පළාත් පාලන මැතිවරණය කුමන්ත්‍රණ මගින් කල් දැමීමට ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීරණය කොට ඇත.
පසුගිය දින කිහිපය පුරා සමගි ජන බලවේගයේ ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර අවසන් වරට පැවැති සාකච්ඡාවේදී ජාත්‍යන්තර වශයෙන්ද ඊට එරෙහිව බලපෑම් කිරීමට එම පක්ෂය තීරණය කොට ඇති බව වාර්තා වේ.
මීට පෙර කිසිදු අවස්ථාවක සමගි ජන බලවේගය රට ඇතුළේ ප්‍රශ්න රටින් පිටතට රැගෙන නොගිය නමුත් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතළ අනතුරක් මතුවීම හේතු කොටගෙන මෙම තීන්දුවට ඔවුන් එළඹ ඇති බව පැවසේ.
මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණද ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම මැතිවරණ පැවැත්වීම කල් දැමීමට පියවර ගතහොත් ඊට එරෙහිව විශාල ජනතාවක් කොළඹට ගෙන්වා විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැවසේ.