2005 වසරේ මැයි මස පස් වනදා සිට 2007 වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රජයට පාඩුවක් කළේයැයි ගොනුකර තිබූ චෝදනාවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 03 ක සිර දඬුවම් නියම කළේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස සිටියදී වාහන මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ.










