එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (09) දිනයේ පැවැත්වීමට නියමිතය.
අවසන් වරට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් වික්‍රමසිංහ මහතා හමුවී කළ සාකච්ජාවේදී දැනුම් දී තිබුණේ අද දින පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නායකත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැකි බවකි.
මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් කණ්ඩායම පක්ෂ නායකත්වයද ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බව පවසද්දී තවත් පාර්ශ්වයක් පවසන්නේ කරු ජයසූූරිය මහතාට නායකත්වය ලබා දී ඔහු යටතේ මහමැතිවරණය මෙහෙයවිය යුතු බවකි.
තවත් පිරිසක් වික්‍රමසිංහ මහතාම තවදුරටත් නායකත්වයේ රැදී සිටිය යුතු බව ප්‍රකාශ කරන අතර අද දිනයේදී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.










