විදුලිබිල නැවත වරක් වැඩිවුවහොත් මෙරට කර්මාන්ත අංශයේ පසුබෑම තවත් වේගවත් වන බව මහජන උපයෝගීතා කොමිසන් සභාවේ පාරිභෝගික උපදේශක කමිටුව පවසනවා.
ඒහි සභාපති නිමල් පෙරේරා කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ විදුලිබිල අසාමාන්‍ය ලෙස වැඩිකිරීම තුළ සියලු භාණ්ඩ හා සේවා අසීමිත ලෙස වැඩිවී ඒ සියල්ල ජනතාවටම දැරීමට සිදුවන බවයි.
”විදුලි ඒකක 30ට අඩුවෙන් පාවිචිකරන අයට දැන් රුපියල් 360 ගෙවනවා නම් මිල වැඩි කළොත් රුපියල් 2000ක් ගෙවන්න වෙනවා. ඒකක 30 – 60 අතර පාවිචි කරන අයට දැන් රුපියල් 780ක් ගෙවනවා නම් ඔවුන්ට 3310 ක් ගෙවන්න වෙනවා. ඒකක 60 – 90 අතර පාවිචි කරන අයට දැන් රුපියල් 1800ක් ගෙවනවා නම් ඔවුන්ට 4860 ක් ගෙවන්න වෙනවා. අද ජනතාව කළුවරේ තියනවා කියලා භය කරමින් මහජන උපයෝගීතා කොමිසමටත් පිටුපාමින් මෙතන ලොකු අකටුත්තක් වෙනවා”යැයි මහජන උපයෝගීතා කොමිසන් සභාවේ පාරිභෝගික උපදේශක කමිටුවේ බස්නාහිර පළාත් නියෝජිත නිශාන්ත ප්‍රීතිරාජ් ද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියා.










