විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගසමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශ සියල්ල අමූලික අසත්‍ය බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ විගණකාධිපතිවරයා ඒ සියල්ල කෝප් කමිටුවේදී අනාවරණය කළ නමුත් මඩ ගැසීම සදහා වෙනත් අසත්‍ය කරුණු ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරන බවත්ය.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය නම් රූපවාහිනී විවාදයකට පැමිණීමට තමන් සූදානම් බවද ඒ මහතා කියා සිටියේය.










