• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සසර නිවන මග හොයන්න දහස් දුක් උහුලනා හිමියනි ඔබෙ කඳුළු අසල අපේ හිතත් උණුවුණා…

December 15, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
සසර නිවන මග හොයන්න දහස් දුක් උහුලනා හිමියනි ඔබෙ කඳුළු අසල අපේ හිතත් උණුවුණා…
Share on WhatsAppShare on Facebook

මේ කතාව අපි ගන්නේ සමාජ ජාලයකින්. නැත්නම් ෆේස්බුක් එකෙන්. ෆේස්බුක් එකේ සුරේන් සාගර එදිරිවීර තමයි මේ කතන්දරය පළකරලා තිබුණේ. ඔක්තෝබර් මාසේ 08 වැනිදා තමයි මේ කතාව මුලින්ම සමාජ ජාලගත වුණේ. අද වෙනකොට මේක ගොඩ දෙනෙක් දැකපු, අහපු කතාවක්. මේ කතන්දරය අයිති වැල්ලවායට. වැල්ලවායේ ඉඳලා කිලෝමීටර් 15ක විතර දුරක් ඉස්සරහට යනකොට මේ කියන ආරණ්‍ය සේනාසනය මුණගැහෙන බවයි සුරේන් සාගර එදිරිවීර තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළකරලා තිබුණේ. මේ ආරණ්‍යය භික්ෂුන්වහන්සේලා 15 නමක් පමණ වැඩවාසය කරන ස්ථානයක්. මේක ඉතා දුෂ්කර ගමක දුෂ්කර පරිසරයක තියෙන ආරණ්‍ය සේනාසනයක් විදියටයි අපට හඳුනාගන්න පුළුවන් වෙන්නේ. හරියටම කිව්වොත් එහෙම බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට තමයි එක පැත්තකින් මේක අයිති. අනෙක් පැත්තෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය. මේක පැහැදිලි කරගත්තොත් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් අතර තමයි මේ කියන ආරණ්‍ය සේනාසනය පිහිටලා තියෙනවාය කියලා කියන්නේ.

මේ ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන භික්ෂුන්වහන්සේලාට හරි හමන් දාන වේලක් ලැබෙන්නේ නෑ කියලයි මේ සමාජ ජාල සටහනේ සඳහන් වෙලා තිබුණේ. භික්ෂුන්වහන්සේලා ආරණ්‍යගත වෙලා බණ භාවනා කරගෙන ඉන්නකොට උන්වහන්සේලාට සිවුපසයෙන් පුද සත්කාර කිරීම සාමාන්‍ය ගැමියන්ගේ රාජකාරිය. ගමේ මිනිස්සුන්ටත් කන්න බොන්න නැත්නම් ඒ මිනිස්සු කොහොමද මේ භික්ෂුන්වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කරන්නේ? මේ ෆේස්බුක් ලිපියේ අගට එකතු කරලා තිබුණේ භික්ෂුන්වහන්සේ නමක් තමන්ගේ සිවුරු පටින් දෑස පිහදාගනිමින් හඬාවැටෙන පින්තූරයක්. මේ පින්තූරය අපේ රටේ ඛේදවාචකය පිළිබඳ ලෝකයට කියන කතාවක්. උන්වහන්සේ මේ අඬන්නේ තමන්ගේ ගමේ මිනිස්සු බඩගින්නේ ඉඳගෙන හාමුදුරුවන්ට දානේ දෙනවාය කියන වේදනාවට. මිනිස්සු කොහොම හරි තමන්ගෙ බඩ වියත රැකගන්න තියෙන දේවල් ටික එකතු කරලා පන්සලේ හාමුදුරුවො බඩගින්නේ නොතියා උන්වහන්සේලාට දාන වේල අරගෙන යනවා. ලොකු පන්සල්වල ලොකු හාමුදුරුවරු ලොකු වාහන අරගෙන මගේ අලුත් වාහනේ කියලා ෆේස්බුක් එකේ දානකොට කෝටි ගණන්වල දේපළ එකතු කරනකොට පන්සල්වල ඉඩකඩම්වලට මහානායක හාමුදුරුවරු පවා නඩුහබ කියාගන්නා තැන්වලදී අපට මතක් වෙන්නේ කන්න නැති හාමුදුරුවරු අපේ රටේ ඉන්නවා කියන එක. උන්වහන්සේ මේ ගිය පිරිසකට කියලා තිබුණේ අපට කුසගින්න දරාගන්න පුළුවන්, ඒත් මේ ගමේ අයට කන්න නෑ. පුළුවන් නම් අපට නෙවෙයි ගමේ අයට කන්න දෙන්න කියලා. හාමුදුරුවොත් ගමේ මිනිස්සුත් අතර තියෙන සම්බන්ධතාව කොච්චර ලස්සනද කියලා අපට හිතුණා. ඒකට හේතුව අපේ සමහර පන්සල්වලින් ගමට පටවලා තියෙන බර කොච්චර බරද කියලා අපි දන්න නිසා. ගමේ ඉඩකඩම් පන්සලේ ඉඩකඩම් සල්ලිකාරයන්ට බද්දට දීලා බදු සල්ලි එකතු කරගන්න අස්සේ පන්සලේ වැට තරකරන වැටේ කම්බි පොටවල් තද කරන, පන්සලට බෝධි පූජාවකට දානෙකට මානෙකට ලේසියෙන් පැනගන්න පුළුවන් පන්සල් ඉඩමේ කපොලු පවා වහලා දාලා පන්සලේ ඉඩමුත් බදු දෙන කාලෙක මෙහෙම භික්ෂුන්වහන්සේලා අපේ රටේ ඉන්නවාය කියන එකත් අපට අදහන්න බැරි කාරණයක්. ඇත්තටම මේ රටට ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි දැන් කන්නේ අමාරුවෙන්. අපි දැන් ජීවත් වෙන්නේ අමාරුවෙන්. අපි දැන් ඉන්නේ අන්ත අසරණ දුගී දුප්පත් රටක.

මේ ආරණ්‍යයේ නම බුළුගල්ලෙන ආරණ්‍ය සේනාසනය. උන්වහන්සේගේ දුරකතන අංකය 0766660513. මේ සමාජ ජාලයේ සඳහන් කරලා තිබුණු විදියට තවත් ස්ථාවර දුරකතන අංකයකුත් තියෙනවා. ඒ, 055 5755050 කියන දුරකතන අංකය. මේ අංක දෙකෙන් කොයි එකට හරි කතා කරලා මේ ආරණ්‍යයේ ඇත්තම කතාව ඔබට දැනගන්න පුළුවන්. මේ ගමේ ඇත්තම කතාවත් ඔබට දැනගන්න පුළුවන්. පන්සලේ හාමුදුරුවන්ට දානේ වේලක් අරගෙන යනවද, ගමේ මිනිස්සුන්ට කන්න ටිකක් අරගෙන යනවද කියන එක ඔබ තීරණය කරන්න. ඒ දෙකෙන් කොයික කළත් එක වගේම පින් සිදුවෙයි කියලා අපි හිතනවා. සමහර වෙලාවට මේ ලිපිය කියෙව්වට පස්සේ ඒ වචනෙට සමහර කෙනෙක් උරණ වෙයි. ඒ වුණාට ඇත්ත කතාව බඩගින්න කියන්නේ කාටත් දැනෙන දෙයක්. පාරේ ඉන්න සතෙකුටත්, පන්සලේ ඉන්න භික්ෂුවකටත්, දුගී පැලේ ඉන්න අහිංසක දුගියටත්, විසල් මාලිගාවේ ඉන්න මහා සල්ලිකාරයටත් එක වෙලාවක කුසගින්න දැනෙනවා. ඒ කුසගින්න ඉවසාගන්න බැරි තැන මිනිස්සු හොරු බවට පත්වෙනවා. අපිව කුසගින්න ඉන්න ජාතියක් බට පත්කළේ දේශපාලකයෝ. ඒ දේශපාලකයන්ගේ බඩ වඩාගන්න. උන් අපට කන්න තියෙන එක ඒගොල්ලන්ගේ විනෝදය සඳහා වියදම් කළා. මේ ලිපිය ලියන දවස වෙද්දී අහසට යවපු බැලුමක සංවත්සරය සමරන්න පුළුවන්. ඒ බැලුම කොහේ ගියාද කියලා දන්නේ නැති වුණාට, චූටි පුතාගේ ආශාව ඉෂ්ට කරන්න ඒ ආදරණීය තාත්තට පුළුවන් වුණා කියලා විතරක් අපට හිත හදාගන්න වෙනවා. ඒ තමයි රාජපක්ෂ ආණ්ඩුව අපට දුන්න තෑගි. දැන් අපි බඩගින්නේ මැරෙන්න යන ජාතියක්. කන්න නැතුව භික්ෂුන්වහන්සේලා අඬන ජාතියක්. ගමක් බඩගින්නේ ඉන්න ජාතියක්. හම්බවෙන හැම සතේම කෑමට වියදම් කරලා සියලු සැප පහසුකම් අතහැර දාලා දැන් අපි දුෂ්කර ක්‍රියා කරන්න පටන් අරගෙන. ස්තුතියි දේශපාලකයිනි ඔබ අපට තනා දුන්නු ලෝකයට. දැන් අපට වෙන කියන්න දෙයක් නෑ. මේ ලියන්නේ මේක කියවන්නෙ තවත් බඩගින්නේ ඉන්න මිනිස්සු මිසක් කෝටිපතියෝ නෙවෙයි. ඒ නිසා මේ ආරණ්‍ය සේනාසනයට කෑම බීම අරගෙන යන්න කියලා අපි ඉල්ලන්නේ තවත් අහිංසකයෝ පිරිසකගෙන්. ඔබට පුළුවන්කමක් තියෙනවා නම් විතරක් මේක කරන්න. අපි ඔබට බලකරන්නේ නෑ. මොකද ඔබේ ගින්දරත් අපේ ගින්දරත් එක වගේ නිසා අපි දන්නවා ඔබ ඉන්නෙත් ගින්නක කියලා. මොකද අපි ඉන්නෙත් ගින්නක.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ‌ජොන්සන්! චීන මුදල් ඇමැති ලියු කුන්! බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක්! බ්‍රිතාන්‍ය ඇමැති රනිල් ජයවර්ධන! දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රමපෝසා! රනිල් එක්ක කතා කරපු හම්බවෙච්ච රාජ්‍ය නායකයන්ට ලබපු මොකක්ද මේ අපලෙ…!

Next Post

IMF සාකච්ඡා එකඟතාවකට ඇවිත් කියලා කැබිනට් මාධ්‍ය හමුවේදී ආණ්ඩුවේ ඇමැතිවරු බොරුවක් කියපු බව මහබැංකු අධිපති තහවුරු කරයි! එහෙම එකක් නෑ! (VIDEO)

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.