• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අකුරණ සුනාමියේ හඬවන කතාව…

January 1, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
අකුරණ සුනාමියේ හඬවන කතාව…
Share on WhatsAppShare on Facebook

සාමයේ අරුත ලොවට කියා දෙමින් බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක මරියතුමියගේ කුසින් ජේසුස්වහන්සේ උපත ලැබුවා. පීඩිත ජනතාව උදෙසා ජීවිතය කැපකළ උන්වහන්සේගේ අසිරිමත් උපත සිහිකරමින් ලොව පුරා කිතුනු බැතිමතුන් පසුගිය දෙසැම්බර් 25 වැනිදා නත්තල සමරන්නට කටයුතු කළා. එහෙත් එදින අප රටේ සියලු ප්‍රදේශවලට පැවැති දැඩි වර්ෂා සහිත කාලගුණයක්. ජලාශ උතුරා යමින්, ගංගා පිටාර ගලමින් ගම්බිම් ජලයෙන් යටවන්නට ගතවූයේ පැය කිහිපයක් පමණයි. එම අනපේක්ෂිත ජල ගැලීම්වලින් බොහෝ දෙනකු පීඩාවටත්, අසරණභාවයට පත්වූ අතර, එකම පවුලේ දරුවන් දෙදෙනකුට ජීවිත අහිමි වීමේ කනගාටුදායක පුවතක්ද වාර්තා වුණේ මහනුවර අකුරණ ප්‍රදේශයෙන්.

මේ විපත සිදුවූ පසුගිය 25 වැනිදා මුළු රට පුරාම පැවැතියේ අඳුරු ස්වභාවයක්. වෙනදා නත්තල් දවසේ දක්නට ලැබුණු ආලෝකවත් බව එදින පරිසරයෙන් අතුරුදන්ව තිබුණේ යම් අනතුරක සේයාවක් ගැන ඉඟි කරමින්. පෙර දින රාත්‍රියේ පටන් මහනුවර දිස්ත්‍රික්කයට දැඩි වර්ෂාවක් පැවැති අතර, මහනුවර දුම්රිය ස්ථානය, මහාමාර්ග ඇතුළු ස්ථාන සියල්ලක්ම ජලයෙන් යටවී ගියේ සියලු කටයුතු අඩාළ කරමින්. එම වර්ෂාවත් සමග අකුරුණ අලවතුගොඩ දුනුවිල දොරගමුව ග්‍රාමසේවා වසමේ පදිංචිව සිටි එකම පවුලේ දරුවන් දෙදෙනකුට ජීවිතය අහිමි වුණේ ඔවුන්ගේ නිවෙස අසල පිහිටා තිබූ පස් කන්දක් කඩාවැටීම හේතුවෙනුයි. අධික වර්ෂාව හේතුවෙන් නිවෙසින් පිටට නොගොස් දරුවන් තිදෙනා සහ ඔවුන්ගේ මවුපියන් නිවෙසටම වී රැඳී සිට ඇත්තේ තම නිවෙස තුළ වඩාත් ආරක්ෂාවක් ඇතැයි සිතා විය හැකියි. එහෙත් කිසිවකු නොසිතූ ලෙස ඔවුන්ගේ නිවෙස මතට විශාල පස් කන්දක් කඩාවැටී තිබුණේ වර්ෂාවත් සමග සිදුවූ නායයෑමක් හේතුවෙනුයි. පවුලේ සියලු දෙනාම මේ මහා අනතුරට මුහුණ දුන්නද ජීවිත අහිමිව ගියේ එම පවුලේ වැඩිමහලු දරුවන් වූ අයේෂා නිසාලි විතාරණ (18) සහ සිතුම් සාරංග විතාරණ (16) යන දරුවන් දෙදෙනාටය. නායයෑමෙන් එම දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ අතර, ඔවුන් පදිංව සිටි නිවෙස බිමට සමතලාවී ගියා.

සිදුවූ විපත පිළිබඳ රටම කම්පා වුණේ මේ සිදුවීම මාධ්‍ය මගින් වාර්තා වීමත් සමගයි. මෙම සිදුවීම පිළිබඳ අනතුරට පත් නිවෙස ආසන්නයේ පදිංචිකරුවකු මෙලෙස අදහස් දක්වා සිටියා.

‘උදේ 7.15ට විතර මට මේ සිදුවීම පිළිබඳ පණිවුඩය ලැබුණේ. නමුත් උදේ 6.30ට විතර තමයි මේ විපත සිදුවෙලා තිබුණේ. කොහොම හරි මේ පවුලේ බාල දරුවා බේරගන්න හැකිවුණා. ඒ ළමයාව පස්ගොඩෙන් එළියට ගන්නකොට ජීවතුන් අතර හිටියා. අනෙක් ළමයි ගැන අම්මාගෙනුයි තාත්තාගෙනුයි විස්තර ඇහුවා. පුතා මෙතැන හිටියා, දුව මෙතැන හිටියා කියලා කිව්වා. අපි පස් ඉවත් කරනකොට දුවගේ කකුල් දෙක හම්බවුණා. දුවගේ සිරුර ඉවත්කරගෙන වත්තේගෙදර රෝහලට යැව්වා. ඊළඟට ගොඩට ගත්තේ ලොකු ගෑනු ළමයා. එයාවත් අපි හොස්පිට්ල් යැව්වා. තුන්වැනියට ගොඩට ගත්තේ පුතා. පස් අයින්කරලා එයාව ගොඩට ගන්න පැය 4ක් විතර ගතවුණා. පස් කන්දයි ගසුයි කපලා තමයි එයාව එළියට ගත්තේ. එයා ගෙනියනකොටත් නැතිවෙලා. ඒ දරුවාව ගොඩට ගන්නකොට තමයි පොලිසියෙන් ආවේ. හැම තැනම පස් කඳු කඩාවැටිලා තිබුණු නිසා හරි අමාරුවෙන් තමයි රෝහලට අරගෙන ගියේ….’

ප්‍රදේශවාසීන් එක්ව දරුවන් බේරාගැනීමට විශාල වෙහෙසක් දරා තිබුණද දරුවන් දෙදෙනකු මෙම අනතුරෙන් ජීවිතය හැර ගියා. එහෙත් 12 හැවිරිදි මල්ෂි විතාරණ දියණිය දිවි බේරාගැනීමට තරම් වාසනාවන්ත වුණා. ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඇගේ මවට සහ පියාට අනතුරක් සිදුව නොමැති බවත් ආපදා කළමනාකරණ ආයතනය සඳහන් කළා. අනතුරෙන් දිවි බේරාගත් අනෙක් දෙදෙනා වන්නේ දරුවන්ගේ පියා සහ මව වූ ලක්ෂ්මන් පුෂ්පකකුමාර (56) සහ ප්‍රියංකා නෙලුම් (44) ජයවීරය.

මේ පවුලට අවසානයේ ඉතිරිව තිබුණේ ඇඳි වත පමණයි. ජීවිත කාලය පුරාම ඔවුන් උපයාගෙන තිබූ සියල්ල සමග දරුවන් දෙදෙනකුගේ දිවි අහිමි කරන්නට රුදුරු වූ කාලගුණයට හැකිවුණා. වසර 20කට ආසන්න කාලයක් තම ඇස් දෙක සේ රැක බලාගෙන පෝෂණය කළ දරුවන් දෙදෙනා නොසිතූ විරූ ලෙස තම නෙත් ඉදිරිපිටම ජීවිත හැර ගිය විට ඔවුන් කෙසේ නම් ඒ දුක දරාගන්නද?
මියගිය දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු දුනුවිල ඒදඬුවාව පොදු සුසාන භූමියේදී පසුගිය 27 වැනිදා සිදුකරන්නට ප්‍රදේශවාසීන් ඇතුළු මියගිය දරුවන්ගේ ඥාතීන් කටයුතු කළා. ඒ සඳහා අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියගේ සහායද හිමිව තිබුණා.

කෙසේ වෙතත් මම පස් කන්ද නායයෑමට හේතුව ලෙස බොහෝ දෙනා සලකන්නේ පිඟාඔය ආසන්නයේ ඇති අනවසර ඉදිකිරීම් බවයි. ඒ හේතුවෙන් අකුරණ නගරයේ වෙළෙඳසල් 50ක් පමණ වර්ෂා ජලයෙන් යටවී තිබූ අතර, ඒ මහා ජල කඳ බැස යෑම සඳහා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමටද මහවැලි අධිකාරිය පියවරගෙන තිබුණා. මේ ජල ගැලීමෙන් සිදුවූ දේපළ හානිය රුපියල් කෝටි ගණනක් වුවත්, එය නිශ්චිතව කොපමණද යන්න මෙතෙක් ගණන් බලා නැහැ.

පසුගිය 25 වැනිදා මෙවැනි අයහපත් කාලගුණ තත්ත්වයක් දිවයිනට බලපාන බව කාලගුණ වි දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබූ අතර, ධීවර කටයුතු, ගංගා සහ ජලාශ ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් වැළකී සිටින ලෙසත් එම නිවේදනයේ දැක්වුණා. කෙසේ වෙතත් මෙම ධාරානිපාත වර්ෂාවේ වැඩිම බලපෑම එල්ල වී තිබුණේ මහනුවර දිස්ත්‍රික්කයටයි.

ආපදා කළමනාකරණ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එලෙස පැවැති අධික වර්ෂාව හේතුවෙන් පවුල් 346ට අයත් පුද්ගලයන් 1,511ක් ආපදාවට ලක්ව ඇති බවයි.

මේ නායයෑම් ඇතුළු පස් කඳු නායයෑමට ප්‍රධාන හේතුව ලෙස ප්‍රදේශවාසීන් පවසන්නේ පිඟාඔය ආශ්‍රිතව සිදුවන අනවසර ඉදිකිරීම් බවයි. ඇළ මාර්ග හරස් කර ගොඩනැගිලි ඉදිකර, කානු පද්ධතිය අවහිර කිරීමද මේ තත්ත්වයට බලපා ඇති බව ඔවුන්ගේ මතයයි. අකුරණ නගරය හරහා ගලා යන ඇළ මාර්ගය දෙපසින් බැමි බැඳ නිසි සැලසුමකින් තොරව ඉදිකළ නිවාසද මෙම ජල ගැලීම්වලට හේතුවක් ලෙස සැලකෙනවා. එහෙත් බලධාරීන් එම අනවසර ඉදිකිරීම්වලට එරෙහිව නිසි පරිදි කටයුතු නොකරන බවටද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

දහස් ගණනකට ජීවිත අහිමි වූ සුනාමි ව්‍යසනයට වසර 18ක් සපිරුණේ පසුගිය 26 වැනිදායි. ඒ ව්‍යසනය සිහිපත් කරමින් පසුගිය 25 වැනිදා අකුරණ ප්‍රදේශයට දැඩිව බලපෑ මහා ජල ගැලීමෙන් ජීවිත දෙකක් අහිමිව දේපළ රාශියක්ද විනාශ වී ගියා. වාහන 06ක් පිඟාඔයේ ගසාගෙන ගිය අතර, ත්‍රිරෝද රථ, වෑන් රථ ජලයේ පාවෙන අයුරු දැකගත හැකි වුණා.

අකුරණ ප්‍රදේශයට ඉතිහාසයේ ගැලූ විශාලම ගංවතුර පිළිබඳ සමාජ මාධ්‍යයේද බොහෝ පිරිස් සටන් තබා තිබුණා. මේ, මධු ප්‍රනාන්දු තම ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනකි.

‘කවදාවත් මෙහෙම වතුරක් ගැලුවේ නැහැ. කොච්චර වැස්සත් වතුර බහින්න තියෙන තැන් අවහිර කරගත්තාම විපතට පත්වෙනවා කියලා කවුරුත් හිතන්නේ නැහැ. කාගේද වරද? දිය රකුසාට උස් පහත් භේදයක් නැත. වැට මායිම් නැත. නඩු වැටෙන්නේද නැත. යන්න පහසු තැනක් ඇත්නම් කඩාගෙන පෙරලගෙන හරි යන ගමන යනවාමයි. දිය රකුසාට අනුකම්පාවක් නැත. මොළය ඇති මිනිසුන් මොළය නැති අය ලෙස කටයුතු කළොත් ලැබෙන දඬුවම මෙයයි….’

මේ, අපේ රටේ සිදුවූ ප්‍රථම නායයෑම නොවේ. වර්ෂාව දැඩිව පවතින කාලවලදී මෙවැනි නායයෑම් කිහිපයක්ම වාර්තා වීම මේ වන විට සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත. එහෙත් මීට දශක කිහිපයකට පෙර මෙවැනි නායයෑම් අප රටේ වාර්තා වූයේ ඉතා කලාතුරකිනි. එසේ වුවද වන සම්පත විනාශ කිරීම, අනවසර ඉදිකිරීම්, ගංගා ඇළ දොළ හරස් කර විවිධ අක්‍රමවත් ඉදිකිරීම් සිදුකරීම වැනි ක්‍රියාවන් දිනෙන් දිනම ඉහළ යෑමත් සමග ඒවායේ අනිසි විපාක මුළුමහත් ජනතාවටම විඳින්නට සිදුව තිබේ. බලධාරීන් මේ පිළිබඳ දැඩි තීන්දු තීරණ ගෙන එම පරිසර විනාශයන් නැවැත්වීමට පියවර නොගතහොත්, මීටත් වඩා භයානක ඛේදවාචක අප රටෙන් වාර්තා වන්නට වැඩි දවසක් ගත නොවනු ඇත.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

චීනය ඉන්දියාව තියා පැරිස් ක්ලබ් එකවත් තවම ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වෙලා නෑ! මෙන්න අතිභයානක හෙළිදරව්වක්! මේ අවුරුද්දේවත් IMF සල්ලි ලැබෙන පාටක් නැද්ද? (VIDEO)

Next Post

කලාකරුවන්ට අපල 2022…

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.