• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

දෙගම්බඩින් බිහිවූ රස අතර රජෙක්

January 11, 2020
in Holiday
Reading Time: 5 mins read
A A
දෙගම්බඩින් බිහිවූ රස අතර රජෙක්
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ඇවිදින්න යන්න හොඳම පැත්ත හරි කැමැතිම පැත්ත ගැන හරි ඇහුවොත් එක එක අය දෙන්නේ එක එක උත්තර. ඒත් රටේ හැම අස්සක මුල්ලකම ඇවිදින එක හරිම ආස්වාදජනකයි කියලා හිතෙනවා ඇති. අන්න ඒ වගේ අයට ගැළපෙන තැනක් ගැන තමයි මේ කියන්නේ. කොළඹ ඉඳන් අඩු වෙලාවකින් ගිහින් නවතින්න ලස්සන තැනක් හොයන අයටත් මේක
වැදගත් වේවි.

අපි ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ. ඒත් මෙතැන ඉඳන් කළුතර දිස්ත්‍රික් මායිමටත් වැඩි දුරක් නැහැ. මෙතැනට එන්න ක්‍රම කිහිපයක් තියෙනවා. පානදුර ඉඳන් රත්නපුර පාරේ ඇවිත් එපිටවෙල හන්දිය පහුවෙලා ටික දුරක් යද්දී හාදුකන්දට යන පාර හම්බ වෙනවා. රත්නපුර පැත්තේ ඉඳන් එද්දී කිරිඇල්ල පහු කරලා ටික දුරක් පානදුර පැත්තට එද්දී තමයි හාදුකන්ද පාර හම්බ වෙන්නේ. එහෙම නැත්නම් ඇහැලියගොඩ- කිරිඇල්ල පාරේ ඇවිල්ලත් හාදුකන්ද පාරට එන්න පුළුවන්. මේ හාදුකන්ද පාරේ ටික දුරක් යද්දී හම්බවෙන අපූරු නවාතැනක් ගැන තමයි අද අපි කියන්නේ.

ඒ තමයි ‘දෙගම්බඩ රිසෝට්’. ලංකාවේ හෝටල් නාමාවලියට අලුතෙන්ම එකතු වුණු තැනක් හින්දා තාම මෙතැන ගැන වැඩි දෙනෙක් දන්නේ නැහැ. හැබැයි එක පාරක් හරි ගිය කෙනකුට නම් ආයත් සැරයක් එතැනට යන්නම හිතෙනවා. ඒ තරම්ම එහි පිහිටීම සහ ඉදිකිරීම් ආකර්ෂණීයයි. දෙගම්බඩ රිසෝට් වෙත යන කෙනකුට එක පාරට පෞරාණික වලව්වක් හිතේ මැවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සුවිශාල මාලිගාවක් හිතේ මැවෙන්නත් පුළුවන්. ඒ තරමටම එහි වාස්තු විද්‍යාත්මක නිමැවුම් පුදුම සහගතයි.

දෙගම්බඩ රිසෝට් වෙත එන සංචාරකයන් ජීවිතේට අමතක නොවන අත්දැකීමක් අත්විඳින්න පුළුවන් වෙන විදියට තමයි එහි කාමර ඉදි වෙලා තියෙන්නේ. අවට පරිසරය හිතා ගන්න බැරි තරම් නිස්කලංකයි. ඇස්වලට පේන පේන හැම තැනම ගහකොළ. ඈතට පේන ඒ නිල්ල දිහා කොච්චර වෙලා බලා හිටියත් එපා වෙන්නේ නැති තරම්.

මේ අපූරු නවාතැනේ හිමිකරුවා තමයි වෛද්‍ය ආනන්ද ඒකනායක මහතා. මේ නවාතැන නිර්මාණය වෙන්නෙත් එතුමාගේ සංකල්පයක් අනුව තමයි. ආයතනයේ කළමනාකාර චමිල ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් තමයි හැම දෙයක්ම පාලනය වෙන්නේ. ප්‍රධාන සූපවේදී චතුර මධුෂාන්ගේ අධීක්ෂණය යටතේ තමයි දෙගම්බඩ රිසෝට් වෙත පැමිණෙන්නන් වෙනුවෙන් ප්‍රණීත ආහාර පාන සකස් වෙන්නේ. ඒ වගේම ඒ ආහාර වෙනුවෙන් ලබා ගන්න බොහෝ අමුද්‍රව්‍ය දෙගම්බඩ රිසෝට් භූමියෙන්ම සපයා ගැනීමත් විශේෂ දෙයක්.

මීට වැඩිය විස්තර කියන්න ඕනේ නැහැ. ජීවිතේට අමතක නොවන අත්දැකීමක් විඳින්න නිවාඩු ලැබුණු වෙලාවක දෙගම්බඩ රිසෝට් පැත්තේ ගිහින් එන්න. ඒ වගේම “මව්රට හොලිඬේ” ඔබ වෙනුවෙන් සුවිශේෂී වට්ටමක් ලබා දෙන්නත් දෙගම්බඩ රිසෝට් සූදානම්. හැබැයි මේ වට්ටම හිමි වන්නේ ඒ සඳහා උත්සාහ කරන පළමු පාඨකයන් පස් දෙනාට විතරයි. ඒ හින්දා මඟ නොහැර ඉක්මන් කරලා ඒ අවස්ථාව ලබා ගන්න කියලත් අපි ඔබට මතක් කරනවා. Call US – 0760331837
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

පත්තිනි පුරාණයේ සැඟවුණු ඇත්ත

Next Post

මහින්දගෙන් රනිල්ට විශේෂ කාමරයක්

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.