• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ ප්‍රධානත්වයෙන් ආහාර කමිටුව රැස්වෙයි!

December 16, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල්ගේ ප්‍රධානත්වයෙන් ආහාර කමිටුව රැස්වෙයි!
Share on WhatsAppShare on Facebook

බඩගින්නට පක්ෂ පාට බේද නොමැති බවත්, එම නිසා ආහාර සුරක්ෂිතතා සහ පෝෂණය තහවුරු කිරීමේ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට එක්වන‍ ලෙස තමා නැවතත් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබලගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහනට ඊයේ (15) එක්වෙමිනි.

මැතිවරණවලදී බෙදී වෙන් වුවත් රටේ මූලික ප්‍රශ්න විසඳීමට පක්ෂ පාට බේදයකින් තොරව සියලුදෙනා එක්ව වැඩකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

ආහාර සුරක්ෂිත වැඩසටහනේ පසුබිම සම්බන්ධයෙන් අමුතුවෙන් කිව යුතු නැහැ. ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආරම්භ කළේ ආර්ථික කඩාවැටීම හමුවේ පීඩාවට පත්වූ ජනතාවගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම සඳහායි. ඒදා අපි පොහොර නැතිව වගා කටයුතු කර ගන්න බැරි තත්ත්වයකට පත්ව සිටියා. එපමණක් නොවෙයි රුපියලේ අගය පහළ යාම හේතුවෙන් කිසිම රටකින් අපිට ණය ලබා දුන්නේ නැහැ. ඒ වගේම ගෝලීය ප්‍රශ්න මතු වුණා. යුක්‍රේන යුද්ධය නිසා 2023 ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බවට අනාවැකි පළවුණා. ආහාර මිල වැඩි වූ විට දියුණු රටවල් ආහාර මිලදී ගන්නවා, අනෙක් රටවල ඒ ශක්තිය නැති නිසා මේ ආහාර හිඟයට මුහුණපානවා. මේ අභියෝග දෙකට මුහුණදීම සඳහා තමයි අපි ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආරම්භ කළේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය ගැන අද අපි සමාලෝචනය කළා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නැවතත් මේ පිළිබඳ සමාලෝචනයක් සිදු කළ යුතුයි. සෑම ග්‍රාම නිලධාරී කොට්ටාසයකම නිලධාරින් 04 දෙනෙක් ඉන්නවා. මේ වැඩකටයුතු ඔවුන් හතර දෙනාටම පැවරෙනවා. කාටහරි වැඩකරන්න බැරි නම් තමන්ගේ ප්‍රාදේශීය ලේකම්ට ඒ බව දැනුම් දෙන්න. එසේ නොකර පසුව ඇවිත් කියන්න එපා වැඩ කරන්න බැරි වුණා කියලා. ජනතා සේවය නිසි ලෙස ඉටු නොකිරීම පිළිබඳ කිසිවිටෙකත් රාජ්‍ය නිලධාරීන් හේතු ඉදිරිපත් කළ යුතු නැහැ.
පළමුව අවශ්‍ය වන්නේ තොරතුරු රැස් කර ගැනීම. මන්දපෝෂණය තුරන් කරන්නේ කොහොමද, වගා කරන්න පුළුවන්ද, ඊට සහාය ලබාදෙන්න පුළුවන් කොහොමද කියලා තොරතුරු ලබාගන්න. මේ ප්‍රදේශයේ වී වගාව පිළිබඳ ගැටළු තිබු‌ණත් මුං ඇට, කුරක්කන් ආදිය වගා කළ හැකියි. ඒ පිළිබඳ කැපවීමෙන් කටයුතු කරන ලෙස සියලුදෙනාගෙන් මම ඉල්ලා සිටිනවා.
ඒ වගේම වතුකරයේ මන්දපෝෂණය තිබෙනවා. වතුකරයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු, ඇමතිවරුන් එකට එක්වෙලා දිසා ලේකම්තුමිය සම්බන්ධ කර ගනිමින් ඒ සඳහා වැඩසටහන් සැලසුම් කරන්න.
මේ පිළිබඳ සමාලෝචනයක් කරලා ආහාර හිඟයට මුහුණ දී සිටින පිරිසට ආහාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. දැනට ඇතැම් විහාරස්ථානවල සහ කෝවිල්වල එම වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.
ඒ වගේම අස්වැන්න එකතු කිරීම, නාස්තිය අවම කිරීම, සැපයුම් ජාලා ශක්තිමත් කිරීම සඳහා සහය දැක්වීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එක් මන්ත්‍රීවරයෙක්, රාජ්‍ය නිලධාරියෙක්, පුද්ගලික අංශයේ නිලධාරියෙක් නැත්නම් සමාජ සේවා අංශයේ පුද්ගලයෙක් පත් කර තිබෙනවා. ඉදිරි සති දෙක තුළ ඒ අය මේ ප්‍රදේශවලට පැමිණ එම වැඩකටයුතු ආරම්භ කළයුතු බව අපි දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ගොවි සංවිධාන නියෝජිතයින්, වතුකරයේ තිබෙන සංවිධාන ඇතුළු සියලු පාර්ශ්ව එකතු කරගෙන මේ වැඩකටයුතු කළහැකියි. මෙම වැඩසටහනට දායකවන ඔබ සියලු දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.
ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට වගේම මන්ද පෝෂණය තුරන් කිරීමට අපි සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතුයි. මේ වැඩසටහන 2023 වර්ෂයෙන් අවසන් වෙන්නේ නැහැ. මේ වන විට ලැබී තිබෙන දත්ත සමග 2024 වසරේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අපට ආරම්භ කළ හැකියි. ඒ සදහා අපි සියලු දෙනා එක්විය යුතුයි.
විවිධ දේශපාලන පක්ෂවල අය මේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරනවා. නිලධාරිනුත් මේ පිළිබඳ විවිධ අදහස් දක්වා තිබෙනවා. අද රටේ ආර්ථිකය කඩාවැටිලා තිබෙන්නේ. ඒ නිසා අපි එකට එකතුවෙලා වැඩ කළ යුතුයි. මේ වැඩසටහන්වල හොඳ ප්‍රතිඵල තිබෙනවා. අපි මීට පෙර ඉන්ධන හිඟයකට මුහුණ දුන්නා. අද කෙසේ හෝ කේත ක්‍රමය යටතේ ඉන්ධන ලබාදිමට අපිට හැකියාව ලැබී තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීමක් සමග අපේ ඉන්ධන මිල ඉහළ, පහළ යනවා. අවාසනාවකට අපිට විදුලි බල මණ්ඩලයයි, ඛනිජ තෙල් සංස්ථාවයි විශාල වශයෙන් ණය වෙලා තිබෙනවා. මේ දෙකෙහිම විදේශ ණය ට්‍රිලියනයට වඩා ගෙවන්න තිබෙනවා. අපි මේවා යම්කිසි කාලයක ගෙවිය යුතුයි. විශේෂයෙන්ම ඉන්ධන සඳහා අවශ්‍ය විදේශ විනිමය අපි මහ බැංකුවෙන් සොයා දී තිබෙනවා. අපේ ආනයන සීමා කරන්න සිදු වුණා. අපි දැන් ඒ වැඩකටයුතු කරගෙන යනවා.
ඒ වගේම පොහොර හිඟයට අපි විසඳුම් ලබා දී තිබෙනවා. වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර අද අපි ගොවි ජනතාවට ලබා දී තිබෙනවා. විදුලි කප්පාදුව බොහෝ දුරට සීමා කරලා තිබෙනවා. එළැඹෙන වසර මැද වන විට මේ විදුලි කප්පාදුව අවසන් කළ හැකියි. නමුත් එක ගැටලුවක් මතුවෙනවා. ඒ තමයි ලබන වසරේ නියඟයක් ඇති වෙයිද නැද්ද කියන කාරණය. අද සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් අපි පියවර ගෙන තිබෙනවා. වැටුණු ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා අපි මේ වැඩසටහන් සමග තව ඉදිරියට යා යුතුයි.
දැන් අපි ඉන්නේ අසීරු තැනක. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර මේ ණය උගුලෙන් නිදහස් විය යුතුයි. ඒ පිළිබඳ ඉන්දියාව සමග පැවැත්වූ සාකච්ඡා බොහෝ දුරට අවසන් වී තිබෙනවා. චීනයෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ සාකච්ඡා සාර්ථක කරගෙන ණය ප්‍රතිව්‍යුහගත කර අවශ්‍ය විදේශ ආධාර ලබාගත යුතුයි. මේ සදහා අපි සියලු දෙනා එක්විය යුතු වෙනවා.
මෙතැන එකතු වුණා වගේ ජාතික මට්ටමිනුත් අපි එකතු විය යුතුයි. අද මෙතැන විවිධ කණ්ඩායම් සිටිනවා. අපට බෙදෙන්න බැහැ. ඡන්දයකදී බෙදෙන්න පුළුවන්. දැන් සියලු දෙනා එකමුතුව වැඩ කරමු. අපේ මේ වැඩසටහන එයට හොඳ උදාහරණයක්. ඉදිරියේදී අලුත් නීති ගෙන ඒමට තිබෙනවා. මේ වන විට අපි පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. විශේෂයෙන්ම අලුතින් අධීක්ෂණ කමිටු ඇති කර තිබෙනවා. මුදල් පාලනයට තවත් කමිටු තුනක් ඇති කර තිබෙනවා. පක්ෂ නායකයන් සමග ජාතික සභාවක් ඇති කර තිබෙනවා. ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයන්න අපි පක්ෂ නායකයන් සමග සාකච්ඡාවක් පැවැත්වූවා.
ආහාර සුරක්ෂිතතාව සහ මන්දපෝෂණය තුරන් කිරීමේ වැඩසටහනට එක්වන ලෙස මම එහිදි සියලු දෙනාට ආරාධනා කළා. ඒත් අද කිහිප දෙනෙක් ඇවිත් නැහැ. සියලු පක්ෂවලට මේකට එකතු වෙන්න කියලා මම යළිත් ඉල්ලීමක් කරනවා. මේක රටේ ප්‍රශ්නයක්. බඩගින්නට පක්ෂ පාට බේද නැහැ. පෙරහැරේ යන අලි වාගේ නෙමෙයි, වන අලියා ආවොත් ගහන්නෙ හැම තැනටමයි. මේ වන විට ‍මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කය තුළ හොඳ ප්‍රගතියක් ලබා තිබෙනවා. මුලින්ම අපි අඩු පාඩු හදාගමු. මේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ලබන ජනවාරී මාසයේ නැවත් විග්‍රහයක් සිදු කරමු. අපි සියලුදෙනා එකතුවෙලා මේ වැඩසටහන සාර්ථක කර ගනිමු.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්‍රනාන්දු , මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, තේනුක විදානගමගේ, අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවෙල්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල්, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම යන මහත්ම මහත්මීහු ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.

SendShareShare
Previous Post

අලුත් සමීක්ෂණයක ප්‍රතිපල එළියට එයි! රටේ සම්පත් විකිණීමට තරුණ පරම්පරාවම විරුද්ධයි!

Next Post

නාමල්ට දුන්නා! ඩයනාට දුන්නා! සනත් නිශාන්තට දුන්නේ නෑ!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.