• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මටවත් ආණ්ඩුවටවත් ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා කිසිදු සැලැස්මක් නෑ! ෂැංග්‍රිලා හෝටලයේ පැවැති ‘2022 ආර්ථික සමුලුවේදී’ ජනාධිපති මුල්වරට කියයි! (PHOTOS & VIDEO)

December 7, 2022
in Exclusive
Reading Time: 12 mins read
A A
මටවත් ආණ්ඩුවටවත් ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා කිසිදු සැලැස්මක් නෑ! ෂැංග්‍රිලා හෝටලයේ පැවැති ‘2022 ආර්ථික සමුලුවේදී’ ජනාධිපති මුල්වරට කියයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
යල් පැනගිය ආර්ථික ක්‍රම මඟින් මෙරට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ්‍ය වන්නේ විදේශ විනිමය උපයා ගැනීම බව ද පැවසීය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී “2022 ආර්ථික සමුළුව ” අමතමිනි.
රට ගොඩගත හැකි නව ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වාදීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

මේ අවුරුද්ද වෙන කිසිම අවුරුද්දකට සමාන කිරීමට නොහැකි බව වැඩසටහන මෙහෙයවන මහත්මිය ප්‍රකාශ කළා. එය නිවැරැදියි. මං හිතන විදිහට 20 වැනි සියවසේ හෝ 19 වැනි සියවසේ මේ වගේ එක වසරක්වත් තිබිලා නැහැ. අපට මීට කලින් සිවිල් යුද්දයක් තිබුණා. වර්තමානයේ තිබෙන්නේ ත්‍රස්තවාදී යුද්දයක් නොවෙයි. අපට ඇත්තේ ලෝක යුද්ධයක් ද නොවෙයි . අපි මේ සියල්ලට මුහුණ දී තිබෙනවා. අපි කැරලිවලට මුහුණ දී තිබෙනවා.

වර්තමාන‍යේ තිබෙන්නේ ආර්ථිකය කඩා වැටීමක්ම පමණයි. ඒකත් කඩා වැටෙන්න බලාගෙන හිටපු ආර්ථිකයක්. මම වසර හතරහමාරක් අගමැති වෙලා සිටි කාලයේ දැඩි පරිශ්‍රමයක් දරන්න වුණා මේ ආර්ථිකය නිවැරදි දිශාවකට යොමු කරන්න. අපට එහිදි ප්‍රාථමික අයවැය අතිරික්තයක් ලබාගැනීමට හැකි වුණා.

එදා දේශපාලනඥයන්ට අවශ්‍ය වුණේ තමන්ගේ බලය රැකගන්න. ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වුණේ තම ලාභය රැක ගන්න. තවත් බොහෝ දෙනෙකුට අවශ්‍ය වූණේ වරප්‍රසාද. කිසිදු සේවාවක් ලබා නොදී, තමන්ට නොමිලේ ලැබෙන්නේ මොනවද කියලා, තවත් කොටසක් බලාගෙන සිටියා. දීර්ඝකාලීනව මෙවන් තත්ත්වයක් පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ.

කෝල්බෲක් – කැමරන් ප්‍රතිසංස්කරණ සහ තීරු බදු අහෝසි කිරීමෙන් පසු ලංකාව නවීන වාණිජ ආර්ථිකයක් බවට පත් වූණා., ‘රාජකාරි ක්‍රමය’ අහෝසි කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය ජාතිකයන් පමණක් නොව ශ්‍රී ලාංකිකයන් ද ඊට ඇතුළත් වුණා. ඔවුන්ට බැංකු තිබුණෙ නැහැ. ඔවුන්ට මුදල් සොයා ගැනීමට ක්‍රමයක් තිබුණෙත් නැහැ. ඒ කාලයේ ඔවුන්ට සහාය දැක්වීමට හෝ සහනදායි කොන්දේසි මත ආධාර දෙන්න ලෝක බැංකුවක් තිබුණේ නැහැ.

නමුත් ඔවුන් කළේ කුමක්ද? ඔවුන් විශාල ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනඟුවා. බ්‍රිතාන්‍යයන් තේ වගා කරද්දී, අපි පොල් වගා කළා. අපි අපේ මිනිරන් සොයා ගත්තා. ඊට පස්සේ 1948 යුද්ධය අවසන් වූ පසු අපි දෙවැනි වුණේ ජපානයට පමණයි.

ඒත් අපි හැටේ සහ හැත්තෑව දශකවල සිට නැවත විනාශය කරා ගමන් කළා. ඉන් පසුව අපි යුද්ධයකින් පීඩාවට පත් වූ ආර්ථිකය නැවත ගොඩනඟන්න පටන් ගත්තා. එතැනින් පස්සේ රට ගමන් කළ දිශාව ගැන මම මෙතනදි කතා කරන්නෙ නෑ .

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් අඩුවීම සහ එවකට රජය ගත් ඇතැම් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග යන කරුණු දෙක මත මේ ආර්ථිකය කඩාවැටීමට ලක්වීම පුදුමයට කරුණක් නොවෙයි. මේ අර්බුදවලින් අපි ගොඩ ආ යුතුයි. අපි තවමත් ඒ සඳහා උත්සාහ කරමින් සිටිනවා.

පසුගිය ජූලි මාසයේ සිට ගෙවුණු මාස කිහිපය තුළ අපගේ උත්සාහය නිසාම යම් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකි වුණා. ඒ සඳහා විවිධ පාර්ශ්වයන් අපට ලබාදුන් උපකාරත් සමඟ අගෝස්තු මාසයේ සිට අපට එය ස්වඋත්සාහයෙන් කර ගැනීමට සිදු වුණා.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මාණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹ තිබෙනවා. ඒ වගේම අපි දැන් අපගේ ණය හිමියන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එහිදී අපි ඉතා සාර්ථක සාකච්ඡා පැවැත්වූවා. අපි චීනය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එක්සිම් බැංකුව සමඟ සාකච්ඡා කරන ලෙස ඔවුන් අපෙන් ඉල්ලා තිබෙන අතර එම සාකච්ඡා දැන් සිදුවෙමින් පවතිනවා.
කොමියුනිස්ට් පක්‍ෂ සමුළුව නිසා චීනය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම ප්‍රමාද වුණා. එම කටයුතුවලදී මේ දක්වා ලොකු ප්‍රශ්නයක් මතු වී නැහැ. එම සාකච්ඡා ඉක්මනින් අවසන් කළ හැකි වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් එයින් අදහස් කරන්නේ අප මේ ගැටලුවෙන් සම්පූර්ණයෙන් මිදුනා කියන එක නොවෙයි.

අපි ලබන අවුරුද්ද ආරම්භ කරන්නේ රුපියල් බිලියන 300 – 400 ක විශාල ණය බරක් සමගයි. කොහොමද අපි මේක කළමනාකරණය කර ගන්නේ. රජයෙන් අරමුදල් ලබාදීමට නම්, අපිට අලුතින් මුදල් මුද්‍රණය කරන්න සිදු වෙනවා. අපිට මේ විදයම් කරන්න වෙන්නේ ගල් අඟුරු, ඉන්ධන මිල වැඩිවීම නිසා පමණක් නොවෙයි. වැරදි ආර්ථික කළමනාකරණයටත් ගෙවන්න සිදු වෙලා තිබෙනවා.

අපි සැලසුම් සහගතව මේවට මුහුණු දෙනවාද? එසේත් නැතිනම් අපි කිසිවක් නොකර කවුරුන් හෝ අපට උපකාර කරනු ඇතැයි කියා බලාපොරොත්තුවෙන් ඉන්නවද කියන එක, දැන් අප හමුවේ තිබෙන පළමු ප්‍රශ්නයයි

දෙවනුව, අපි අපේ බැංකු පද්ධතිය දෙස බැලිය යුතුයි. අපි අපේ බැංකු බේරාගත යුතුයි. අපේ බැංකුවල තත්ත්වය ගැන මට ඔබ සමඟ කතා කිරීමට අවශ්‍ය නෑ. එය මට වඩා හොඳට ඔබ දන්නවා, නමුත් එහි දෙපැත්තක් තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි උද්ධමනය අද උපරිමයට පැමිණ තිබෙනවා. නමුත් එය පහතට වැටෙනවා. ව්‍යාපාර කරගෙන යාමේදී පොලී අනුපාතවල යම් සහනයක් අවශ්‍ය බව තේරුම් ගත හැකියි. මෙය කියනවා වගේ නොවෙයි, කරන්න ගියහම හරිම අපහසුයි.

අනෙක් පැත්තෙන් ආර්ථිකය හැසිරවීමේදී මහ බැංකුවට විශාල කාර්යභාරයක් කිරීමට සිදු වෙනවා. ඒ නිසා ලබන වසර මුලදී ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙම යෝජනා දෙකම පිළිබඳ සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ආර්ථිකය ශක්තිමත් කිරීම වගේම පෞද්ගලික අංශයට දෙන්න පුළුවන් සහන මොනවද කියලා එහිදී අපි සොයා බලනවා.

අපගේ අවධානය යොමු විය යුතු ප්‍රධාන ක්ෂේත්‍රවලින් එකක් වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තයි. ඒවා කඩා වැටීමට ඉඩ දිය නොහැකි අතර ඒවා නඟාසිටුවීමට විසඳුම් සොයා ගත යුතුයි. අපේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් බේරා ගන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුයි.

විවෘත ආර්ථිකය සාර්ථක වුණේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් ඉදිරියට පැමිණීම තුළින්. සමහරු කෝටිපතියෝ වුණා. එදා මෙම ක්ෂේත්‍රයේ පැවතියේ මෙවන් තත්ත්වයක්.
නමුත් දැන් අපි ඉදිරියට යන විට විසඳා ගත යුතු ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා . එකක් ආර්ථිකය ස්ථාවර වීමෙන් පසු අප කරන්නේ කුමක්ද?යන්නයි. අනෙක, ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සැලැස්ම කුමක්ද? යන්නයි.

මෙම ආර්ථික අර්බුදය තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකිද කියා මම දන්නේ නෑ. ප්‍රතිසංස්කරණය කිරීමට නම් අපට ආර්ථිකයක් තිබිය යුතුයි. අනාගතයේදී අපට මුහුණ දීමට සිදු වන්නේ කුමන තත්ත්වයකට ද?

අපට ණය දෙන පාර්ශ්වයන්ගෙන් සහ පෞද්ගලික ණය හිමියන්ගෙන් කුමන සහනයක් ලැබුණත් මෙම මුදල් දිගු කාලීනව ආපසු ගෙවිය යුතුයි. ඒ වගේම ඉදිරි වසර කිහිපය සඳහා අපි මුදල් ණයට ගත යුතුව තිබෙනවා. ඒ වගේම අපගේ වෙළෙඳ ශේෂය අපට වාසිදායක වන්නේ නෑ. ඉතින් අපි පැවති ක්‍රමවේදයම නැවත ගොඩනඟාගෙන වඩාත් වේගයෙන් පහළට වැටෙනවද කියා සිතා බැලිය යුතුයි. ඒ අනුව බලනවිට මම හිතුවා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කර ඵලක් නැහැ කියලා. ඒ නිසා මට පෞද්ගලිකව ප්‍රතිසංස්කරණ සඳහා කිසිදු සැලැස්මක් නෑ. එම නිසා රජයටත් ආර්ථික ප්‍රතිසංස්කරණ සැලසුම් නෑ.

අපට අවශ්‍ය වන්නේ 2050ට මුහුණ දෙන නව ආර්ථිකයක් ගොඩනැඟීමටයි. පෞද්ගලික අංශය ඊට සූදානම්ද? මට ඔබෙන් ඇසීමට ඇති එකම ප්‍රශ්නය එයයි. ඒ වගේම අපි ඊට සූදානම්ද? මෙම අභියෝගය භාරගන්නවද? එහිදී දැනෙන වේදනාව දරා ගැනීමට සූදානම් ද? නැත්නම් අපි ආයෙත් හැංගෙන්නද යන්නේ? පැස්බරාට තම ඔළුව නිතරම සඟවාගත නොහැකියි.

අපේ ප්‍රමුඛතාව විය යුත්තේ විදේශ විනිමය ඉපැයීමයි.ඇයි අපිට වෙළෙඳ ශේෂයක් තියාගන්න බැරි? එහි අතිරික්තයක් පවත්වාගෙන යාමට නොහැකි ඇයි? වෙළෙඳ ශේෂයේ අතිරික්තයක් පවත්වා ගත්තේ නැතිනම් අපිට පැවැත්මක් නැහැ. අපි ලෝකය සමඟ තරඟ කළ යුතුයි.

ඒ වගේම අපි ආසියාවේ සෙසු රටවල් අතරට පැමිණිය යුතුයි. චීනය, ජපානය, කොරියාව, ඉන්දියාව වැනි දියුණු රටවල් සමඟ තරඟ කළ යුතුයි. අපට එම තතත්ත්වය ගොඩනගා ගත හැකිද? අපට තරඟකාරී අංශ නිර්මාණය කළ හැකිද? යන අභියෝගය භාර ගැනීමට ඔබ සූදානම් විය යුතුයි. අපි 2050ට යන්න ලෑස්තිද නැත්තම් 1950ට ආපහු යන්න ඕනද? මේ විකල්ප දෙක තමයි අපට තිබෙන්නේ.

අපි ඉතා තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. එය කිහිප දෙනෙකුට පමණක් නොව සැමට ප්‍රයෝජනවත් විය යුතුයි. අපි හැමෝම ඉතා දුෂ්කර කාලයක් පසු කරමින් සිටින්නේ. ‍මේ නව ප්‍රතිසංස්කරණ සඳහා අපි සූදානම් විය යුතුයි.

අපි පුනර්ජනනීය බලශක්තිය ගැන අවධානය යොමු කළ යුතුයි. මම පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරන්නේ නැහැ. මම හරිත හයිඩ්‍රජන් ගැන කතා කරන්නම්. හරිත හයිඩ්‍රජන් බවට පත් කළ හැකි පුනර්ජනනීය බලශක්තියේ අතිවිශාල අතිරික්තයක් අප සතුව තිබෙනවා.

ඇයි අපි අපේ රට වරාය කේන්ද්‍රස්ථානයක් බවට පත් නොකරන්නේ? කොළඹ වරාය සංවර්ධනයේදී නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගත් තීරණවලදී ලොකු විවාදයක් ඇති වුණා, මම රට විකුණන්න හදනවා කියලා. දැන් අපි බටහිර පර්යන්තය ලබා දී තිබෙනවා. එය ඉතා හොඳ තත්ත්වයක්. අපට ඇත්තටම ඉදිරියට යාමට අවශ්‍ය නම්, නැගෙනහිර පර්යන්තය ලබා දිය යුතුයි. අපි පළමු තේරීම ජපානයට ලබා දී තිබෙනවා. එහෙම නැත්නම් අපි අනිත් පාර්ශ්වයන්ටත් එන්න කියනවා.

කොළඹ වරාය දකුණු ආසියාවේ කාර්යබහුලම වරාය විය යුතුයි. තවදුරටත් කුඩා වරායක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා කොළඹ වරාය ජාඇළ දක්වා පුළුල් කරන්න. වරාය කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සඳහා කොළඹ උතුරු ප්‍රදේශයේ අක්කර 30ක් පමණ දැනටමත් එළිපෙහෙළි කර තිබෙනවා. එයට සම්බන්ධ කිරීමට තවත් ඉඩම් තිබෙනවා.

ඒ වගේම අපගේ කෘෂිකර්මාන්තය නවීකරණය කළ යුතුයි. කෘෂිකර්මාන්තය නවීකරණය කරමින් අපනයන ආර්ථිකයක් සඳහා සූදානම් විය හැකියි. එය කළ හැකි නමුත් ඊට ඉහළ තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. ඊටත් වඩා, ඉදිරියට යාමට ඇති කැමැත්ත වැදගත් වෙනවා.

ඉඩම් පරිහරණය කළ යුත්තේ ආර්ථිකයට සහ ජනතාවට උපරිම ප්‍රතිලාභ ලැබෙන ආකාරයටයි. විශේෂයෙන්ම කුඩා වතු හිමියන්ට ඉඩම් ලබාදීම සඳහා ඉඩම් නීතියේ මීට වඩා වෙනස්කම් ඇති විය යුතුයි. එහෙම නැතුව ඔවුන් මුදල් ආයෝජනය කරන්නේ නැහැ, ඔවුන්ගේ උපරිම මහන්සිය යොදවන්නෙත් නෑ.

ඒ වගේම අපට ඉතා තරගකාරී නිෂ්පාදන කර්මාන්තයක් තිබෙනවා. ඉතා ඉහළ කුසලතා තිබෙනවා. මේ සියල්ල අවශ්‍යයයි. ඔබ සීමාවෙන් පිටත සිතා බැලිය යුතුයි.

රට අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවට පත් විය යුතුයි. එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට එකඟ වූ පාර්ලිමේන්තුවේ සියලුම පාර්ශ්වයන්ට මම ස්තූතිවන්ත වෙනවා. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලික අංශයටත්, විශ්වවිද්‍යාලවලටත් විවෘත කරමු.

රාමුවෙන් පිටත සිතන්නට අප සූදානම් විය යුතු අතර අභියෝගය භාර ගැනීමට සූදානම් විය යුතුයි. පෞද්ගලික අංශය ගැන අපි අවධානය යොමු කළ යුතුයි. අපි සියලුදෙනා එක් විය යුතුයි.
දිගුකාලීන සැලැස්ම කෙසේ විය යුතු ද යන්න පිළිබඳ අදහසක් අපට තිබෙනවා. අපි එය සාකච්ඡා සඳහා ඉදිරිපත් කරන්න සූදානම්. ඒ වගේම අපි සියලුම දේශපාලන පක්ෂවලට සහ ආර්ථික ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වයන්ට ඔවුන්ගේ අදහස් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඔබ ඊට සූදානම්ද? ඔබ එයට විරුද්ධ නම්, සුදුසු විකල්පයක් ඉදිරිපත් කරන්න? එච්චරයි මම අහන්නේ. එය මා සඳහා නොවේ, එය ඔබ සැමට යි. එය යහපත් අනාගතයක් සොයන සියලුම තරුණ තරුණියන් සඳහායි.

එකිනෙකාට ඇඟිල්ල දිගු කරනවා වෙනුවට, තරුණයින් ඔවුන්ගේ දෙපයින් නැඟී සිටීමට තීරණය කර තිබෙනවා. ඔවුන් දහස් ගණනින් සහ ලක්ෂ ගණනින් එළියට එනවා.

එබැවින් අප වෙනස් විය යුතු බව, අප ඉදිරියට යා යුතු බව, අප අවබෝධ කර ගත යුතුයි. අපි හැමෝම 2050 වන විට මෙහි නොසිටියත්, මෙහි සිටින අයට සහ තරුණයින්ට වඩා හොඳ අනාගතයක් හිමි විය යුතුයි. එබැවින් අපගේ අනාගතය සඳහා වූ වැඩසටහන ඉදිරි වසර 25 ලෙස හඳුන්වනු ලබනවා.

මෙම ආර්ථික සමුළුවේ ප්‍රධාන දේශනය ඉන්දීය පරිවර්තනය සඳහා වූ ජාතික ආයතනයේ (NITI Aayog) ප්‍රධාන විධායක නිලධාරි පරමේෂ්වරන් අයියර් මහතා විසින් සිදු කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්දස්වාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

රටින් පිටවන ප්‍රමාණය වෙනදාට වඩා වැඩිවෙයි! ගිය මාස 10ට ලක්ෂ දෙකහමාරක් පිටරට රස්සාවලට ගිහින්!

Next Post

ගිය සුමානෙ අරලියගහ මැදුරේ ලොකු පාටියක්! ඊයේ වෝටර්ස් එජ් හෝටලේ ‌ලොකු පාටියක්! මිනිස්සුන්ට කන්න නෑ! දරුවන්ට මන්දපෝෂණය! කව්ද ‌ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මෙහෙම පාටි දාන්න සල්ලි දෙන්නේ? වහාම හොයන්න! විපක්ෂය අහයි! ආණ්ඩුවේ මන්ත්‍රීට කේන්ති යයි! (VIDEO)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.