• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මා නැති කල අප්පා කවර කල…

December 5, 2022
in Exclusive, News
Reading Time: 7 mins read
A A
අම්මා නැති කල අප්පා කවර කල…
Share on WhatsAppShare on Facebook

‘අම්මා නැති කල අප්පා කවර කල?’ යනුවෙන් බොහෝ පරණ කියමනක් වේ. ඒ කියමන හරහා ඔප්පු වන්නේ වැදූ අම්මා තරමට අප්පාට, එහෙමත් නැත්නම් තාත්තාට තමා ජාතක කළ දරුවන් සෙනෙහසක් නොවන වගය. ඉහත වූ එම වගන්තියට සමස්තයක් ලෙස ගත් විට බහුතරයක් දෙනා අම්මාගේ චරිත නිරූපණයට ඔටුනු පලඳවද්දී තාත්තා පවුල් කුටුම්භය තුළ එතරම්ම වැදගත් නොවන චරිතයකැයි ඇතැම්හු තීරණය කළහ.

ඔය අතර වාරයේ ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න අගේ ඇති ගීතයක් ගායනා කළේය. ‘පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදී’ යන අර්ථය දෙමින් කලඑළි දුටු ඒ සංවේදී ගීතය ඊයේ පෙරේදා සමාජ තලයට පැමිණි තරුණ දූ පුතුනට තාත්තාගේ වටිනාකම කියාදෙන කදිම උපහැරණයක් විය. අසා සිටින ඕනෑම දරු සිතකට තාත්තා ගැන අනුකම්පාවක් ඇතිකරවන, ඇස්වලට කඳුළු උනන තරමට දුක හිතෙන ඒ සෙනෙහසේ ගීතය අදටත් තාත්තලා ගැන කුමක් හෝ ගුණ සමුදායක් උලුප්පමින් මුහුණු පොතෙහිද ප්‍රචාරය වෙයි.

කොහොමත් ඇත්ත වශයෙන්ම කියනවා නම් දෙවිවරු වාගේ තාත්තලාද ලොව ඕනෑ තරම් සිටිති. ඒ අතර වැදූ අම්මා පිටම දරුවන්ගේ බර පටවා කමකට නැති ජෝගි රඳන තාත්තලාද ඕනෑ තරම් වෙති.
ඔය සියල්ල අතර දරු පැටවුන්ව පොළොවේ ගසා මරාදමන තාත්තලා වාගෙම හය හතර නොදන්නා දරුවන්ව අපයෝජනය කරන තාත්තලාද වෙති.

පසුගිය දවසක හෝමාගම පැත්තෙන් ඒ හා සමාන සිදුවීමක් අනාවරණ විය. බුදුන් වැඩිය දේශයක සිදුවෙනවා තබා සිදුවෙතැයි සිතන්නටද බැරි තරම් වූ ඒ ජුගුප්සාජනක කතන්දරය හරිම අශෝභනය. අශික්ෂිතය. දරුවන්ගේ පැත්තෙන් ගත් කල එය අහස පොළොව නූහුලන සහගහන අපරාධයකි.
මෙවැනි දේ සිදුවිය හැකිද?

කිසිවකු එහෙම අසන්නට පුළුවනිය. එහෙම ඇහුවොත් එය පුදුමයක්ද නොවන්නේය. ඇයිද කියනවා නම් හෝමාගම දීපංගොඩ වාසය කරන 47 හැවිරිදි නරුම පියා අවුරුදු ගණනක සිට තම ලෙයින් ජීවය දුන් දරුවන් තුන්දෙනාව තමාට රිසි සේ වරින් වර අපයෝජනය කොට ඇත.

කතාව කෙටියෙන් කියනවා නම් දරුවන් කුඩා වයසේදී දරුවන්ගේ අම්මා, දරුවන්ගේ තාත්තාව අතහැර ගිහින් තිබිණි. එයට පසු තාත්තා අවුරුදු 11ක්ව හිටපු තම වැඩිමහල් දියණියව පළමුව අපයෝජනය කොට ඇත. අවුරුදු 11 සිට 18 වැනි වියට එළඹෙන තුරුම තාත්තා තම පහත් ආශාවන් සන්තර්පනය කොට ගෙන ඇත්තේ වැඩිමහල් දුවගෙන්ය.

ඉන් පසුව වැඩිමහල් දුව වයසින් මුහුකුරා යන විට 13 හැවිරිදි පුතා තාත්තාට ගොදුරුව ඇත. ඒ පාදඩ තාත්තා එතැනින්වත් න3තර නොවී බාල දියණියවද තම ඕනෑ එපාකම් සඳහා තබාගත්තේය. වසර ගණනක් පුරා අම්මා හැරගිය දරු තුන්දෙනාව බලන නියායෙන් සිය තිරිසන් ක්‍රියා පටිපාටිය ගෙන ගිය මේ තාත්තා ගැන ළමා ආරක්ෂක අධිකාරියට සැලවී තිබුණේ පසුගිය දවසකය. ඒ අනුව මත්තේගොඩ පොලිසිය විසින් තිරිසනකුටවත් සමකරන්නට නුසුදුසු තාත්තා අත්අඩංගුවට ගෙන ඇත. කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවට අනුව තොරතුරු අනාවරණ වී ඇත්තේ දරුවන් තුන්දෙනා ඉතා බරපතළ අන්දමට ඔවුන්ගේ තාත්තා අතින් අපයෝජනය වී ඇති බවය.

දෙවියනේ එය අදහන්නට පුළුවන්ද…?’

කෙසේවත් බැරිය. දරු තිදෙනා කට උත්තර නොදුන්නා නම් වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොවුණා නම් මේ අමානුෂික අපරාධය ගැන කිසිවකු විශ්වාස කරන එකක් නැත.

සීයා, මාමා හෝ බාප්පා අතින් දරුවන් අපයෝජනයට පත්වූ කතා අප අසා තිබුණාට දරුවන්ට ජාතකත්වය දුන් තාත්තා අවුරුදු ගණනක් තිස්සේ තමාට ඕනෑ ඕනෑ වෙලාවට තම දරුවන් ළඟට ගෙන්වා ගෙන අශික්ෂිත ලෙස තමාගේ පහත් ආශාවන් ඉටුකර ගත් කතාව අදහන්නට බැරි තරම්ය.

මෙය සිරිලකය. දසතින් උදේ සවස බණ භාවනා ඇසෙන, තිලෝගුරු බුදුරජාණන්වහන්සේ සිය ශ්‍රී පාද සටහන තැබූ දේශයය. එහෙව් රටේ මගේ අවට අසල්වාසීන්ට නොදැනෙන්නට නෑදෑ හිතවතුනට හාංකවිසියක්වත් නොදැනෙන්නට මේ අශීලාචාර තාත්තා සිය දරු කැල අපයෝජනයට ගත්තේය.

‘තාත්තා කියන්නේ සංසාරයක්…’

‘තාත්තා යනු විශ්වයකි. දරුවන් වූ අප එහි පුංචි තිතකි…’ යනුවෙන් අලංකාර වචන ගොතන දරුවන් ඉන්න රටක මේ තාත්තා මෙහෙම කළේ කොහොමද…?’

මෙහෙම කරන්නට හිත හදාගත්තේ කොහොමද?

අපචාරයට ළඟට ගනිද්දී ඒ දරුවන් වෙතින් තමා දුන් ජාතකයෙහි ලේ සුවඳ ඒ තාත්තාට දැනුණේ නැතිද?

‘ළඟට එන්න’ කියා කතාකරන විට, ‘ඇයි තාත්තේ’ කියා දරුවන් අසන විට ඒ නරුම මිනිසාගේ හිත පතුල තිගැස්සුණේ නැත්තේ ඇයි?

තමා මේ කරන්නේ සහගහන අපරාධයක් නොවේදැයි ඒ තාත්තාට සිතුණේ නැත්තේ ඇයි?

පසුගිය සතියේ දවසක ඔස්ටි්‍රයානු උසාවියෙන්ද මෙවැනි බරපතළ අපයෝජනයක් ගැන තොරතුරු හෙළිවිය. එතැනදී වසර හතළිස් ගණනක් පුරා පියාට බයේ සඟවාගෙන සිටි රහසක් දියණියක විසින් හෙළිකළ ආකාරය ශෝකාන්තයක් විය.

‘අවුරුදු ගණනක් තිස්සේ මගේ තාත්තා වරින් වර මාව ලිංගිකව අපයෝජනය කළා. සමහර දිනෙක ඔහු මිතුරකුගේ පාවිච්චිය සඳහාද මාව යොදවා ගත්තා…’

වැඩිහිටි දියණියක විසින් කඳුළු සලමින් කී ඒ කතාව ඔස්ටි්‍රයානු උසාවිය කම්පාවට පත්කර තිබිණි. ඔස්ටි්‍රයානු අධිකරණයෙන්ම හෙළිවූ තවත් කතාවක සඳහන් වූයේ හීනෙකින්වත් ඇහෙන්නට බැරි අශීලාචාර කතාවකි. ඔස්ටි්‍රයාවේ භූගත සිරගෙයක තම දියණියව සිරකොට තිබූ පියා ඈ සමග සංවාසයේ යෙදෙමින් දරුවන් පස්දෙනකු තමාට දාව දියණියගේ කුසට දී තිබිණි.

ඉපදෙන දරුවන් රැකබලා ගැනීමේ මෙහෙවර ඔහු විසින් භාරකොට තිබුණේ ඔහුගේ බිරියටය.

‘අවුරුදු 24ක් වැනි කාලයක් මගේ දරුවා සමග මම එකට ජීවත් වුණා. මේ කරන්නේ අපරාධයක් කියා දැන දැනම මම ඒ වරද කළේ මට පිස්සු නිසාදැයි මම දන්නේ නැහැ….’ යනුවෙන් ඔහු අධිකරණය හමුවේ කියා ඇත.

සලෙලුන් දෙන කටඋත්තර බොහෝ විට එහෙමය. පැහැදුණුකම්, කපටිකමින් සහ හොඳ සිහියෙන් ලෝකයාට නොදැනෙන්නට කරන එවුන් අවසානයේ සියල්ල හෙළිවූ පසුව, ‘මම දන්නෙ නැහැ. මම එහෙම කළේ ඇයි කියලා. මට මොනවා වුණාදැයි අදටත් හිතාගන්න බැහැ…’ එහෙම කතා අප කොතෙකුත් අසා ඇත්තෙමු. කොතැන ඒ කතා ඇසුවත් ලංකාව වැනි බෞද්ධ සිරිත් අගයන රටක නම් එහෙම කතා අසන්නට කිසිවකු බලාපොරොත්තුව සිටියේ නැත. වසර ගණනක් පුරා තමන්ගේ දරු තුන්දෙනාව අපයෝජනය කොට කුරිරු සතුටක් ලද පළමු තාත්තා ඔහු වන්නට ඇත.

සියල්ල අවසානයේ ඔහු අත්අඩංගුවේය. සාන්තුවරයකු සේ ඔහු පාපොච්චාරණයක්ද වදාරනු ඇත. පොතේ හැටියට එවැනි පහත් මිනිස් වෙස්ගත් තිරිසනුන්ගේ හැටි එහෙමය.

මඳකට නැවතී හිතනවා නම් අර දරුවන්ගේ අනාගතය දැන් කොයිබටද?

දියණියන් දෙදෙනාව කතාබහට ගනිමු. ඔවුනට අනාගත ජීවිතයක් තියේවිද?

බරපතළ ලිංගික අපයෝජනයක් නොවුණද සමාජය හමුවේ දැන් ඔවුන් තාත්තා විසින් අපයෝජනයට ලක් කළ දූ දරුවන්ය. අප සමාජය විසින් යම් සිදුවීමක් දෙස බලන ආකාරය කොහොමත් වපරය. මඟ තොටක මේ දරුවන් යන විටක, ‘අර යන්නේ අහවල් තාත්තා අතවර කරපු ළමයි. අනේ ඉතින් පවු නේද…?’

ඇතැමුන් ගේ ඇතුළේ සිට අනෙකාට එහෙම කියන්න පුළුවන. ඒ අපේ ජාතියේ හැටිය. ඒ හින්දා ඒවාට දොස් පරොස් කීමට බැරිය.

දොස් පැවරිය යුත්තේ සහ දොස් කියන්නට ඕනෑ අර තාත්තාටය. ඔහු විසින් අර අසරණ දරුවන්ට කළ අපරාධය කොතරම්ද? සමාජය හමුවේ ඔහු ලෝකයාට අමතක නොවන හංවඩුවක් දූ දරුවන්ගේ පිට මත ගැසුවේය.

‘පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී…’ කියා ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න කිව්වාට මෙහෙම පාදඩ හරියටම ගැළපෙන්නේ ‘අම්මා නැති කල අප්පා කවර කල’ කියන කියමනය. කොහොම නමුත් උඩ ඉන්න දෙවියන්ගෙන් අපි හනවා, දෙවියනි මෙහෙම වන්නේ ඇයි…?

සාතන්ගේ බලය ඔබේ බලයට වඩා ඉදිරියෙන්ද?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඡන්දය කල් දාන්න ලෑස්ති වුණොත් සජබ-ජවිපෙ උත්තර දෙන්න ලෑස්තියි! සජබය ජාත්‍යන්තරයට යන්නත් තීන්දු කරයි!

Next Post

සෙලාන් බැංකුව කුඩා පරිමාණ තේ වතු හිමියන්ට අත්වැලක් වෙයි…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.