්තිමට ගෙදර තියෙන තුට්ටු දෙක එකතු කරලා දනට පිනට දෙන ගැමියෝ ඉන්න මේ පුංචි රටේ මිනිස්සුන්ගෙන් ආතල් ගන්න එපා අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේලා කරන්නේ බොරුවක් කියලා අපට නොහිතුණා නෙවෙයි. ඒත් අපි හිතුවා භික්ෂුන්වහන්සේලා බොරු කියන්නේ නැතුව ඇති කියලා. මොකද අපි දන්නා තරමින් පන්සිල් පහේ එක පදයක් තියෙනවා බොරු කියන්න එපා කියලා. ඒ කියන්නේ මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි කියලා. මේ මුසාවාදය කියන එක ඇතුළේ තියෙන්නේ හුදෙක් බොරු කීමම පමණක් නෙවෙයි. මේකෙදී කියනවා බොරුවක් කියන එක සම්ඵප්‍රලාපයක් කියන එක තව කෙනකුට හානියක් වෙන දෙයක් කියන එක විතරක් නෙවෙයි ඕපාදූපයක් කියන එක පවා මේ ගණයට අයිති වෙනවා කියලා. ඉතින් මේ වගේ වෙලාවට මේ වගේ කලබලකාරී, දුෂ්කර, භයානක, අර්බුදකාරී අවස්ථාවක ඔබවහන්සේලා මේ වගේ විගඩම් නටනවා නම් ප්‍රසිද්ධියේ විනාඩි ගණන් නාස්ති කරගෙන යූටියුබ් නාලිකා ඔස්සේ අපට කියන්න තියෙන්නේ අර හැමදාම කියනවා වගේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියලා තමයි. දුන්නත් එකයි, නොදුන්නත් එකයි. උන්නත් දාහයි මලයි දාහයි කියනවා වගේ තමයි. දැන් ඉතින් පන්සලට ඇවිල්ලා බුදුන් වඳින වෙලාවේ උන්වහන්සේලාගේ සරඹ සංදර්ශන බලන්නයි, නැටුම් සංදර්ශන බලන්නයි, අභිරූපණ සංදර්ශන බලන්නයි තමයි අපට වෙලා තියෙන්නේ.

කොහොම වුණත් මේ රටේ භික්ෂුන්වහන්සේලා සම්බන්ධව අපි ලියපු කිසිම කතාවක් වැරැදි නෑ. සුඛවිහරණය වෙනුවෙන් හැම දේම දන්දුන්නු භික්ෂුන්වහන්සේලයි අපේ රටේ ඉන්නේ. බුදුහාමුදුරුවෝ රාජ ඔටුනු, රජ සැප, රාජ මාලිගා සියල්ල හැර දමා යනකොට මේගොල්ලෝ රාජ ඔටුනු, රජ සැප, රාජ මාලිගා, සුරසැප තනාගන්නා භික්ෂුන්වහන්සේලා බවට පත්වෙලා. පන්සල ඇතුළේ අනිත්‍ය දේශනා කරන කොට, ඒ පන්සලම තමයි නිත්‍ය දේවල් එකතු කරගන්න තැන බවට පත්වෙලා තියෙන්නෙත්. සැප එපා කියලා කටු යහනේ සැතපෙන්නට ගිය, සැප එපා කියලා ජීවිතේ දුෂ්කරත්වය විඳින්නට ගිය, නොකා නොබී කල් ගතකරපු සිද්ධාර්ථ ගෞතමයාණන්වහන්සේගේ පරම්පරාවේ උදවිය දැන් සියලු සැප සහිතව පන්සල් හදාගෙන මම ඉන්නේ සියලු සැප විඳිමින් කියලා ප්‍රසිද්ධියේ කියනවා. ඉතින් අපි මොනවා කරන්නද? අපිත් පුළුවන් වෙලාවට දානයක් මානයක් දෙනවා. ඒවා උන්වහන්සේලාට ගැළපෙනවද නැද්ද කියලා අපි දන්නෙත් නෑ. හැබැයි එකක් මතක තියාගන්න. මේ ලියුම්කරුගෙන් ඔබට අවශ්‍ය නම් අහලා දැනගන්න එහෙම නොවෙන මිනිස්සු වෙනුවෙන් වැඩ කරන මිනිස්සු වෙනුවෙන් තමන් ගාව තියෙන අන්තිම සතෙත් දන් දෙන භික්ෂුන්වහන්සේලා මේ රටේ ඕනෙ තරම් ඉන්නවා. පන්සලට එන හාමුදුරුකෙනකුට, පන්සලට එන මනුස්සයකුට කවදාවත් බඩගින්නේ යන්න නොදෙන භික්ෂුන්වහන්සේලා ඉන්නවා. පන්සල් ඉඩමේ මඤ්ඤොක්කා හිටවලා ගමේ මිනිස්සුන්ට බෙදන හාමුදුරුවරු ඉන්නවා. පන්සලේ ඉඩම් ටික මිනිස්සුන්ට බෙදලා දීලා ගෙවල් හදාගන්න දුන්නු හාමුදුරුවරු ලංකාවේ ඉන්නවා. ඒ නිසා පන්සල කියලා කියන්නේ ඔය කියන විදියේ සැප විඳින තැනක්ම නෙවෙයි. හැබැයි ඒ වුණාට සමහර භික්ෂුන් සමහර තැන්වල සමහර වෙලාවට සමහර විදියට සමහර දේවල් පොදිගහලා රැස් කරලා එකතු කරලා කන්න තියාගෙන ඉන්නවා. සමාවෙන්න කන්න නෙවෙයි, වලඳන්න තියාගෙන ඉන්නවා. ඒ නිසා අපට කියන්න තියෙන්නේ අර ඉස්සෙල්ලා කියපු කතාව පොඩ්ඩක් වෙනස් කරලා ‘වැටත් නියරත් ගොයම් කා නම්’ නෙවෙයි. ‘වැටත් නියරත් ගොයම් වලඳානම් කාට පවසම් ඒ අමාරුව’ කියලයි.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සේවකයෝ එකතු වෙයි! අලුත් අවුරුද්දේ කිරිබත් කාලා වැඩ අල්ලන්න ආ මගනැගුමේ සභාපතිවයි විධායක අධ්‍යක්ෂවයි පන්නා දමයි! අන්තිමේදී පොලිස් ආරක්ෂාව මැද පිටවෙලා යයි! (VIDEO)

Next Post

මහජන බැංකුවේ ඩිජිටල් ණය පිරිනැමිය හැකි ශාඛා ගණන 300 දක්වා ඉහළට…

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.