මහමෙව්නාව බොදු විදුහලෙන් ඇරඹි DP Coding School තරගාවලියේ ජය ලැබූ සිසුන්ට ත්‍යාග පත්‍ර පිරිනැමීම මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේදී පැවැත්විණ.
ඒ, මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ අනුශාසක, සේරුවිල මංගල විහාරාධිපති අලුදෙණියේ සුබෝධි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
ඒම අවස්ථාවට DP EDUCATION නිර්මාතෘ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාද එක්ව සිටියේය.
මෙහිදී DP Coding පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන්ට සහතිකපත් ප්‍රදානය කිරීමද ඒ මහතා අතින් සිදුවිය.
රටක් දියුණු කිරීඹට නම් රටට දිය යුතු එකම එන්නත අධ්‍යාපනය බව එහිදී කියා සිටි ධම්මික පෙරේරා මහතා DP Coding පාඨමාලාව දිවයින පුරා ඇති පාසල්වල ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද කියා සිටියේය.










