• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ‌ජොන්සන්! චීන මුදල් ඇමැති ලියු කුන්! බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක්! බ්‍රිතාන්‍ය ඇමැති රනිල් ජයවර්ධන! දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රමපෝසා! රනිල් එක්ක කතා කරපු හම්බවෙච්ච රාජ්‍ය නායකයන්ට ලබපු මොකක්ද මේ අපලෙ…!

December 15, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ‌ජොන්සන්! චීන මුදල් ඇමැති ලියු කුන්! බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක්! බ්‍රිතාන්‍ය ඇමැති රනිල් ජයවර්ධන! දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රමපෝසා! රනිල් එක්ක කතා කරපු හම්බවෙච්ච රාජ්‍ය නායකයන්ට ලබපු මොකක්ද මේ අපලෙ…!
Share on WhatsAppShare on Facebook

‘රනිල් ජනාධිපති වී මාස හතරක් පහක් ඉකුත්ව ඇත්තේය. සාමාන්‍ය සිරිතට අනුව නම් ලංකාවේ රාජ්‍ය නායකයාට හාපුරා කියා සුබ පතන්නේ ඉන්දියාවය. එමතුදු නොව ලංකාවේ රාජ්‍ය නායකයා සිය මුල්ම විදෙස් සංචාරයේ යෙදෙන්නේද ඉන්දියාවටය. මේ බැඳීම ඉතා ඈත අතීතයේ සිටම පැවැත එන්නේය. එහෙත් තවමත් ජනාධිපති රනිල් ඉන්දියාවේ සංචාරයක යෙදී නැත. ඇත්තටම සිදුව ඇත්තේ ඔහුට ඊට ඇරයුම් ලැබී නැති වීමය. ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලය මගින් බැරිවූ තැන ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින්ද ඉන්දීය චාරිකාවක් සැලසුම් කරගැනීමට ජනාධිපති රනිල් උත්සහ කළද තවමත් එය සාර්ථකව නැත.

භූ දේශපාලනික සිද්ධාන්ත අනුව ලංකාව සහ ඉන්දියාව අතර ආරෝවක් නැත්තේම නොවේ. ඒත් මේ දෙරට අතර ඇත්තේ කොරා සහ අන්ධයා අතර ඇති අවියෝජනීය සම්බන්ධතාවට නොදෙවැනි සබඳතාවකි. ලංකාවට ඉන්දියාව නැතිව බැරි සේම ඉන්දියාවටද ලංකාව නැතිව බැරිය. ඉන්දියාව පැත්තෙන් ලංකාව තරහ කරගැනීම තරහකාරයකුට නිවෙසේ කාමරයක් කුලියට දුන්නාට දෙවැනි නැති බව ඉන්දියාව හොඳින් දනී. එහෙත් රනිල්ගේ ආණ්ඩුව සම්බන්ධව ඉන්දියාවේ මෝදිගේ ආණ්ඩුව දක්වනුයේ ‘එපා වාහෙට හොදි බෙදන න්‍යාය’ යැයි බොහෝ දෙනා කියති. රනිල්ගේ මාමා ලංකාවේ ජනාධිපති කාලේ ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධි ලංකාවට පරිප්පු දමා පොඩිපහේ පාට් දැම්මාට ලංකාව එතරම් ගණන් ගත්තේ නැත. රජීව්ද එසේමය. සාම ගිවිසුම අස්සන් කරන්නට ලංකාවට පැමිණි රජීව්ට නාවික සෙබළෙක් රයිෆල් බඳෙන් පහර දුන්නේය. රජීව්ද එය එතරම් ගණන් ගත්තේ නැත. විශ්‍රාම ගිය ජේ.ආර්. ඉන්දීය නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වා ගත්තේය. මෙතරම් හොඳ සබඳතා පැවැත්වූ රටකින් ජනාධිපති රනිල්ට ‘නිකමට ගොඩවැදී යන්නැයි’ කියා ආරාධනයක් නොකිරීම ඇත්තෙන්ම පුදුමසහගතය. ඒත් මේ ලියුම්කරුට සිතෙන්නේ ඉන්දීයාවේ අගමැති නරේන්ද්‍ර මෝදි රනිල්ට ඉන්දියාවට එන්නැයි ඇරයුම් නොකරන්නේ ඔහුට බය නිසා බවය.

ලෝක බලවතකුගේ තත්ත්වයට පත්වෙමින් සිටින ඉන්දියාවේ මෝදි වැනි නායකයෙක් බංකොලොත් වී ණයකාරයන්ගෙන් බේරෙනු බැරි නිසා වැඩිය එළිපහලියට නොගොස් සැඟව සිටින ලංකාව වැනි රටක රාජ්‍ය නායකයාට බය වන්නේ අහවල් දෙයකටදැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් ඊට හේතු මොනවදැයි ජාත්‍යන්තර සහ දේශීය දේශපාලන ක්ෂේත්‍රය ගැන ඇබිත්තක් සොයා බැලීමෙන් වටහා ගත හැක්කේය.

අරගලය එන විට රනිල් පාර්ලිමේන්තුවේ සිටියේ හරියට භේරුණ්ඩ පක්ෂියා වගේය. හදිසියකට කතා කරනට එ.ජා.ප.යේ කියා එකෙක් පාර්ලිමේන්තුවේ සිටියේ නැත. එහි සිටි එකම යූ.ඇන්.පී.කාරයා වූයේ රනිල්ය. ආන්න එලෙස පාර්ලිමේන්තුවේ තනිවී සිටි රනිල් අගමැති කරන්නට ගෝඨාභය කටයුතු කළේය. එසේ කිරීමෙන් පසු දෙමසකට වඩා තනතුර රැකගන්නට ගෝඨාට නොහැකි වූයේය. ජනතා විරෝධය හමුවේ ගෝඨාභයට නතර වූයේ මාලදිවයිනට පලාගොසිණි.

අගමැති පුටුවට ගොඩවූ රනිල් මුලින්ම කතා කළ කීප දෙනා අතර බි්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ද වූයේය. මැයි 30 වැනිදා බි්‍රතාන්‍ය අගමැතිවරයාට කතා කළ රනිල් වික්‍රමසිංහ ඒ ගැන ට්විටර් පණිවුඩයක්ද නිකුත් කළේය. තමා බි්‍රතාන්‍ය අගමැතිවරයාට කතා කළ බවත්, ලංකාවට උදව් කිරීමට ඔහු එකඟවූ බවත් ඉන් කියැවිණි. එහෙත් ලංකාවට උදව් කරනවා තබා ඔහුට තම අගමැතිකමවත් බේරාගන්නට බැරි වූයේය. ජූලි මස 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ලිස් ට්‍රස්ට් හට ඩවුනින් වීදියේ අගමැති නිල නිවෙස භාරදී ගෙදර යන්නට ජොන්සන්ට සිදු වූයේය.

පසුගිය ඔක්තෝබරයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයන් සහ ඩොලර් බිලියන 13කට අධික බැඳුම්කරවල ආයෝජනය කරන ලද ණය හිමියන් අතර සාකච්ඡාවක් ඇමෙරිකාවේදී පැවැත්විණි. ඒ අතර ලංකාවෙ ලොකුම ණය හිමියා වන චීනයේ මුදල් ඇමැති ලියු කුන් හා ශ්‍රී ලංකාවේ ජනාධිපති අතර දුරකතන සාකච්ඡාවක් සිදුවූයේය. ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උදව් කරන්නට ඔහු ඉදිරිපත් වූ බවද කියැවිණි. එහෙත් ලංකාවට උදව් කරනු කෙසේ වෙතත් දෙසතියක් තුළ ඔහුට සිය මුදල් ඇමැතිකම අහිමිව ගියේය. ඊට හේතුව නැවත වරක් ජනාධිපති ධුරයට තේරී පත්වූ ෂී ජින්පින් ලියු කුන් ධුරයෙන් ඉවත් කිරීමය.

පසුගිය නොවැම්බර් මාසයේ COP27 සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊජිප්තුවට ගියේය. එහිදී ඔහුට බි්‍රතාන්‍යයේ අග්‍රාමාත්‍ය රිෂී සුනක් මුණගැසුණි. රනිල් හා සුනක් මුණගැසුණේ පසුගිය නොවැම්බර් හත්වැනිදාය. ඒ හමුවට මාසයක් ගතවීමටත් පෙර සුනක් දේශපාලන වංකගිරියක අතරමං වන ලකුණු පෙනෙන්නට විය. දෙසැම්බර් මුල් සතියේ පැවැති බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ වයඹදිග එංගලන්ත ආසනය සඳහා වූ විශේෂ මැතිවරණයෙන් සුනක්ගේ කොන්සර්වෙටිව් පක්ෂය පරදා ලේබර් පක්ෂය විශිෂ්ට ජයක් ලැබීය. ඒ සිදුවීමෙන් පසු බි්‍රතාන්‍ය අගමැති සුනක් මුහුණදෙන දේශපාලන අර්බුදය තීව්‍ර වෙමින් ඇති අතර හෙට අනිද්දාට ඔහුටද ලිස් ට්‍රස්ගේ ඉරණමම අත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ. දැනටමත් ජ්‍යෙෂ්ඨ කොන්සර්වේටිව් පාක්ෂිකයන් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවන බවට දැනුම් දීමක්ද සුනක් වෙත සිදුකර ඇත.

මීට අමතරව ජනාධිපතිවරයා රැජිනගේ අවමඟුලට සහභාගි වූ අවස්ථාවේදී හිටපු බි්‍රතාන්‍ය මන්ත්‍රීවරයකු වන නිරන්ජන් දේවාදිත්‍ය විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධාන කොට තිබිණි. ඊට ලාංකීය සම්භවයක් සහිත බි්‍රතානය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රනිල් ජයවර්ධනද එක්ව සිටියේය. එහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හා රනිල් ජයවර්ධන මන්ත්‍රීවරයා අතර සුහද සාකච්ඡාවක්ද ඇතිවිය. නමුත් පුදුමය කියන්නේ මෙම සාකච්ඡාව පවත්වා දින කිහිපයකට පසු රනිල් ජයවරධනටද දේශපාලන බාල්දියක් පෙරළිණි.

මේ සිදුවීම් පෙළේ ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුගිය සතියේය. විදෙස් සමුළුවකට සහභාගිවී ආපසු යමින් සිටි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා පැය කිහිපයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටියේය. ඒ සුළු වේලාව ඔහු සිටියේ කටුනායක ගුවන් හමුදා කඳවුරේය. එදිනට දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගේ උපන් දිනයද යෙදී තිබිණි. මේ බව දැනගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කේක් ගෙඩියක්ද රැගෙන දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මුණගැසීමට ගොස් කේක් කපා ඔහුට සර්ප්‍රසිස් පාටියක්ද දුන්නේය. එහෙත් උපන්දින පාටියේ සතුට යන්නටත් පෙර සිරිල් රමපෝසාට අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය. ඒ එරට මුදල් විශුද්ධිකරණ කමිටුවක් මගින් නීති විරෝධී ඉපැයීම් පිළිබඳ විමර්ශනයකදී ඔහු වැරදිකරු කිරීමය. දැන් එරට විපක්ෂය ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම් වෙයි. ඉන් පරාජය වුවහොත් ඔහුට වන්නේ ගෙදර යාමටය.

ජනාධිපති රනිල් හමුවූ සියලු නායකයන් පාහේ කුමක් හෝ අර්බුදයක පැටලීමට හේතුව ඔහුගේ අවාසන්නාව යැයි ඇතැමුන් පැවසුවද මේ ලියුම්කරු එසේ සිතන්නේ නැත. මන්ද යත් අවාසනාවන්තයකුට නම් එක ආසනයක් සහිතව පාර්ලිමේන්තුවේ සිටිමින් ජනාධිපති වීමේ පින පෑදෙන්නේ නැත. එහෙත් රනිල් හා කතාබහ කිරීමෙන් පසු මේ නායකයන්ට සිදුවූ දෙය දැක බියටපත් ඉන්දියවේ අගමැති නරේන්ද්‍ර මෝදි ‍රනිල් හමුවීම කල්දමන්නට තීරණය කළද එහි පුදුමයක් නම් නැත.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

මුලු රටේම මිනිස්සු බේරගන්න ටික්ටොක් එකෙන් පුදුම සේවයක් කරපු රාජ්‍ය සේවකයා…! සුන්දර මිනිසා…! ඉක්මනටම අපිව දාලා ගියා! (VIDEO)

Next Post

සසර නිවන මග හොයන්න දහස් දුක් උහුලනා හිමියනි ඔබෙ කඳුළු අසල අපේ හිතත් උණුවුණා…

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.