• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ජවිපෙට ස්වයං විවේචනයක් -තරහට ‌නෙමෙයි ආදරේට කියන්නේ

January 6, 2020
in News, Politics, Uncategorized
Reading Time: 4 mins read
A A
ජවිපෙට ස්වයං විවේචනයක් -තරහට ‌නෙමෙයි ආදරේට කියන්නේ
Share on WhatsAppShare on Facebook

දැවැන්ත ජනාධිපතිවරණ උණුසුමකින් පසු රට නිවෙමින් තිබේ. රට පත්තු වෙන්නේ අතරින් පතරය. දේශපාලකයෝ පත්තු කළ ගින්දරින් මාධ්‍ය සුරුට්ටු පත්තු කරමින් හිඳී.
නමුත් තවම දේශපාලනයේ අළු යට ගිනි තිබේ. හොඳ සුළඟකින් යළි ඇවිළෙනු ඇත. ඒ නිසාම දේශපාලනය තියෙන්නේ හොරට නිදාගෙනය. පොහොට්ටුව නම් නිදි නැතිව වැඩය. පසුගිය නොවැම්බර් 16 වැනිදා ඔවුන් ඔප්පු කළේත් ඒකය. එජාපය එහෙට මෙහෙට අදිමින් හිඳී. සජිත් රට වටේ ගතු කියමින් යයි. රනිල් ඇඟ බේරා ගත්වනමය. කරු පෙණය පුප්පන්නේ නැත. මාධ්‍ය නයා දරමිටි බඳින්නට ගන්නේ ඒකය. ඔය අතර ජවිපෙය ආයෙත් නින්දට සූදානම්ය. මෙදා ජනාධිපතිවරණයෙන් ජවිපෙට ජනතාව දුන්නේ හිතාගන්නටවත් බැරි උත්තරයකි. රෝහණ විජේවීර ගත්ත ප්‍රතිශතයකටත් වඩා අඩු ප්‍රතිශතයකින් අනුර පැරැදුණේය. දැන් ජවිපෙ නැටූ නැටුම්ද නැත. බෙරේ පඵවක්ද නැත.

“ජවිපෙ ඉවරයි.”
සමහරු කියන්නේ එහෙමය. නමුත් ජවිපෙ ඉවර වෙන එක රටට හොඳ නැත. එය නිල්, කොළ, කුරක්කන් පාට කවුරුත් පිළිගන්නා දෙයකි. ලංකාවේ දේශපාලනයට ජවිපෙ අත්‍යවශ්‍යය.
“රිමෝට් එක තියෙන්නේ අපි ගාවා.”
කියූ ජවිපෙ අදද අවශ්‍යය. නමුත් අවාසනාවකට රිමෝට් එක තිබුණාට දැන් ටී. වී. එක වෙනස්ය. ඒ රිමෝට් එක මේ ටී. වී. එකට “මැච්” වෙන්නෙ නැත. ඒ නිසා දැන් ජවිපෙ කරන්නේත් රිමෝට් එක පැත්තක තබා ගෙන චැනල් එකක් බලන එකය. ඒක රටට හොඳ නැත.
ජවිපෙ මෑත ඉතිහාසයේ පොට වරද්දා ගත්තේ 2015 දීය. එදා දැවැන්ත දේශපාලන ප්‍රකාශයක් මහින්දගෙන් විරුද්ධ අතට ගලා ගියේය. නමුත් ජවිපෙ ඒ හුළඟ හමන අතට ගියේ නැත.
ඒ වෙනුවට උඩු ගං බලා පීනන බවක් රටට කීවේය. ජවිපෙ හැමදාම වගේ මේ පාරත් වරද්දා ගත්තේය. මෛත්‍රි දිනූ එකේ “ක්‍රෙඩිට්” එක ජවිපෙට ලැබුණේ නැත. ඒ වෙනුවට ජවිපෙ දියත් කළේ දියාරු දේශපාලන ප්‍රතිපත්තියකි. මෛත්‍රි හිතුමතේ වැඩ කරන එක නතර කරන්න ජවිපෙ පොල්ල අතට ගත්තේ නැත.
ඒ වෙනුවට අනුර කුමාර හොරු අල්ලන කමිටුවේ ඉඳගත්තේය. ඒ රනිල්ලා, රාජිතලා සමඟය. අනුරලා අල්ලපු හොරෙක් නැත. දේශපාලන වේදිකාවල පට්ට ගැසූ අය නිදැල්ලේ උන්නේය. ජවිපෙත් කට ඇරියේ නැත. හොරු ඇල්ලුවේද නැත. අන්තිමට අනුර කුමාර මේ කමිටුවෙන් දොට්ට බැස්සේය. ඒ හිස් අතින්මය.
හැබැයි රටම නොදන්න කතාවක් “මව්රට”ට වාර්තා විය. ඒ අනුර කුමාරත්, 2015 පොදු අපේක්ෂක සාකච්ඡාවත් ගැනය. මේ සාකච්ඡාවේදී අනුර කුමාර පොදු අපේක්ෂකයා කරගන්නට කතා වුණේය. ඒ කතාවට අනුරත් එකඟ වුණේය. හැබැයි චන්ද්‍රිකා ගෙනා අපේක්ෂකයා වූ මෛත්‍රි සටනට ආවේය. අනුරලා එළිපිට “සපෝට්” නොකළ නිසා මෛත්‍රි නතර කිරීමේ ඉඩත් ජවිපෙට නැති විය. මලික්ලා, මංගලලා එක්ක ජවිපෙ අමුතු දීගයක් පටන් ගත්තේය. ඒ දීගය ජවිපෙ ඉදිරි ගමනට හරහට හිටි බව ජවිපෙ තවමත් දන්නේ නැත.
අනෙක් විශේෂ කාරණාව වූයේ ජවිපෙ නිතරම බලා සිටියේ එජාපය දුර්වල වෙන තෙක්ය. ජවිපෙ හිතුවේ ඒ වාසිය තමන්ට ලැබේය කියාය. ඒ නිසාම ජවිපෙ මහින්දලාටත් මෛත්‍රිලාටත් ගහන එක පැත්තක තබා යූඇන්පීය පඵ යන්න ගහන්නට පටන් ගත්තේය. ඒ නිසා මෛත්‍රිගේ නාඩගම්වලට “ගහන්නට” කෙනෙක් නැතිවිය. 2015 මහ මැතිවරණයේදී ජනතාව ජවිපෙට රතු ලයිට් දැම්මේය. මුඵ රටෙන්ම හම්බවුණේ ආසන හයක් පමණි. ජවිපෙට පෙනුණේ මේ ආසන වැඩිවීම පමණි. ආසන දෙකක් වැඩිවෙද්දී ජවිපෙ ඡන්ද ප්‍රතිශතය බැස්සේය. ඒ කලින් පැවැති 2010 මහමැතිවරණයේදී ජවිපෙ ලබාගත් ප්‍රතිශතය වූ 5.49%ට වඩා 0.62%ක අඩුවීමකි. ඒ අනුව 2015 මහ මැතිවරණයේදී අනුර ප්‍රමුඛ ජවිපෙම ගත්තේ මනාප 4.87%ක ප්‍රතිශතයකි. ඒ මහින්ද මෛත්‍රි එක්ව පැමිණි එක්සත් ජනතා නිදහස් පෙරමුණ දැවැන්ත පසුබෑමකට මුහුණ දෙද්දීය. 2015 ඡන්ද ප්‍රතිඵලය සරලවම ගත්විට මෙහෙමය.

2010 -   2015  

එජාපය -29.34% -45.66%
ද්‍රවිඩ සන්ධානය -2.90% – 4.62%
ජවිපෙ -5.49% -4.87%

එජාපයත්, ද්‍රවිඩ සන්ධානයත් සිය ප්‍රතිශතයන් වැඩි කරද්දී ජවිපෙ අඩු කරගත්තේය. හැබැයි ජවිපෙ ඒ ගණන් හිලව් හරියට කියවා ගත්තේ නැත. කියවා ගත්තා නම් මේ වතාවේ ඒ ප්‍රතිශතය 3.16%ට බහින්නේ නැත.
ජවිපෙ ප්‍රතිඵල සම්බන්ධව සියුම්ව බැලූ කල එහි පැහැදිලි අඩුවීමක් හඳුනා ගත හැකිය.

2010 -2015 -2019
5.49% -4.62% -3.16%

ජවිපෙ 2015 සිටම ගැහුවේ එජාපයටය. නමුත් බැඳුම්කර හොරකම ගැන වැඩියෙන්ම කතා කළේ අනුරලාය. අනුරලා හිතාගෙන උන්නේ බැඳුම්කර කතාන්දරයේ “ක්‍රෙඩිට්” එක තමන්ට ලැබේය කියාය. නමුත් ලැබුණ ලකුණකුත් නැත. අනුරලා මේ වතාවෙත් මලික්ලාගේ ලණුව කෑවේය.
හැබෑවටම බැඳුම්කර ප්‍රශ්නය හොරකමක් ගැන කතාවක් නොවන බව දන්නේ දේශපාලනය ගැන දන්නා කිහිප දෙනෙක් පමණි. රනිල්ගේ අතිශය කිට්ටුවන්තයා වූ මලික්, තමන් අතරට පැමිණි අලුත් හාදයාට එරෙහිව අවි අමෝරා ගත්තේය. ඒ අලුතෙන් ආ කෙනා අර්ජුන් මහේන්ද්‍රන්ය. මහේන්ද්‍රන් මහ බැංකුවේ මුල් පුටුවට ආවේ, රනිල්ට ආර්ථික උපදෙස් දෙන්නා බවට පත්වෙමිනි.
මේ තත්ත්වය දේශපාලන උපදෙස් දෙන තැනට පත්විය. මලික්ලා දේශපාලන ව්‍යාපාරයක් ලෙස “බැඳුම්කර” සටනට බැස්සේ ඉන්පසුවය. බැඳුම්කර අවිය චන්ද්‍රිකාගේ අතට පත්විය. මංගල ඊට ඉබේටම ගෑවුණේය. වටේටම ගහන්නට ගත්තේ අනුරලාය. වැඬේ ඇත්තටම පත්තු විය. අර්ජුන් මහේන්ද්‍රන් රටෙන් පැන්නේය. ඇලෝසියස් හිරේ ගියේය. රවීට ඇමැතිකම නැතිවිය. මංගලට මුදල් ඇමැතිකම ලැබුණේය.
මහ බැංකු අධිපතිකම චන්ද්‍රිකාගේ හිතවතෙක්ට ගියේය. මලික්ලා චන්ද්‍රිකාලා රනිල්ව පාලනය කරන්න“බැඳුම්කරය” පාවිච්චි කළේය.
ජනාධිපතිවරණයට කිට්ටු වෙන්නට පෙර ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අප්‍රසන්නම යුගය උදාවිය. ඒ ඔක්තෝබර් 26 වැනිදාය. මෛත්‍රි ජනපති එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිම දිනෙක සිදුනොවුණ පන්නයේ දේශපාලන වංචාවක් කළේය. නමුත් අනුරලා ඒවා ආයුධ කරගත්තේ නැත. ඔය අතර අනුරලාගේ ආයුධ ගෙන එජාපයට ගහන්නට පොහොට්ටුව පටන් ගත්තේය. “ටොප් 10” අරවා මේවා ගෙනාවේ ඒකටය. චෝදනා තිබුණ අලුත්ගමලා, රෝහිතලා, ප්‍රවෘත්ති සාකච්ඡා තියමින් “එජාප”ය හොරු කරමින් ගියේය. ඒ පාර කැපුවේ 2019 ජනාධිපති-වරණයටය. මෛත්‍රිගේ පුතා යුනියන් ප්ලේස්වල ක්ලබ් එකකට පැන යකා නැටූ හැටිවත්, චතුරිකා සිරිසේනගේ ව්‍යාපාර ගැනවත්, ටෙලිකොම් එකට පත් කළ මෛත්‍රිගේ මල්ලිගේ මහා පරිමාණ වංචා ගැනවත්, අනුරලා කතා කළේ නැත. ඒ වෙනුවට එජාපයට ගහමින් හිටියේය. බෑනා ආරක්ෂක අමාත්‍යාංශයට පත් කළ එක ගැන ජවිපෙ හාංකවිසියක් දන්නේ නෑ වගේ උන්නේය. මෛත්‍රිගේ නිලධාරීන් කොළඹ ප්‍රකට හෝටලයක කෝටි හයක් අල්ලස් ගනිද්දී අතේ මාට්ටු විය. ජවිපෙ ඕවා දන්නෙ නෑ වගේ උන්නේය. ජවිපෙ මේ වතාවෙත් උන්නේ එජාපයට වැටෙන්නට ගහන්නටය. එජාපයට වැටුණ පසු ලක්ෂ 10ක් 15ක් ගෙන ඊළඟ මැතිවරණයෙන් ගොඩ යන්නටය.

මෙවර ජවිපෙ සටනට එන්නේ වෙනස් මුහුණුවරකිනි. වෙනදා තුබුණ විප්ලවීය ස්වරූපය ඔවුන් වෙත වූයේ නැත. ජවිපෙ පාට රතු පාටය. ඒ ලේ පාටය. නමුත් මෙවර රතු රෝසපාට විය. රෝස පාට ගෑනු ළමයින්ගෙ පාටය. අනුර කුමාර දිසානායක මෙදා ජනාධිපතිවරණයට ආවේ වෙනදා වගේ විප්ලවීය ගමනකින් නොවේ. එය රනිල්ලා සජිත්ලා, ගෝඨලා, මහින්දලා ආ පාරමය. මංගල රැස්වීම තිබ්බේ ගෝල්ෆේස් පිටියේය. අනුර ආවේ ජනතාව අතරිනි. අනුර වෙනමම ෆොටෝ ෂූට් එකක් කළේය. මේකප් කර පෝස්ටර් ගැහුවේය. සමාජවාදී ස්වරූපය ඉවත් කොට ලිබරල් ධනවාදී වෙස් මූණක් ජවිපෙට දැම්මේය. අනුර හිතුවේ ඒ අලුත් මුහුණ ටොප් එකට ගැළපේය කියාය. ජනතාව ආසම මූණ ඒක කියාය. ලංකාවෙ ජනතාව ගැන කතා කිරීම වෙනමම මාතෘකාවකි. ඇත්තටම ජවිපෙට අද වී ඇත්තේත් ඒකය. ප්‍රතිපත්ති දේශපාලනය ලංකාවට සෙට් වෙන්නෙ නැති බව ජවිපෙ තේරුම් ගෙන නැත. ජනතාවට අවශ්‍යව ඇත්තේ විජ්ජාකාරයෙක් බව හිතනා නමුත් ඒ තමන් නොවනා බවද ජවිපෙ දන්නේ නැත. හැබෑවටම ජවිපෙට ඡන්දෙ දෙන බොහෝ අය ජවිපෙ සිය ගැලවුම්කාරයා බව සිතමින් හිඳී. ජවිපෙ රැස්වීම් අසලින් යන අය ජවිපෙ කතාවලට ආසාවෙන් සවන්දෙමින් උන්නේය. ඒ ජවිපෙට උරුම දේශපාලන අවාසනාවයි. ජවිපෙ ඒ අවාසනාව වාසනාවට පෙරළා ගන්නට මෙවර බලා උන්නේය. නමුත් මිනිස්සු හෙවූ ජවිපේ මෙවර මැතිවරණයට ආ ජවිපේ නොවේ. ජවිපේ මෙතෙක් රැකගෙන ආ සීනුව පැත්තකින් තිබ්බේය. ජවිපෙට ජවිපෙම ඉතිහාසය අහිමි විය. ලයනල් බෝපගේලා, වික්ටර් අයිවන්ලා ජවිපෙ අතෑරියේය. දුමින්ද නාගමුවලා, කුමාර ගුණරත්නලාත් ජවිපෙ අතෑරියේය. ජවිපෙට සරසවියේ බලය අහිමි විය.
අන්තරේ බලයද පෙරටුගාමීන්ට මාරු විය.
මාධ්‍ය නාළිකා වල් බූරු නිදහසක් බුක්ති විඳිනා විට ජවිපේ ඒත් සමග හැප්පෙන්නට ගියේ නැත. මිනිසුන්ට පුරුදු ජවිපේ එහෙමය. අසාධාරණයට එරෙහිව ජවිපේ හැමදාම සටන් කළේය. නමුත් මෙවර ජවිපේ දියාරු විය.
රෝහණ විජයවීර – 4.62%
නන්දන ගුණතිලක -4.07%
අනුර කුමාර -3.67%

ජවිපෙ ජනාධිපතිවරණය අඩුම ප්‍රතිශතය සමගින් පරාජයට පත් විය. ජවිපෙට දැන් ස්වයං විවේචනයක් අවශ්‍යය. පරදිනා රනිල් වගේම අනුරත් පරදිනා කෑල්ල ඉස්සරහට දාගන්නට කිට්ටුය. මේ දේශපාලනය කියවාගන්නට ජවිපෙ කොනක ඉඳන් පටන් ගත යුතුය. මක්නිසාද ගත් ජවිපෙ මේ රටට අවශ්‍යමය.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

ජනපති ‌ගෝඨා සරම අඳී

Next Post

සංගාගේ බිරිය ගැන අමුතු කතාවක් එළියට එයි

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.