• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොකක්ද මේ කොළඹ වහගත්ත දිල්ලි මීදුම…

December 16, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
මොකක්ද මේ කොළඹ වහගත්ත දිල්ලි මීදුම…
Share on WhatsAppShare on Facebook

සමකාසන්න, හොඳින් හිරු එළිය ලැබෙන රටක් වන ශ්‍රී ලංකාව මේ වන විට හිරු නොදකින රටක් බවට පත්ව තිබේ. දිවයිනේ ප්‍රදේශ රැසක බ්‍රහස්පතින්දා (08) දහවල් 12 වන විටත් දක්නට ලැබුණේ මන්දාරම් ස්වභාවයකි. වෙනදා දක්නට නොලැබෙන මීදුම් පටලයකින් ද වායුගෝලය වැසී තිබිණි.

වායු තත්ත්ව දර්ශකයට (Air Quality Index) අනුව කොළඹ වායු තත්ත්ව දර්ශකය ඒකක 187ක් ලෙස සටහන් විය. එය සෞඛ්‍යයට හිතකර නොවන තත්ත්වයක් ලෙස වර්ගීකරණය කර ඇත. වායු තත්ත්ව දර්ශකය සාමාන්‍යයෙන් ඒකක 150ත් 200ත් අතර අගයක පවතින්නේ නම් එය සෞඛ්‍යයට හිතකර නොවේ. හදිසියේ ඇතිවූ මේ තත්ත්වයට බලපා ඇති සාධක මොනවාදැයි බීබීසී සිංහල සේවය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරිගෙන් විමසීමක් කළේය.

‘මේකට ඉන්දියාවේ වායු දූෂණය වගේම ශ්‍රී ලංකාවේ තත්ත්වයත් බලපාලා තියෙනවා. ඉන්දියාව හරහා හමායන මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම නිසා ලංකාව දෙසට ඒ අහිතකර වායුව ඇදී එන නිසයි මේක වෙන්නේ…’ ඔහු පැහැදිලි කළේය.

වැඩි බලපෑමක් සහිත ප්‍රදේශ
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු දූෂණ කළමනාකරණ ඒකකය පවසන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක මෙම තත්ත්වය දැකගත හැකි වූ බවය. ඒ අනුව, කොළඹ, මහනුවර, කුරුණෑගල, වවුනියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබුණු බව එම සංවිධානය පැවසීය.

මේ පිළිබඳ විවිධ ප්‍රදේශවලදී නිරීක්‍ෂණය කළ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබිණි.

‘මේ තත්ත්වය හැමෝටම අහිතකරයි. විශේෂයෙන්ම ශ්වසනාබාධ සහිත පුද්ගලයන්ට අවදානම වැඩියි. ඒ නිසා එවැනි පුද්ගලයන් ප්‍රවේශම් වීම වැදගත්…’

ශ්වසන රෝගීන්ට අවදානමක්
වායු දූෂණය ඉහළ අගයක් ගෙන තිබීම ශ්වසනාබාධ සහිත පුද්ගලයන්ට අවදානම් තත්ත්වයක් බවට ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරි අනතුරු ඇඟවීය.

අවදානමෙන් මිදෙන්නේ කෙසේ ද?
‘අනිවාර්යයෙන්ම මුහුණු ආවරණයක් පැලඳිය යුතුයි. KN-95 වගේ මාස්ක් එකක් නම් වඩාත් සුදුසුයි…’ විද්‍යාඥ ප්‍රේමසිරි පැවැසීය.

ඔහු අවධාරණය කළේ, ශ්වසන රෝග ඇති පුද්ගලයන් නිවෙසින් පිටතට නොයාම වඩාත් සුදුසු බවය.

යථා තත්ත්වයට පත්වන්නේ කවදාද?
බොහෝ විට මේ සති අන්තය වන විට වායුගෝලය යථා තත්ත්වයට පත්වනු ඇතැයි විද්‍යාඥ ප්‍රේමසිරි පැවැසීය.

‘ඉන්දියාව පැත්තට යන සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ. සුළං අඩු වුණාට පස්සේ දූෂිත වායු ශ්‍රී ලංකාවට එන එක අඩුවෙයි….’

ඉන්දියාවේ තත්ත්වය
මේ වන විට ඉන්දියාවේ ප්‍රදේශ රැසක දැඩි වායු දූෂණ තත්ත්වයක් පවතියි. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නවදිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 387ක් දක්වා ඉහළ ගොස් ඇතිබවය.

ඉන්දියාවේ අස්වනු නෙළීමෙන් පසු ඉවත දමන ශාක කොටස්වලට ගිනිතැබීම සහ රථ වාහනවලින් පිටවන දුම් හේතුවෙන් සෑම වසරකම මෙම තත්ත්වය උද්ගත වේ.

බී.බී.සී. සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

මේ ලෑස්තිවෙන්නෙ මොනවටද? හමුදාව වේයන්ගොඩ ආයුධ හදන්න පටන් ගනී…

Next Post

ව්‍යාපාරිකයෝ මහදවල් මරලා දානවා! වැඩිම මුදල වෙන්කරන්නේ ආරක්ෂාවට! ආරක්ෂක ඇමැති මොකද කරන්නේ? කෝ ආරක්ෂාවක්! බොරු කයිය ගගහ ඉන්නෙ නැතිව ජනතාව ආරක්ෂා කරන්න! අද ජනතාවට සල්ලිත් නෑ! කන්නත් නෑ! මානව හිමිකමුත් නෑ! ආරක්ෂාවත් නෑ! රැස්වෙන්නත් බෑ! මොකද්ද මේ මනුස්සයා රටට කරන්නේ? (VIDEO)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.