යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුද සේවා ලේකම් ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු පසුගියදා නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු නව යුද සේවා ලේකම් ලෙස සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදි.
මෙම අවස්ථාව සඳහා යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.
නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු ආරක්‍ෂක සේනා මූලස්ථානය – යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවූවේය.














