• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිනේෂ් ෂාෆ්ටර් මැරුණට පස්සේ ෆෝන් එකෙන් ‘ඔයා එනකම් මම ඉන්නවා’ කියලා SMS එකක් යැව්වේ කව්ද? කාටද? ෂාෆ්ටර් ඝාතන පරීක්ෂණ අලුත් මගක් ගනී! හිතාගන්නවත් බැරි තොරතුරු රැසක් එළියට!

December 19, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මරා දැමුණු දිනේෂ් ෂාෆ්ටර් හම්බවෙන්න ගිය BT කව්ද? 15 දෙනකුගෙන් ප්‍රශ්න කරයි!
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරක බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතනයට කෙටි පණිවිඩයක් යොමු වී ඇත්තේ ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේදී අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත් වීමෙන් අනතුරුව බව ඒ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

ඒ අනුව පැහැදිලි වී ඇත්තේ එම කෙටි පණිවිඩය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතකයා විසින් බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකතනයට යොමු කර ඇති බවය.

එසේම කුරුඳුවත්ත මල්පාරේ පිහිටි සිය නිවසේ සිට ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා පසුගිය 15 වෙනිදා ගමන්ගත් මෝටර් රථය කෙළින්ම පැමිණ ඇත්තේ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සවස 2.06ට පමණ නිවෙසින් පිටත්ව ඇති බවත් නිවෙසින් පිටත් වීමෙන් පැය භාගයක් හෝ ඒ ආසන්න කාලයක් තුළ ඔහුට මේ අපරාධය සිදුව ඇති බවත් විමර්ශන තොරතුරු ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් අනුමාන කරයි.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසින් පිටත් වූ අවස්ථාවේ සිට ඔහුගේ ගමන්මඟ ආරක්ෂක කැමරා දත්ත විශ්ලේෂණය තුළින් කළ පරීක්ෂාවේදී ඔහුගේ මෝටර් රථය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත කෙළින්ම පැමිණ ඇති බව පෙනී ගොස් තිබේ. අතරමඟදී මෝටර් රථයට යම් පුද්ගලයෙක් ගොඩවූවාද නැතිනම් ඔහු යම් පුද්ගලයෙක් මුණගැසීමේ අපේක්ෂාවෙන් සුසාන භූමියට ගියේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කීය. මෝටර් රථය සුසාන භූමියට ඇතුළු කර නතර කර තිබුණු ස්ථානයේ පිහිටීම නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ බොරැල්ල පොදු සුසාන භූමිය ගැන හොඳ අවබෝධයක් ඇති අයෙක් මේ අපරාධයට සම්බන්ධව ඇති බවය.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සමඟ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් පවතින ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගෙ ජංගම දුරකතනයට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ‘ඔයා එනකම් මම ඉන්නවා’ යන අදහස ඇති කෙටි පණිවුඩයක් යොමු වී ඇත්තේ ද දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය බොරැල්ල පොදු සුසාන භූමියට ඇතුළු කර තිබියදී බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. බොහෝ විට එම පණිවිඩය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් යොමු කර ඇත්තේ ඔහුව එම ස්ථානයට කැඳවා එම අපරාධය කළ පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම විසින් බවට සැකයක්ද ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එම සැකය මතුවී ඇත්තේ එම කෙටි පණිවුඩය යොමුකර ඇත්තේ සවස 2.30න් පසුව වීම නිසාය. මේ ඝාතන සැලසුම්කරුවන් උත්සහ ගත්තේ බ්‍රයන් තෝමස් මහතාව එම ස්ථානයට ගෙන්වා ඔහුව මේ අපරාධයට කොටුකරලීමට විය හැකි බවට සැකයක්ද මේ වන විට මතුව තිබේ. එම කෙටි පණිවිඩයට බ්‍රයන් තෝමස් මහතාද පිළිතුරු පණිවුඩයක් යොමු කරමින් “මට ඔයා එක්ක කිසි කතාවක් නැහැ. මට ඔයාව හම්බවෙන්න උවමනාවක් නැහැ” යන අදහස ඇති කෙටි පණිවුඩයක් ඉංග්‍රීසියෙන් යොමු කර ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

එසේ පණිවිඩ හුවමාරු වූ බ්‍රයන් තෝමස් සහ දිනේෂ් ෂාෆ්ටර් මහත්වරුන්ගේ ජංගම දුරකතන දෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන පරිගණක වෝහාරික පරීක්ෂණාගාරයට යොමු කර ඒ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු මතුකරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ බ්‍රයන් තෝමස් මහතාගේ නිවසේ ඇති ආරක්ෂක කැමරා පද්ධතිය පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට ලක්ව ඇති බවය. එහිදී එම ඝාතනය සිදුවූ කාල වකවානුව තුළ බ්‍රයන් තෝමස් මහතා නිවෙසින් බැහැර ගිය බවට හෝ මේ අපරාධයට ඔහුගේ සම්බන්ධයක් ඇතැයි මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැති බවද ඔහු පැවසීය. මේ ඝාතන විමර්ශනය පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පුද්ගලයන් 23 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවද නිහාල් තල්දූව මහතා පැවසීය.

ඒ අය අතර දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක් මෙන්ම බොරැල්ල සුසාන භූමියේ සේවකයන් කිහිප දෙනෙක්ද සිටින බව නිහාල් තල්දූව මහතා කීය. ආරක්ෂක කැමරා සහ දුරකතන විශ්ලේෂණ මෙන්ම ඇසින් දුටු සාක්ෂි පදනම් කරගෙන විමර්ශන ක්‍රියාත්මක වන බවද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. ඔහු පවසන්නේ මේ විමර්ශනය පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුකරන බවය. දිනේෂ් ෂාෆ්ටර් මහතා ව්‍යාපාරිකයෙක් මෙන්ම විවිධ ක්ෂේත්‍ර සමඟ සම්බන්ධකම් පැවැත්වූ අයෙක් වූ බැවින් ඒ හැම පැත්තක් කෙරෙහිම විමර්ශන වලදී අවධානය යොමු කර ඇති බවද නිහාල් තල්දූව මහතා කීය. මෙහිදී දිනේෂ් ෂාෆ්ටර් මහතාට එරෙහිව කිසියම් පැමිණිල්ලක් හෝ ඔහු සමඟ යම් ආරවුලකින් සිටි පුද්ගලයන් සිටියේදැයි කියාත් විමර්ශන පැවැත්වෙන බව නිහාල් තල්දූව මහතා කීය.

එහෙත් මෙතෙක් එවැනි අනාවරණයක් නැතැයිද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. විද්‍යාත්මක මෙන්ම තාක්ෂණික සාක්ෂි රැසක් ඔස්සේ මේ වන විට විමර්ශන පැවැත්වෙන බවත් පොලිසියේ අපේක්ෂාව කඩිනමින් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම බවත් නිහාල් තල්දූව මහතා කීය. මෙම අපරාධය සිදුවූ දින දිනේෂ් ෂාෆ්ටර් මහතා නිවෙසින් පිටත්ව ඇත්තේද තමා බොරැල්ලට යන බව බිරියට කියා බව මුල් ප්‍රකාශවලින් කියැවෙන බැවින් ඒ ගැන ඇගෙන් වැඩිදුර තොරතුරු විමසීමටද නියමිතව ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. දිනේෂ් ෂෆ්ටර් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන තුරු පවුලේ අයගෙන් මේ මරණය ගැන වැඩිදුර විමසීම්වලට පොලිසිය යොමුවී නැත. ඊයේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කළ බැවින් හෙට සිට එම කටයුත්තට අත තබනු ඇතැයිද එම නිලධාරියා කීය.

සිය සැමියා පැය භාගයකින් පැමිණෙන බව කියමින් නිවෙසින් පිටත්ව ගිය බව දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය මුල් අවස්ථාවේදී පොලිසියට පවසා තිබුණි. හරියටම පැය භාගයක් ගෙවී යන විට ඇය සිය සැමියාට දුරකතන ඇමතුමක් ගෙන ඊට ප්‍රතිචාර නොවූ තැන කලබල වූයේ සිය සැමියාට යම් තර්ජනයක් තිබුණු බැවින් දැයි කියා දීර්ඝ වශයෙන් ඇගෙන් විමසීමට ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. දිනේෂ් ෂාෆ්ටර් මහතා තමා සිටිනා තැන හඳුනා ගැනීමට හැකි දුරකතනයේ පහසුකම සිය බිරියට අමතරව ව්‍යාපාරික සඟයාටද යොමු කර තිබීම ගැනද විමර්ශනවලදී විශේෂ අවධානයක් යොමුකර තිබේ. දිනේෂ් ෂාෆ්ටර් මහතා බ්‍රයන් තෝමස් හමුවීමට යන බව තමාට කීවේ යැයි පොලිසියට කියා ඇත්තේ සමාගම් අධ්‍යක්ෂවරයෙක් වන එම ව්‍යාපාරික සඟයාය. අපරාධකරුවන්ට ගොදුරු වී සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතාව මුලින්ම හමුවන්නේද ඔහුටය. කෙටි පණිවුඩය ගැන බ්‍රයන් තෝමස් මහතා පවසන හැටියට තමාට එවැනි හමුවක් ගැන දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් ආරාධනාවක් ලැබෙන්නේ එදින 2.30 හෝ ඒ ආසන්න කාලයකදී ලැබෙන කෙටි පණිවුඩය හරහාය. සැබෑ ලෙසම දිනේෂ් ෂාෆ්ටර් මහතා නිවෙසින් පිටත් වූයේ බ්‍රයන් තෝමස් හමුවීමට නම් බොරැල්ල පොදු සුසාන භූමියේ සිට ඔහුට කෙටි පණිවුඩයක් යොමු නොකරන බවත් කාර්ය බහුල ව්‍යාපාරිකයෙක් වන ඔහු කල්වේලා ඇතිව වේලාවල් වෙන් කරගන්නා බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතනයට කෙටි පණිවුඩය ගොස් ඇත්තේද බොරැල්ල සුසාන භූමිය අවට දුරකතන සංඥා කුලුනුවලින් බවද පෙනී ගොස් ඇත.

“සතුරෙකු අතින් මේ ඝාතනය වෙලා තියෙන්නේ. සතුරා ගැන සොයා ගන්න හැම ක්ෂේත්‍රයක් ගැනම සොයා බලනවා“ යනුවෙන් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රතකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කීය. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතන විමර්ශන මේ වන විට සිදුවන්නේ මුල් අවස්ථාවේ පැවති තත්ත්වයට වඩා අලුත් මඟක බවත් මේ ඝාතනය සම්බන්ධයෙන් සැක කටයුතු තොරතුරු රැසක් අනාවරණය වෙමින් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කරයි. මේ වන විට ඇත්තේ එම තොරතුරු වඩාත් තහවුරු කර ගැනීමේ කටයුතු වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

එම තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඇතැම් විට හිතා ගැනීමටත් නොහැකි සිදුවීම් රැසක් අනාවරණය වනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය. මේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව ඒ මහතා නිවෙසේ සිට කනත්ත දක්වා පැමිණි මාර්ගයේ තිබූ CCTV 42ක්ද පරීක්ෂා කර තිබේ.

ගයාන් කුමාර වීරසිංහ සහ

බණ්ඩාරගම බිමල් ජයසිංහ

SendShareShare
Previous Post

මේ දවස්වල උගුර රිදෙනවද? උණ තියෙනවද? එහෙනම් බලන් ඉන්න එපා!

Next Post

මහින්දගේ නම රනිල්ගෙ නම අනුරගෙ නම සජිත්ගෙ නම වේදිකාවේ කියනකොට හූ තියනවා! කෑ ගහනවා! අත්පුඩි ගහනවා! හුරේ දානවා! බලන්න වීඩියෝ එක! (VIDEO)

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.