• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙට යන බංකොලොත් රටවල් සහ ඡන්දෙට බය බංකොලොත් දේශපාලකයෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

December 24, 2022
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
ඡන්දෙට යන බංකොලොත් රටවල් සහ ඡන්දෙට බය බංකොලොත් දේශපාලකයෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2011 ග්‍රීසියේ මතුවූ ආර්ථික අර්බුදයෙන් රට බංකොලොත් වූවාට පසු ග්‍රීසිය පළමුව කළේ මූල්‍ය අරමුදලට සහ යුරෝපා සංගමයට ගිහින් ආධාර ඉල්ලන්න නිර්පාක්ෂික අලුත් අගමැතිවරයෙක් පත්කර ගැනීමය. ග්‍රීසිය විධායක අගමැති ක්‍රමයක් සහිත රටකි. ආණ්ඩුවත් විපක්ෂයත් එක්වී යුරෝපා සංගමයේ හිටපු නියෝජ්‍ය මහබැංකු අධිපතිවරයා අගමැති ධුරයට පත්කර ගත්තාට පසු මූල්‍ය අරමුිදලට සහ යුරෝපා සංගමයට ආධාර ඉල්ලන්න ගිහින් ග්‍රීසියේ ආණ්ඩුව සහ විපක්ෂය කීවේ මාස 06කින් මහ ඡන්දයක් තියා ජන වරමක් සහිත අගමැතිවරයෙක් සහ ආණ්ඩුවක් පත් කරගන්න තමන් එකඟතාවකට පැමිණ ඇති බවය. මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ආධාර මුදල් අනුමත කළේ එම එකඟතාව මතය.

රනිල් ජනාධිපති වූ පසු මූලික ගිවිසුමකට එකඟතාවක් ඇතිකර ගන්න ලංකාවට ආ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කීවේද මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකරන්න ජන වරමක් ඕනෑ බවය. ඒකට ආණ්ඩුව වහාම ඡන්දයකට යායුතු බව මූල්‍ය අරමුදලේ නියෝජිතයා පැහැදිලිවම කීවේය.

‘එතකොට අයි.එම්.එෆ්. දන්නේ නැද්ද බංකොලොත් රටක ඉලෙක්ෂන් තියන්න සල්ලි නැහැ කියලා…’

ඡන්ද තියන්න සල්ලි නැහැ කියලා රනිල්ගේ ආණ්ඩුව ගහන බයිලාව අහනකොට හිතෙන්නේ එහෙමය. බංකොලොත් වූ රටකට ඡන්ද තියන්න සල්ලි නැති කතාව ඇත්ත නම් එවන් රටකට ඡන්ද තියන්න කියන්න අයි.එම්.එෆ්. මෝඩයන් නොවේ. බංකොලොත් රටක් ඒ රට බංකොලොත් කළ ආණ්ඩුව පවත්වාගෙන යන්න වියදම් කරන සල්ලිවලින් ඡන්දයකට වැයවෙන්නේ සොච්චමක් බව අයි.එම්.එෆ්. දනී. රනිල්ගේ ආණ්ඩුවට ඡන්ද තියන්න සල්ලි නැහැ කියලා කියන්න ලංකාවේ මිනිස්සුන්ට පුළුවනි. ඒත් අයි.එම්.එෆ්. එකට එහෙම කියන්න බැරිය. බංකොලොත් රටක සල්ලි තියෙන ප්‍රමාණය හෝ නැති ප්‍රමාණය අයි.එම්.එෆ්. දනී. අයි.එම්.එෆ්. කියන්නේ කොණ්ඩෙ බැඳපු චීන්නු නොවේ. අයි.එම්.එෆ්. ආධාර ගන්න සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න යැයි අයි.එම්.එෆ්. කියන්නේ අයි.එම්.එෆ්. ආධාර ගත්තත් රට ගොඩගන්නත් දේශපාලනය ගැන හිතන්නේ නැති රට ගැන හිතන ආණ්ඩුවක් අවශ්‍ය නිසාය. ඒ ආණ්ඩුව හදලා මාස හයෙන් ඡන්දයකට යන්න ඕනෑ යැයි අයි.එම්.එෆ්. කියන්නේ අයි.එම්.එෆ්. ආධාර ගන්න ප්‍රතිව්‍යුහගත කරන විදේශ ණය වෙලාවට ගෙවන්න ජන වරමක් සහිත ආණ්ඩුවක් බලයට පත්වී රට දේශපාලන වශයෙන් ස්ථාවර කොට ආදායම් උපදවාගත යුතු නිසාය.

ඉන්දියාවේද ආර්ථික අර්බුදයක් 1991 ආවේය. ග්‍රීසිය, ආජන්ටිනාව, ලංකාව වගේ බංකොලොත් නොවුණාට ඉන්දියාව ලොකු අර්බුදයකට මැදිවිය. ඒ වෙලාවේ අන්තර්කාලීන අගමැතිවරයෙක් පත්කරගෙන ආණ්ඩුව සහ විපක්ෂය අර්බුදයට විසඳුම් සොයාගෙන මහ ඡන්දයකට ගියේය. රජිව් ගාන්ධි ඝාතනය වූයේ ඒ ඡන්දයේදීය. ඒ වෙලාවේ විපක්ෂයේ සිටි රජිව් ගාන්ධි සහ හවුල් ආණ්ඩුවෙ අගමැති වී සිටියේ චන්ද්‍රසේකර්ය.

රනිල් සර්ව පාක්ෂික ජනාධිපතිවරයෙක් නොවේ. වෙනකක් තබා ඔහු මහජන ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරයෙක්ද නොවේ. රනිල්ගේ ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක්ද නොවේ. ගෝඨා ජනාධිපති පදවියෙන් ඉවත් වූ පසු සර්ව පාක්ෂික ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් පත්කරන්න විපක්ෂයත් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂත් එකඟතාවකට ඇවිත් තිබිණි. ඒ එකඟතාව කඩාකප්පල් කොට රාජපක්ෂලා ලවා බලෙන් ජනාධිපති ධුරයට රනිල් තමාව පත්කර ගත්තේය. රනිල් ජනාධිපති වූ ආකාරය අයි.එම්.එෆ්. නොදන්නවා නොවේ. ජාත්‍යන්තර මූල්‍ය ආයතන නොදන්නවා නොවේ.

ලංකාවේ තියෙන්නේ ආර්ථික අර්බුදයක් පමණක් නොව දේශපාලන අර්බුදයක්ද බව ලෝකයම දනී. ආර්ථික අර්බුදය විසඳන පළමු කොන්දේසිය දේශපාලන අර්බුදය විසඳීම බව ලෝකයම ලංකාවට කියයි. දේශපාලන අර්බුදයක් විසඳන එකම ක්‍රමය මහජනතාව අතරට යෑමය. ඡන්දයකට වියදම් කරන සල්ලි ලංකාවේ ආර්ථික අර්බුදය විසඳන්න කරන හොඳම ආයෝජනයයි. එවැනි ඡන්දයකට යන්න ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නැත්නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්වී ඡන්දයකට යන්න එකඟතාවකට ආ යුතුය. එවැනි එකඟතාවකට පොදුජන පෙරමුණ කැමැති නැති නිසා දැනට තියන්න පුළුවන් ඡන්දය වන පුංචි ඡන්දය හෝ පළාත් සභා ඡන්දය පවත්වා ජන වරමක් සහිත ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් පත්කරගත යුතුය. හදිසි නීතිවලින් ත්‍රස්ත මර්දන නීතිවලින් ආණ්ඩුවක් ස්ථාවර කරගත නොහැකිය. රටක දේශපාලන ස්ථාවරත්වය ඇතිකළ නොහැකිය.

‘ඒ කියන්නේ මේ අර්බුදයෙන් රට ගොඩගන්න එකම විසඳුම ඡන්දයද…?’

ලෝකයේ බංකොලොත් වූ රටවල් නම් හිතන්නේ එහෙමය. බංකොලොත් වුණු ලෙබනනයත් ගොඩ එන්න දතකන්නේ ඡන්දයක් තියලා ස්ථාවර ආණ්ඩුවක් හදාගන්නටය. මේ නිසා බංකොලොත් ලෙබනනයෙත් ඡන්ද පිට ඡන්දය. ඡන්ද නැතුව දේශපාලන ස්ථාවරත්වය නැති බවත්, දේශපාලන ස්ථාවරත්වය නැතිව බංකොලොත්භාවයෙන් ගොඩ එන්න බැරි බවත් ලෙබනනය අවබෝධ කරගගෙන තිබේ.

ග්‍රීසියත් හිතුවේ එහෙමය. බංකොලොත් වූ ආජන්ටිනාවත් හිතුවේ එහෙමය. ග්‍රීසිය නිර්පාක්ෂික විධායක අගමැතිවරයෙක් යටතේ ආණ්ඩුවක් පිහිටුවා මාස 6න් ඡන්දයකට ගොස් එම ඡන්දයෙනුත් ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න බැරි වුණාම ටික කලකින් ආයෙත් ඡන්දයකට ගියේය.

‘එතකොට ග්‍රීසියේ මිනිස්සු ඡන්දය දෙන්න ඡන්ද පොළට ගියාද…?’

රට බංකොලොත්කමෙන් මුදාගන්න ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බව ග්‍රීසියේ ජනතාව දැන සිටියහ. ඔවුහු ඡන්දවලට වියදම් කරන මුදල රටේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් කරන හොඳම ආයෝජනය බව දැන සිටියහ.

බංකොලොත් වූ රටවල් අතර ප්‍රධාන රටවල් වන ග්‍රීසියේද, ආජන්ටිනාවේද ලංකාවේ වගේම අරගල ඇතිවිය. බලයේ සිටි ජනාධිපතිවරු අගමැතිවරු ඉවත් වූහ. අලුතෙන් ජනාධිපතිවරු අගමැතිවරු පත්වූහ. පත්වී මාස හයෙන් ඔවුහු ඡන්දවලට මුහුණ දුන්හ. ඡන්දවලින් අලුත් ජනාධිපතිවරු අගමැතිවරු පත්විය. ඔවුහු තමන්ට කලින් මාස හය තුළ අලුතෙන් පත්වූ ජනාධිපතිවරු අගමැතිවරු ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ඇතිකරගත් එකඟතා මහජන කැමැත්තෙන් ක්‍රියාත්මක කළහ.

අද ලංකාවේ වෙන්නේ ඒක නොවේ. ග්‍රීසියේ සහ ආජන්ටිනාවේ වගේ ලංකාවේත් අරගල ඇතිවී ජනාධිපතිවරු අගමැතිවරු ඉවත් වී නව ජනාධිපතිවරු අගමැතිවරු පත්වී ඔවුන් කියන්නේ, ‘ඡන්ද නම් නැහැ’ කියාය. ඒ කියන්නේ ඔවුන් පත්වෙලා තියෙන්නේ ආර්ථික අර්බුදය විසඳන්න නොව රටේ දේශපාලන අර්බුදය විසඳන්න නොව තම තමන්ගේ දේශපාලන අර්බුද ටික විසඳාගන්නය.
රනිල්ට ඕනෑ අවුරුදු 30කටත් වැඩි කාලයක් පක්ෂ නායකත්වයේ සිට ඡන්දයකින් දිනාගන්න බැරිවූ ජනාධිපතිකම හිමි කරගෙන ඒ ජනාධිපති ධුරය ආරක්ෂා කරගැනීමටය.

රාජපක්ෂලාට ඕනෑ තමන්ට ඡන්ද දිනන්න පුළුවන් වාතාවරණයක් ඇති වන තෙක් ඡන්ද නොතියා ඉන්නටය.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඕනෑ ඡන්දයකට නොගිහින් තව වසර තුනක් මන්ත්‍රී ධුරය ආරක්ෂා කරගන්නටය.

මේ ආණ්ඩුවේ ඇමැතිවරු බහුතරයකට අද තමන් නියෝජනය කරන පක්ෂයක් නැත. ඔවුන්ට ඊළඟ ඡන්දයේ මන්ත්‍රී ධුරයද ෂුවර් නැත. ඒ නිසා ඔවුන්ටද ඡන්ද ඕනා නැත.

‘ඒ කියන්නේ මොවුන් බංකොලොත් රට තවත් බංකොලොත් කරයිද…?’

පේන්නේ එහෙමය.

රනිල් ජනාධිපති වී දැන් මාස 06කට ආසන්නය. සාමාන්‍යයෙන් රටක ආර්ථික අර්බුදයක් හෝ දේශපාලන අර්බුදයක් ආ විට අර්බුදයෙන් ගොඩයන්න ඒ රටේ ආණ්ඩුව සහ විපක්ෂය පත්කරගන්නා අන්තර් පාලන ආණ්ඩුවක කාලය මාස 06කි. ඒ මාස 06 තුළ අර්බුදයෙන් ගොඩ එන සියලු සැලසුම් සකස් කොට ඒවා ක්‍රියාත්මක කරගන්න මහ ඡන්දයකට යෑම සම්ප්‍රදායය.

මාස 06ක් ගතවෙලාත් රනිල්ගෙන් අර්බුදය ජය ගන්න ණය ප්‍රතිව්‍යුහගත කරන්න සැලැස්මක් නැත. ණය ප්‍රතිව්‍යුහගත කරන්න අයි.එම්.එෆ්. එකෙන් මූල්‍ය ආධාර ගන්න සාකච්ඡාවලට යන සේමසිංහ මුදල් රාජ්‍ය ඇමැතිට ආර්ථිකය යළි ප්‍රතිස්ථාපනය කරනවා කියන වචනය ඉංග්‍රීසියෙන් උච්චාරණය කරගන්න බැරිය. ඉංග්‍රීසි වචන උච්චාරණය කිරීම වැරැදීම ප්‍රශ්නයක් නොවේ. ඒක සේමසිංහගේ වරදකුත් නොවේ. වරද ඔහුව ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡාවලට අයි.එම්.එෆ්. සාකච්ඡාවලට යවපු රනිල්ගේය. ඒ සාකච්ඡාවලට යැවිය යුත්තේ ඒ පිළිබඳ විශේෂඥයන්ය. ව්‍යක්ත ලෙස එම විෂය ගැන කතා කළ හැකි ආර්ථික විශාරදයන්ය.

‘ඒ කියන්නේ රනිල්ට මේ අර්බුදය විසඳන්න වුවමනාවක් නැද්ද…?’

රනිල් ජනාධිපති වී සිටින්නේ රාජපක්ෂවරුන්ගේ අර්බුදය විසඳීමට සහ යූ.ඇන්.පී.ය නැත්තටම නැති කිරීමේ චෝදනාවෙන් ගැළවෙන මාර්ගයක් හොයාගන්නටය. අර්බුදය විසඳන්න මහජන කැමැත්තෙන් පත්වන මහජනතාවට වගකියන මහජන ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් අවශ්‍ය යැයි කියන්නේ ඒකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මත්තල හදන්න මහින්දලා කෝටි 3656ක් විසිකරලා! ගිය අවුරුදු 5ට විතරක් පාඩුව කෝටි 2000යි! අවුරුද්දකට මගීන් ලක්ෂ 10ක් එනවා කිව්වත් ගිය අවුරුදු 5ටම ඇවිත් තියෙන්නේ 91,000යි! අයියෝ සල්ලි!

Next Post

රනිල්ව හමුවෙන්න නුවරඑළියට උඩින් යන රහස් දූතයා! (රාජ්‍ය රහස්) EXCLUSIVE

MORE NEWS

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

Load More
වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වියපත්ව සිටින බැවින් මේ වනවිට ගෙදරට වී ලබන ආත්මෙට පිනක් දහමක් කරගෙන සිටිය යුතු බව ව්‍යාපාරික...

Read more
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.