• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයින්ස්ටයින්ගේ සහ ස්ටීව් හෝකින්ස්ගේ බුද්ධි මට්ටම 160යි! අරියානා ධර්මසේනගේ බුද්ධි මට්ටම 162යි! ලෝ ප්‍රකට අයින්ස්ටයින්වයි හෝකින්ස්වයි පැරැද්දූ ලංකාවේ අවුරුදු 10ක පුංචි කෙල්ල මුලු බ්‍රිතාන්‍යයම හොල්ලයි!

November 18, 2022
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
අයින්ස්ටයින්ගේ සහ ස්ටීව් හෝකින්ස්ගේ බුද්ධි මට්ටම 160යි! අරියානා ධර්මසේනගේ බුද්ධි මට්ටම 162යි! ලෝ ප්‍රකට අයින්ස්ටයින්වයි හෝකින්ස්වයි පැරැද්දූ ලංකාවේ අවුරුදු 10ක පුංචි කෙල්ල මුලු බ්‍රිතාන්‍යයම හොල්ලයි!
Share on WhatsAppShare on Facebook

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙකු ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක පිළිබඳව එක්සත් රාජධානියෙන් වාර්තා වේ.

අරියානා හීමාල් ධර්මසේන නමැති 10 හැවිරිදි පාසල් දැරියක මෙම දක්ෂතාව දක්වා තිබේ.

ඇයට ඒ වෙනුවෙන් පිරිනමා ඇති සහතික පත්‍රයේ දැක්වෙන් පරිදි Mensa බුද්ධි පරීක්ෂණයෙන් ඇය ලකුණු 162ක් හිමිකරගෙන ඇති අතර, එය “genius” මට්ටම ලෙස හඳුන්වා ඇත.

මෙම දක්ෂතාව හේතුවෙන් ඇයට මෙන්සා උසස් බුද්ධි සමාජයේ සාමාජිකත්වය ද පිරිනමා තිබේ.

ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ බුද්ධි මට්ටම 160ක් ලෙස ඇස්තමේන්තුකර ඇති හෙයින් ඇයගේ බුද්ධි මට්ටම ඔවුන්ගේ මට්ටම ඉක්මවා යාමක්බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකර තිබේ.

ආරියානාගේ මෙම දක්ෂතාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ මාධ්‍ය රැසක පුවත් පළකර තිබිණි.

ආරියානාගේ දක්ෂතාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ පුවත්පතක පළවූ ලිපියක්
ඡායාරූප ශීර්ෂ වැකිය,ආරියානාගේ දක්ෂතාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ පුවත්පතක පළවූ ලිපියක්

අරියානා දැරියගේ මවුපියන් වන ජානක දඹරව හේවගේ සහ මේකලා පෙරේරා බ්‍රිතාන්‍යයේ හඩර්ස්ෆීල්ඩ්හි පදිංචිවී සිටිති.

අරියානා අධ්‍යාපනය ලබන්නේ, හඩර්ස්ෆීල්ඩ්හි ශාන්ත පැට්‍රික් කතෝලික ප්‍රාථමික පාසලේ ය. ඇයගේ අනාගත අපේක්ෂාව වී ඇත්තේ, ප්‍රසිද්ධ විද්‍යාඥවරියක බවට පත්වීම ය. 

2012 වසරේ දී බ්‍රිතාන්‍යයේ උපත ලැබූ අරියානාගේ මවුපියන් ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචි වී සිට ඇති අතර, 2009 වසරේ දී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගිය බව මව වන මේකලා පෙරේරා BBC සිංහල සේවයට පැවසීය.

“දුව විද්‍යාවට සහ ගණිතයට ගොඩක් දක්ෂයි. ඉංග්‍රීසි වගේම සිංහල භාෂාවත් එයා ගොඩක් හොඳට කතා කරනවා. ගොඩක් පොත් කියවන්න කැමතියි. එයා අපට ලැබුණ තෑග්ගක් විදිහටයි අපට හිතෙන්නේ,” මේකලා පෙරේරා සඳහන් කළා ය.

මේකලා පෙරේරා කැලණිය විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ උපාධිධාරිණියක වන අතර ඇයගේ සැමියා වන ජානක දඹරව හේවගේ බැංගලෝර් විශ්වවිද්‍යාලයයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිධරයෙකි.

මේ වන විට ඔහු බ්‍රිතාන්‍යයේ සමාගමක ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස සේවය කරයි.

ආරියානාගේ ඇගේ දෙමාපියන් සහ නැගණිය සමඟ
ඡායාරූප ශීර්ෂ වැකිය,ආරියානා ඇගේ දෙමාපියන් සහ නැගණිය සමඟ

“මගේ දුව හැම පරීක්ෂණයකින්ම ගොඩක් ලකුණු ගන්නවා. එයා නිතරම කාලය හරහා ගමන් කිරීම ගැන කතා කරනවා,” ජානක දඹරව හේවගේ පැවසීය.

අරියානා විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් ද නිරත වන බව ඔහු සඳහන් කළේ ය.

BBC සිංහල සේවයට අදහස් දක්වමින් අරියානා ශ්‍රී ලාංකික ළමා පරපුරට විශේෂ පණිවුඩයක් ද ඉදිරිපත් කළා ය.

“සෑම දරුවෙකුටම යම් හැකියාවක් තිබේ. එය හඳුනාගෙන, දියුණුකර ගැනීම ඔවුන් විසින්ම කරනු ලැබිය යුතු ය.”

-BBC

SendShareShare
Previous Post

මේක රට විකුණන අයවැයක්! විමල්ගේ සෙට් එකම අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න තීන්දුයි! (VIDEO)

Next Post

කොටස් වෙළෙඳපොළේ මහා කඩාවැටීමක්!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.