• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂාෆ්ටර්ව මරලා තියෙන්නේ කිට්ටුවෙන්ම ආශ්‍රය කරපු සමීපතමයෙක්? ෂාෆ්ටර් ගෙදර ඉඳන් කෙළින්ම ඇවිත් තියෙන්නේ කනත්තටයි! මීට කලින් කිහිප වතාවක්ම මේ විදිහට කනත්තට ඇවිත් තියෙනවා! බිරියගෙනුත් පැය දෙකහමාරක ප්‍රකාශයක් ගනී!

December 20, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මෙන්න භයානක ප්‍රවෘත්තියක්! ප්‍රකට සමාගමක සභාපතිවරයකු පැහැරගෙන බොරැල්ල කනත්තට අරන් ගිහින් පහර දීලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාව බොරැල්ල සුසාන භූමියට ගෙන්වා ඝාතනය කර ඇත්තේ ඔහු ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සමීපතමයකුගේ සැලසුමකට අනුව බවට බලවත් සැකයක් මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට මතුවී තිබේ.  බොරැල්ලට යනවා යැයි කියා දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ 07, මල් පාරේ නිවසින් හදිසියේම පිටත්වයාම සහ ඔහුගේ මෝටර් රථය කෙළින්ම බොරැල්ල කනත්තට පැමිණීම කෙරෙහි මෙන්ම දුරකතන විශ්ලේෂණවලින් මතුවී ඇති කරුණු මෙම සැකයට මුල්වී ඇත.

පුද්ගලයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් මෙහිදී විමර්ශකයන්ගේ සැකයට භාජනය වී ඇති අතර, ඔවුන්ගේ පෙර සහ පසු හැසිරීම් දැඩි නිරීක්ෂණයට ලක් කරමින් ඒ අයගේ ද ජංගම දුරකතන ජාල පරීක්ෂාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට යොමුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

බොරැල්ල පොදු සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය ඇතුළු කර එම මෝටර් රථය නතර කර තිබුණු ස්ථානය ගැන විමසිලිමත්වීමේදී මෝටර් රථය පදවාගෙන පැමිණි අය බොරැල්ල පොදු සුසාන භූමියේ ඇතුළත ඇති මාර්ග ගැන හොඳ අවබෝධයකින් සිටින අයෙක් බව ද එම නිලධාරියා කීය. එවන් අවබෝධයක් ලැබීමට නම් සුසාන භූමියට අවස්ථා කිහිපයක පැමිණ තිබිය යුතු බවත් දිනේෂ් ෂාෆ්ටර් මහතා විසින් සිය මෝටර් රථය නිවසේ සිට දිගටම සුසාන භූමිය වෙත පදවාගෙන පැමිණ තිබේ නම් ඔහු බොරැල්ල සුසාන භූමියට පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙය නොවන බව ද එම නිලධාරියා කීය.

“දිනේෂ් ෂාෆ්ටර් වැනි සමාජයේ ඉහළ ව්‍යාපාරිකයකු යම් පුද්ගලයකු මුණගැසීමට සුසාන භූමියකට පැමිණෙනවා යැයි කියන්නේ අසාමාන්‍ය සිදුවීමක්. අනික ඔහු නිවසින් එන්නේ තනියම. රියැදුරෙක් එක්ක ඔහුට එන්න තිබුණා. එහෙම ආවේ නැහැ. ඒ නිසා පෙනී යනවා ඔහු මේ ගමන ඇවිත් තියෙන්නේ අතිශය පුද්ගලික කරුණක් වෙනුවෙන් බව. මෙවැනි ගමනක් පවා ඇවිත් ඇත්තේ ඉතාමත් විශ්වාසවන්තයෙක් මුණ ගැසෙන්න වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි රැවටීමකට ලක් කරල ගෙන්වා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. අතර මඟදී ඔහුගේ වාහනයට යම් පුද්ගලයෙක් ගොඩවී ඔහු විසින් සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් මහතාව රැගෙන එන්නටත් පුළුවන්කමත් තියෙනවා. මෙතෙක් කර ඇති විමර්ශනවලින් එවැනි දෙයක් තවමත් අනාවරණය වෙලා නැහැ. තවදුරටත් විමර්ශකයන් ඒ ගැන සොයා බලනවා. මෝටර් රථයට අතර මඟින් අයෙක් ගොඩවුණේ නැති නම් සුසාන භූමිය තුළ ඔහු මුණ ගැහෙන්න සූදානමින් යම් අයෙක් රැඳී ඉඳල තියෙනවා. ඔහු තමයි දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතකයා” යැයි ද එම නිලධාරියා කීය.

සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් මහතාව ගෙන්වාගත් පුද්ගලයා ඔහුව එහි ගෙන්වාගෙන ඇත්තේම ඔහුව මරා දැමීමේ සැලසුම ඇතිව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට පෙනී ගොස් ඇත. මෙම ඝාතනය ක්ෂණික කෝපය හෝ ක්ෂණිකව ඇති වූ යම් සිදුවීමක් මත වූවක් නොවන බව ද විමර්ශකයන්ට පෙනී ගොස් තිබේ.

“දිනේෂ් ෂාෆ්ටර් මහතාට මෙම අපරාධය සිදු වෙලා තියෙන්නේ රියැදුරු අසුනේ සිටියදීයි. ඔහුව හමුවන විට සිට ඇත්තේ රියැදුරු අසුනේ. ඒ බව ඔහුගේ ව්‍යාපාරික සගයා මෙන්ම සුසාන භූමියේ සේවකයෙක් ලබාදීල තියෙන ප්‍රකාශවලින් ද පෙනී යනවා. ඒ අනුව තවදුරටත් පැහැදිලියි දිනේෂ් ෂාෆ්ටර් මහතා තමයි මෝටර් රථය පදවා තිබෙන්නේ කියල. දිනේෂ් ෂාෆ්ටර් මහතාව සුසාන භූමියේ මෝටර් රථය තුළදී අපරාධයට ලක්ව සිටියදී සොයා ගන්නා විට ඔහුගේ දෑත් තිබිල තියෙන්නේ ගැටගහලයි. ඒ සුසාන භූමියේ අවටින් සොයා ගැනීමට හැකි ලණු පොටවල් වැනි දේකින් නෙමෙයි. ප්ලාස්ටික් කේබල් ටයිවලින්. ලණු පොටවල්වලින් ගැට ගසනවාට වඩා වේගවත් මෙන්ම පහසුවෙන් කේබල් ටයිවලින් ගැට ගැසීම් කරන්න පුළුවන්. අනික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ගෙල සිර කරල තිබුණේ වයරයකින්. බැලූ බැල්මට එම වයරය බිම තිබිල අහුල ගත්තු එකක් හැටියට පේන්නේ නැහැ. ඒක අලුත් එකක්. වයරයෙන් බෙල්ල සිර කරල රියැදුරු අසුනට හිර කරල ගැට ගහලයි තිබිල තියෙන්නේ. කේබල් ටයි සහ වයර් සුසාන භූමියේ තිබෙන දේවල් නෙමෙයි. මේවා අරගෙනම ඇවිල්ල තියෙනවා කියන්නේ සැලසුම් සහගතවම දිනේෂ් ෂාෆ්ටර් මහතාව මරා දැමීමටමයි. ඒ අනුව පෙනී යනවා සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් මහතාව ගෙන්වාගෙන තියෙන්නෙම ඝාතනය කිරීම සඳහාම බව” යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන පවත්වන අතර, වැඩි කල් නොගොස් මෙම ඝාතන අබිරහස විසඳාලමින් ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

දිනේෂ් ෂාෆ්ටර් නිවෙසේ සිට ගමන් ගත් මාර්ගය ආරක්ෂක කැමරා මඟින් නිරීක්ෂණය කරන විට ඔහුගේ වාහනය සමඟම පිටුපසින් ගමන් ගත් වාහන කිහිපයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන්ගේ අවධානයට ලක්ව තිබේ.

එම වාහනවල අංක ඔස්සේ එහි හිමිකරුවන් සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

ෂාෆ්ටර් මහතා ගමන් කළ මෝටර් රථයේ තිබූ සොයා ගත් ඇඟිලි සලකුණු වාර්තාව අද (20) ලැබීමට නියමිත බැවින් එම ඇඟිලි සලකුණු අපරාධකරුවන් හා සසැඳෙන්නේ දැයි සොයා බලන බවද එම නිලධාරියා කීවේය. මේ අතර දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාළව ඔහුගේ බිරිඳ ටානි ෂාෆ්ටර් මහත්මියගෙන් පළමු වරට ඊයේ (19) පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය.

ගයාන් කුමාර වීරසිංහ සහ බණ්ඩාරගම බිමල් ජයසිංහ

SendShareShare
Previous Post

අත් දෙකම ගැට ගසා මරා දැමූ තවත් කෙනෙක් හඳුනා ගනී!

Next Post

හංවැල්ල ආපන ශාලා හිමිකරුට කඩේ ඇතුළටම ඇවිත් වෙඩි තිබ්බේ ඩුබායි පැනලා ඉන්න පාතාලයේ ‘චමියා සහ ලලිත්’? ‘බලපන් වෙලා තියෙන දේ!’ ඩුබායිවලින් සහෝදරයාට නාඳුනන ඇමතුමකුත් ඇවිත්! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.