අධිමාත්‍රාවකින් මත්ද්‍රව්‍ය ශරීරගත වීම හේතුවෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය – කෝපායි ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවෙකි.
මෙම සිසුවා හදිසියේ වැළැඳුණු හෘදයාබාදයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඊයේ (29) ඇතුළත් කර තිබේ.
රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිසුවා මියගොස් ඇත.
එහි දී සිදු කළ පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ එම සිසුවා අධිමාත්‍රාවකින් මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් මිය ගොස් ඇති බවයි.
සිසුවා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටි අයෙකු බවට තොරතුරු වාර්තා වේ.










