අතුරුදන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය වූ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඊයේ දින මාධ්‍ය හමුවකට එක්ව සිටියාය.
එහිදී ඇය සදහන් කළේ ප්‍රගීත් අතුරුදන් වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට කතා කොට ප්‍රගීත් සොයාගන්නා බව ප්‍රකාශ කළ බවත්, මේ වනවිට වික්‍රමසිංහ මහතා ජනාධිතිවරයා බැවින් සිය සැමියාගේ සිදුවීම පිළිබද සොයා බැලිය හැකි බවත්ය.
මෙහිදී සන්ධ්‍යා එක්නැලිගොඩ ඉතා හැගීම්බරව අදහස් දැක්වූ ආකාරයද දැකගත හැකි විය.










